Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

11th February 2021 22:08:46 Hours

කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ නව විද්වත් මඩුල්ලක් ඔවුන්ගේ සොයාගැනීම් හා ඉදිරි උපාය මාර්ග ඉදිරිපත් කරයි

කොවිඩ්-19 වෛරසය දිවයිනපුරා පැතිරයාම වැළැක්වීම සඳහා ගතයුතු උපායමාර්ගික ප්‍රවේශයන් පිළිබඳ සාකච්ඡා කිරිමේ තවත් විශේෂ සාකච්ඡාවක් අද (11) දින අමාත්‍ය ආචාර්ය සුදර්ශනී ප්‍රනාන්දු පුල්ලේ මැතිණිය, සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් මේජර් ජෙනරාල් සංජය මුනසිංහ, කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානි, ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා සහ සෞඛ්‍ය අධ්‍යක්‍ෂ ජෙනරාල් වෛද්‍ය අසේල ගුණරත්න ගේ සහභාගීත්වයෙන් කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේදී පැවැත්විණි.

මීට දින කිහිපයකට පෙර ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා විසින් පත්කරන ලදී විශේෂ විද්වත් මණ්ඩල කමිටුව විසින් නිකුත් කරන ලද අතුරු වාර්ථාව ඉදිරිපත් කරන ලද අතර, ශ්‍රී ලංකාවේ වර්තමාන කොවිඩ්-19 වැළැක්වීමේ උපායමාර්ග සම්බන්ධයෙන් අද පැවති සාකච්ඡාවේදී සමාලෝචනය කරන ලදී.

මෙම සමාලෝචන ක්‍රියාවලිය මගින් මෙතෙක් සිදු කරන ලද නිරීක්‍ෂණ හා නිර්දේශවලට අනුව දැනට ක්‍රියාත්මක කරන සමස්ථ උපාය මාර්ග වැඩිදියුණු කිරීම, ජාතික මට්ටමේ සම්න්ධීකරණ වැඩසටහන්, සැලසුම් කිරීම හා අධීක්‍ෂණය එකාබද්ධව තීරණ ගැනීමේ ක්‍රියාවලිය, තොරතුරු හා දත්ත කළමනාකරණය පිළිබද සාකච්ඡා කරන ලදී.

එමෙන්ම කමිටු වාර්ථාව කේන්ද්‍ර කරගනිමින් අදහස් බෙදාගැනීම, සන්නිවේදනය, පරීක්‍ෂණ ක්‍රම උපාය සහ සායන කළමනාකරණය සහ වාර්තමාන එන්නත් ක්‍රියාවලිය පිළිබද සාකච්ඡා කරන ලදී. මීට අමතරව රෝහල්වල ඇති ඉඩ ප්‍රමාණය පිළිබද අවධානය යොමුකරන ලදී.

කොවිඩ්-19 මර්ධනයට අදාලව පලාත් සහ දිස්ත්‍රික්ක මට්ටමින් පත් කල අධ්‍යක්‍ෂවරුන්ගේ නියෝජිතයන් ඔවුන්ගේ තාක්‍ෂණික ප්‍රධානීන්, සෞඛ්‍ය අමාත්‍යාශයේ විෂය භාර උපදේශකයින් ගෙන් සමන්විත විද්වත් කමිටුව පුළුල් ලෙස මේ පිළිබදව සාකච්ඡා කරන ලදී. වැඩසටහනේ යෝජිත වෙනස්කම් සහ උපායමාර්ග පිළිබඳ මූලික කරුණු හතරක් මත පදනම් වී ඇත. මනා සම්බන්ධීකරණයක් සහිත කාර්යක්ෂම වසංගත පාලනයක් සඳහා ඒකාබද්ධ තීරණ ගැනීමේ යාන්ත්‍රණයක් සහ ඒකාබද්ධ මෙහෙයුම් සම්බන්ධීකරණයක් විනිවිද භාවයකින් යුතුව ස්ථාපිත කළ යුතු බවත් අභ්‍යන්තර කාර්ය මණ්ඩලය අවම වෛරසය පැතිරීම වැළැක්වීමේ ක්‍රියාමාර්ග අනුගමන කරමින් සාමාන්‍ය ජීවිත රටාවකට අනුව කොවිඩ්-19 වැළැක්වීමේ ක්‍රියාවලියට දායක වීම සිදුවිය යුතු බව වැඩිදුරටත් සාකච්ඡා කරන ලදී.

වසංගත පාලනය කිරීමේ උපාය මාර්ගයන් ලෙස පරික්ෂණ කිරීම, ස්ථානීය දත්ත විශ්ලේෂණය, ගෝලිය දත්ත විශ්ලේෂණය මත පදනම්ව ආශ්‍රිතයින් සොයා ගැනීම හුදකලා කිරීම නිරෝධායනය අතරමැදි සත්කාර හා පුළුල් සායනික සත්කාර පිළිබද තිරණ යුහුසුළුව සිදු කල යුතුයි.

පාලන හා කලමනාකරණ ක්‍රමෝපායන් මගින් සෑමවිටම සලකා බැලිය යුත්තේ හැකි තරම් සීමාසිහිත සම්පත් උපයෝගි කරගෙන වසංගත තත්ත්වයට මුහුණදීම සඳහා ක්‍රියාත්මක විය යුතු ආකාරය බවද එහිදි නිර්දේශ විය.

කොවිඩ්-19 සම්බන්ධයෙන් විශේෂ උපදේශක සහ ප්‍රවීණ සෞඛ්‍ය විශේඥ වෛද්‍ය පාලිත අබේකෝන් මහතාගෙන් සමන්විත මෙම විද්වත් කමිටුවට එක්සත් රාජධානියේ මනෝ විද්‍යා වෛද්‍ය පිඨයේ සහ කීලෝ විශ්වවිද්‍යාලයේ මහාචාර්ය වෛද්‍ය නිහාල් අබේසිංහ, ශ්‍රී ලංකා ප්‍රජා වෛද්‍ය විද්‍යාලයේ සභාපති වෛද්‍ය ආනන්ද අබේවික්‍රම, ශ්‍රි ලංකා වෛද්‍ය විද්‍යාලයේ සභාපති මනුජ් වීරසීංහ, මහාචර්ය ප්‍රජා වෛද්‍ය පීඨය කොළඹ, විශ්වවිද්‍යාලයේ ආචාර්ය ශිරාන් චන්ද්‍රසිරි, ක්‍ෂුද්‍ර ජීව විද්‍යා හා අනුක වෛද්‍ය පීඨයේ මහාචාර්ය නිලිකා මල්වීගේ, රජරට විශ්වවිද්‍යාලයේ ජ්‍රජා වෛද්‍ය පීඨයේ වෛද්‍ය මහාචාර්ය සුනත් අංගම්පොඩි සහ ප්‍රජා යුද්ධ හමුදා නිවාරණ වෛද්‍ය විද්‍යා සහ මානසික සෞඛ්‍ය සේවා නියෝජ්‍ය අධ්‍යක්‍ෂ වෛද්‍ය සවීන් සේමගේ යන අයවළුන්ගෙන් මෙම විද්වත් කමිටුව සමන්විත විය.

ජාතික මට්ටමේ සම්බන්ධීකරණ සැලසුම් කිරීම සහ අධීක්ෂණය, තොරතුරු හා දත්ත කළමනාකරණය සහ බෙදාගැනීම, සුපරීක්‍ෂණය, ක්‍ෂණික ප්‍රතිචාර කණ්ඩායම්, සායනික කළමනාකරණය, සන්නිවේදනය, එන්නත් කිරීම පදිංචි ස්ථානයන්හී සංචරණය හා කර්යමණ්ඩල සේවයේහී යෙදවීම මනා සෞඛ්‍ය හා සමස්ත ජනගහනයේ යහපැවැත්ම අපකීර්තිය, නැවත මෙරටට ගෙන්වාගැනීමේ උපාය මාර්ග සහ අධ්‍යාපන අංශයේ ගැටළු, සංචාරක කර්මාන්තයට ඇති බලපෑම් පිළිබඳව මෙහිදි දීර්ඝ ලෙස සාකච්ඡා කරන ලදී.

මෙම ස්වාධීන විධායක කමිටුව 2021 ජනවාරි මස 25 දිනැති ලිපියට අනුව කොවිඩ්-19 පැතිරීම වැලැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය මගින් කමිටු කරන ලද අතර දැනට පවතින ව්‍යවසනකාරි උපාය මාර්ග නැවත සමාලෝචනය කර වර්තමාන තත්ත්වය අනුව අඩුපාඩුකම් පිළිබද සොයාබැලිමටත් ඒ සදහා නිර්දේශ සකස් කිරීමටත් ඔවුන්ට පවරා ඇත. affiliate tracking url | Nike Shoes, Sneakers & Accessories