Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

13th February 2021 21:15:20 Hours

ක්ෂේත්‍ර පුහුණු අභ්‍යාසයේ ප්‍රථම දිනය නිමාකරමින් භටපිරිස් නායාරු ප්‍රදේශය වෙත ලගාවෙයි

එක්සත් ජාතීන්ගේ සාම සාධක රාජකාරි යටතේ මාලි රාජ්‍යයේ ප්‍රවාහන රාජකාරි සඳහා පිටත්ව යන භට පිරිස් වෙත ප්‍රායෝගික පුහුණුව ලබාදීමේ ක්ෂේත්‍ර පුහුණු අභ්‍යාසය යාපනය අර්ධද්වීපයේ මයිලඩි සිට ඉකුත් සිකුරුදා (12) දින ආරම්භ වූ අතර, එහි ප්‍රථම දිනය නිමා කරමින් කිලෝමීටර් 158 ක දුරක් ගෙවා නායාරු ප්‍රදේශය වෙත භටපිරිස් සෙනසුරාදා (13) දින දහවල් වන විට ලගා වී තිබිණි. ඒ අනුව ඉරිදා (14) දින ආරම්භ කිරීමට නියමිත ක්ෂේත්‍ර පුහුණු අභ්‍යාසයේ තෙවැනි දිනය තුළ යුද්ධ හමුදා භටපිරිස් තාවුල් වැව ප්‍රදේශය වෙත ලගාවීමට නියමිතව ඇත.

මෙම ක්ෂේත්‍ර පුහුණු අභ්‍යාසය ගජබා රෙජිමේන්තුවේ මූලිකත්වය යටතේ සන්නාහ සන්නද්ධ බලකාය, ඉංජිනේරු රෙජිමේන්තුව , සංඥා බලකාය, යාන්ත්‍රික පාබල රෙජිමේන්තුව, ඉංජිනේරු සේවා බලකාය, යුද හමුදා සේවා බලකාය, යුද හමුදා වෛද්‍ය බලකාය, යුධෝපකරණ බලකාය, විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු බලකාය, පොලිස් හේවා බලකාය, යුද හමුදා පොදු සේවා බලකාය නියෝජනයවන පරිදි නිලධාරීන් 20 ක් සහ සෙසු නිලයින් 223ක් සහභාගී වෙයි.

ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා ගේ උපදෙස් මත යුද්ධ හමුදා මුලස්ථානයේ අධ්‍යක්‍ෂ ජෙනරල් ප්‍රධාන මාණ්ඩලික මේජර් ජෙනරල් ප්‍රියංක ප්‍රනාන්දු ගේ මඟපෙන්වීම යටතේ දින පහක් පුරා පැවැත්වෙන මෙම ක්ෂේත්‍ර පුහුණු අභ්‍යාසය යාපනයේ සිට මින්නේරිය දක්වා කිලෝ මිටර් 457.2 ක දුරකින් සමන්විත වේ. පුහුණු අභ්‍යාසයේ රථ මයිලඩි, පේදුරුතුඩුව, නගර් කෝවිල්, වෙත්තලකේනි, පරන්තන් විශ්වමඩු, පුදුකුඩිඉරිප්පු, මුලතිව්, නයාරු, වැලිඔය, පදවිය, පුල්මුඩේ, තාවුල්වැව, ගෝමරන්කඩවල, ත්‍රිකුණාමලය, කින්නියා, මූතූර් සේරුනුවර, කන්දකාඩු, පුලතිසිගම, පොළොන්නරුව, ගිරිතලේ හරහා මින්නේරිය පාබල පුහුණු මධ්‍යස්ථාව දක්වා පැමිණීමට නියමිතය. අභ්‍යාසය සඳහා සන්නද්ධ රථ 06ක්, යුනි බෆල් රථ හයක්, භාණ්ඩ ප්‍රවාහන රථ 19 ක් ඇතුළුව යුද හමුදා රථ 47 ක් යොදා ගනු ලැබේ. best Running shoes | Women's Nike Air Max 270 React trainers - Latest Releases , youth boys nike sunray sandals clearance outlet