Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

15th February 2021 16:22:38 Hours

අතිගරු ජනාධිපතිතුමා සහ ගරු අග්‍රාමාත්‍යතුමා විසින් 'දීඝවාපිය' ස්ථූපය ප්‍රතිසංස්කරණ කිරිම සඳහා අරමුදලක් ආරම්භ කරයි

නැගෙනහිර ප්‍රදේශයේ පිහිටා ඇති ඓතිහාසික 'දීඝවාපිය' මහා සෑය ප්‍රතිසංස්කරණය කිරිමේ අරමුදල පිහිටුවීමේ සමාරම්භක අවස්ථාව අද (12) දින උදෑසන කොළඹ ශ්‍රී සම්බෝධි විහාරයේ දී ආරම්භ විය. ආරක්ෂක ලේකම් සහ ජාතික ආරක්ෂක, ස්වදේශ කටයුතු හා ආපදා කළමනාකරණ අමාත්‍යාංශයේ සහ නැගෙනහිර පළාත් පුරාවිද්‍යා උරුම කළමනාකරණ ජනාධිපති කාර්ය සාධක බලකායේ සභාපති ජෙනරල් කමල් ගුණරත්න (විශ්‍රාමික) මහතාගේ ආරාධනයෙන් අතිගරු ජනාධිපතිතුමා සහ ගරු අග්‍රාමාත්‍යතුමා, භික්ෂූන් වහන්සේලා, ජනාධිපති උපදේශකයින්, ආණ්ඩුකාරවරුන්, අමාත්‍යවරුන්, රාජ්‍ය අමාත්‍යවරුන්, ලේකම්වරුන් රැසක් මෙන්ම මෙම ප්‍රතිසංස්කරණ ව්‍යාපෘතිය සම්බන්ධව කටයුතු කරනු ලබන ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා සමගින් ත්‍රිවිධ හමුදා නිලධාරීන් සහ තාක්‍ෂණික විශේෂඥ නියෝජිත කණ්ඩායමක් ද මේ සඳහා සහභාගී වූහ.

ආගමික වතාවත්වලින් අනතුරුව වසර ගණනාවක් මුලුල්ලේ ප්‍රතිසංස්කරණයකින් තොරව පැවතුන ශ්‍රී ලංකාවේ ඓතිහාසික සොලොස් මස්ථානයන්ගෙන් එක් ආගමික ස්ථානයක් වන 'දීඝවාපිය' ස්ථූපය පිළිබඳ සකසන ලද වීඩියෝ පටයක් මෙහිදි ප්‍රදර්ශණය කෙරිණි. ඉන් අනතුරුව ජෙනරල් කමල් ගුණරත්න (විශ්‍රාමික) මහතා විසින් පිළිගැනීමේ කථාව සිදු කරනු ලැබු අතර එහිදි මෙම අරමුදල් රැස්කිරිමේ වැදගත්කම හා එහි මුඛ්‍ය පරමාර්ථය පිළිබඳ අදහස් ප්‍රකාශකරන ලදී.

මෙම අරමුදල් රැස්කිරිමේ වැඩසටහන ආරම්භ කිරීම සනිටුහන් කරමින් 'බෞද්ධයා' රූපවාහිනි නාලිකාවේ සභාපති පූජ්‍ය බොරලන්දේ වජරඥාන හිමියන් සහ ලංකා බැංකුවේ සභාපති කාංචන රත්වත්තේ මහතා සහ ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා විසින් ඒ සඳහා පළමු මුදල් චෙක්පත් කිහිපය අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත පිළිගැන්වූහ.

ඉන් අනතුරුව, අතිගරු ජනාධිපතිතුමන් විසින් මෙම අරමුදල සවිබලගැන්වීම් සඳහා සකස් කරන ලද දීඝවාපිය නිල වෙබ් අඩවියෙහි ( www.deegwapiya.lk) ආරම්භය නිල වශයෙන් සනිටුහන් කරන ලදී. එම අවස්ථාවේදී දීඝවාපි විහාරස්ථානයේ විහාරාධිපති පූජ්‍ය මහඔය සෝභිත හිමියන්ගේ ආරාධනයෙන් අස්ගිරි පාර්ෂව අනුනායක අතිපූජ්‍ය වෙඩරුවේ උපාලි හිමියන් විසින් අනුශාසනාවක් සිදු කරන ලදී. එමෙන්ම අස්ගිරි නිකායේ ලේඛකාධිකාරි අතිපූජ්‍ය මැදගම ධම්මානන්ද හිමි පුූජ්‍ය මහාචාර්ය මැදගොඩ අභය තිස්ස නායක හිමි ඇතුළු භික්‍ෂූන් වහන්සේලා රැසක් ද එක්ව සිටියහ.

“දීඝවාපිය” ස්ථූපයේ ප්‍රතිසංස්කරණය කිරීම සඳහා වූ ජනාධිපති කාර්ය සාධක බලකායේ ලේකම් ජීවන්ති සේනානායක මහත්මිය විසින් ස්තූති කථාව පවත්වන ලද අතර, පසුව භික්ෂූන් වහන්සේලා විසින් මෙම වැඩසටහන සඳහා සහ රැස්ව සිටි පිරිසට ආශිර්වාද පතා සෙත් පිරිත් සජ්ඣායනා කළහ.

ජනාධිපති ප්‍රධාන උපදේශක ලලිත් වීරතුංග මහතා, නැගෙනහිර පළාතේ ආණ්ඩුකාර අනුරාධා යහම්පත් මහත්මිය, මහජන ආරක්‍ෂාව පිළිබඳ අමාත්‍ය සරත් වීරසේකර, ජාතික උරුම හා ප්‍රසාංගික කලා අමාත්‍ය ගරු විදුර වික්‍රමනායක මැතිතුමන්, අග්‍රාමාත්‍ය ලේකම්, බෞද්ධ කටයුතු අමාත්‍යංශයේ ලේකම් කපිල ගුණවර්ධන මහතා, ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී, යුද්ධ හමුදාධිපති සහ කොවිඩ්-19 පැතිරීම වැළැක්විමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථාන ප්‍රධානී ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා, නාවික හමුදාධිපති, ගුවන් හමුදාධිපති, පොලිස්පති, සිවිල් ආරක්‍ෂක දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂ ජෙනරල් සහ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරල් අරුණ මනතුංග ආදී මහත්ම මහත්මීන් රැසක් මෙම සමාරම්භක අවස්ථාව සඳහා සහභාගී වූහ. latest Nike release | balerínky