Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

15th February 2021 15:22:38 Hours

‘හර්මටාන් -3’ ක්ෂේත්‍ර පුහුණු අභ්‍යාසයේ 4 වන අදියර කන්දකාඩු ප්‍රදේශයේදී නිමාවට

එක්සත් ජාතීන්ගේ සාම සාධක රාජකාරි යටතේ මාලි රාජ්‍යයේ ප්‍රවාහන රාජකාරි සඳහා පිටත්ව යන භටපිරිස් වෙත ප්‍රායෝගික පුහුණුව ලබාදීමේ අරමුණින් පවත්වනු ලබන ‘හර්මටාන් -3’ ක්ෂේත්‍ර පුහුණු අභ්‍යාසයේ හතරවන අදියරය නිමා කරමින් කන්දකාඩු ප්‍රදේශය වෙත භටපිරිස් සදුදා (15) දින සන්ධ්‍යාව වන විට ලගාවූහ. ඒ අනුව, ‘හර්මටාන් -3’ ක්ෂේත්‍ර පුහුණු අභ්‍යාසයේ අවසන් අදියර අඟහරුවාදා (16) දින කන්දකාඩු ප්‍රදේශයෙන් ආරම්භ කර කිලෝමීටර් 387 ක දුරක් ගෙවා මින්නේරිය පාබල පුහුණු මධ්‍යස්ථානයෙන් අවසන් කිරීමට නියමිතව ඇත.

එක්සත් ජාතීන්ගේ සාමසාධක රාජකාරි යටතේ මාලි රාජ්‍යයේ ගාවෝ ප්‍රදේශයේ දී සිදුකිරීම‌ට නියමිත අත්‍යවශ්‍ය භාණ්ඩ ප්‍රවාහනය කරන වාහන රැලි සඳහා ආරක්‍ෂාව සැපයීමේ ප්‍රවාහන රාජකාරි සඳහා පිටත්ව යාමට නියමිත නිලධාරින් 20 දෙනෙකු සහ සෙසුනිලයන් 223 දෙනෙකු වෙත ප්‍රායෝගික පුහුණුවක් ලබාදීමේ අරමුණින් යාපනය මයිලඩි ප්‍රදේශයෙන් ඉකුත් සිකුරාදා (12) දින ආරම්භ වූ මෙම ක්ෂේත්‍ර අභ්‍යාසයේදී යුද්ධ හමුදා භටපිරිස් විවිධ දුෂ්කරතා මධ්‍යයේ උපායශිලිව සිතියම් භාවිතා කරමින් සතුරු ඉලක්කයන් වෙත ලගාවෙමින් මෙම ප්‍රායෝගික පුහුණු අභ්‍යාසය සාර්ථකව සිදුකරනු ලබයි. මෙම ක්ෂේත්‍ර පුහුණු අභ්‍යාසයේදී 15 වන ඩ්‍රෝනා රෙජිමේන්තුවේ ඩ්‍රෝන තාක්‍ෂණය භාවිතා කිරීමද සුවිශේෂිත්වයකි.

ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා ගේ උපදෙස් මත යුද්ධ හමුදා මුලස්ථානයේ අධ්‍යක්‍ෂ ජෙනරල් ප්‍රධාන මාණ්ඩලික මේජර් ජෙනරල් ප්‍රියංක ප්‍රනාන්දු ගේ මඟපෙන්වීම යටතේ දින පහක් පුරා පැවැත්වෙන මෙම ක්ෂේත්‍ර පුහුණු අභ්‍යාසයේ සිව්වන දිනය අදයි. යාපනයේ සිට මින්නේරිය දක්වා කිලෝ මිටර් 457.2 ක දුරකින් සමන්විත වේ. පුහුණු අභ්‍යාසයේ රථ මයිලඩි, පේදුරුතුඩුව, නගර් කෝවිල්, වෙත්තලකේනි, පරන්තන් විශ්වමඩු, පුදුකුඩිඉරිප්පු, මුලතිව්, නයාරු, වැලිඔය, පදවිය, පුල්මුඩේ, තාවුල්වැව, ගෝමරන්කඩවල, ත්‍රිකුණාමලය, කින්නියා, මූතූර් සේරුනුවර, කන්දකාඩු, පුලතිසිගම, පොළොන්නරුව, ගිරිතලේ හරහා මින්නේරිය පාබල පුහුණු මධ්‍යස්ථාව දක්වා පැමිණීමට නියමිතය. අභ්‍යාසය සඳහා සන්නද්ධ රථ 06ක්, යුනි බෆල් රථ හයක්, භාණ්ඩ ප්‍රවාහන රථ 19 ක් ඇතුළුව යුද හමුදා රථ 47 ක් යොදා ගනු ලැබේ.

මෙම ක්ෂේත්‍ර පුහුණු අභ්‍යාසය ගජබා රෙජිමේන්තුවේ මූලිකත්වය යටතේ සන්නාහ සන්නද්ධ බලකාය, ඉංජිනේරු රෙජිමේන්තුව , සංඥා බලකාය, යාන්ත්‍රික පාබල රෙජිමේන්තුව, ඉංජිනේරු සේවා බලකාය, යුද හමුදා සේවා බලකාය, යුද හමුදා වෛද්‍ය බලකාය, යුධෝපකරණ බලකාය, විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු බලකාය, පොලිස් හේවා බලකාය, යුද හමුදා පොදු සේවා බලකාය නියෝජනයවන පරිදි නිලධාරීන් 20 ක් සහ සෙසු නිලයින් 223ක් සහභාගී වෙයි.

මෙවර පැවැත්වෙන හර්මතාන් ක්ෂේත්‍ර පුහුණු අභ්‍යාසයේ අධ්‍යක්‍ෂ ලෙස මේජර් ජෙනරල් චම්පක රණවක කටයුතු කරන අතර, අභ්‍යාසයේ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ ලෙස මේජර් ජෙනරල් දීපාල් පුස්සැල්ල කටයුතු කරයි. latest jordans | Nike Off-White