Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

09th February 2021 23:29:31 Hours

කොවිඩ්-19 වෛරසය පැතිරීම වැළැක්වීම සඳහා අඛණ්ඩව ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳ කොවිඩ්-19 පැතිරීම වැළැක්වීම පිළිබඳ කාර්ය සාධක බලකාය සාකච්ඡා කරයි

කොවිඩ්-19 වෛරසය දිවයිනපුරා පැතිරයාම වැළැක්වීම සඳහා ගතයුතු උපායමාර්ගික ප්‍රවේශයන් පිළිබඳ සාකච්ඡා කිරිමේ තවත් විශේෂ සාකච්ඡාවක් අද (09) දින කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානි, ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා ගේ ප්‍රධානත්වයෙන් කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේදී පැවැත්විණි. එම අවස්ථාව සඳහා සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජෙනරල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා ඇතුළු වෛද්‍යවරුන් සහ අනෙකුත් පාර්ශවකරුවන් සහභාගී වූහ.

මෙම සාකච්ඡාවේදී, කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්කයන්හී හුදකලා කර තිබු ප්‍රදේශයන් එම හුදකලාභාවයෙන් ඉවත් කීරීම සම්බන්ධයෙන් සහ මහියංගනය සහ රිදිමාලියද්ද ඇඟලුම් කර්මාන්ත ශාලාවලින් හමු වූ නව කොරෝනා ආසාදිතයින් පිළිබඳව විශේෂ අවධානයක් යොමු කරමින් සාකච්ඡා කෙරිණි.

“අවශ්‍ය අංශයන් සංශෝධනය කිරීම සඳහා විශේෂඥයින් සමඟ නව කමිටුවක් පත් කර ඇතත්, කොවිඩ්-19 වෛරසය දිවයිනපුරා පැතිරයාම වැළැක්වීම වෙනුවෙන් ගතයුතු උපායමාර්ගික ක්‍රමවේදයන් පෙර මෙන් විශාල වෙනසක් නොමැතිව පවතින බව හා එය දැඩි විමර්ශණයකින් යුතුව අනුගමනය කළ යුතු බව” යුද්ධ හමුදාධිපතිතුමන් පැවසීය.

විදේශීය ශ්‍රමිකයින් මෙරටට ගෙන්වා ගැනීමේ ක්‍රියාවලිය පිළිබඳව ද මෙහිදි කාර්ය සාධක බලකාය සාකච්ඡා කළේය. එහිදි විදේශගත ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් 583 දෙනෙකු අද දින අලුයම මෙරටට පැමිණ ඇති බවත් තවත් පිරිසක් මෙරටට පැමිණෙනු ඇතැයි අපේක්ෂා කරන බවත් යුද්ධ හමුදාධිපතිතුමන් ප්‍රකාශ කළේය. තවද සංචාරක අංශය නගාසිටුවීම පිළිබඳව ගතයුතු ඉදිරි ක්‍රියාමාර්ගයන් පිළිබදව සහ අනාගතයේ දී සංචාරක ක්‍ෂේත්‍රය සැලසුම් සහගතව ඉදිරියට ගෙන යාමට ඇති හැකියාව පිළිබදව ද මෙහිදී සාකච්ඡාවට බදුන්විය.

ඉන් අනතුරුව අදහස් දැක් වූ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්තුමන්, මහියංගනය සහ රිදිමාලියද්ද යන ප්‍රදේශවලින් වාර්තා වූ නව ආසාදිතයින් සහ රටේ වර්තමාන කොවිඩ් තත්ත්වය පිළිබඳව සවිස්තරාත්මකව කරුණු පැහැදිලි කළේය. තවද, ගත වූ පැය 24 තුළ දිවයින පුරා පිහිටි බන්ධනාගාර තුළින් ආසාදිතයන් 19 දෙනෙකු වාර්තා වී ඇති බවත් කොළඹ දිස්ත්‍රික්කයේ ආසාදිතයින්ගේ යම් අඩුවීමක් දක්නට ලැබෙන නමුත් බදුල්ල දිස්ත්‍රික්කයේ ආසාදිතයින් වැඩිවීම පිළිබඳ සැලකිලිමත් විය යුතු කරුණක් බවත් එතුමන් සඳහන් කළේය.

තවද, “එම ප්‍රදේශවල තවදුරටත් හදිසි අවස්ථාවන්ට මුහුණදීම සඳහා අවශ්‍ය ගිලන්රථ සහ බදුල්ල දිස්ත්‍රික්කයේ ආසාදිතයන් වැඩීවීමක් දක්නට ලැබෙන ප්‍රදේශවල හදිසි ප්‍රතිකාර ලබාදීමට අවශ්‍ය පහසුකම් සූදානම් කර ඇත. මේ දක්වා පුද්ගලයන් 167, 000 ක් වෙත එන්නත් ලබා දී ඇති අතර හෙට දිනය ඇතුළත සෞඛ්‍ය කාර්ය මණ්ඩලයට එන්නත් ලබාදීම අවසන් කරනු ඇතැයි අපේක්ෂා කෙරේ. තවද, රුපියල් මිලියන 18 ක් වටිනා එන්නත් තොගයක් ඉන්දියාවෙන් සහ සිංගප්පූරුවෙන් මෙරටට ලැබෙනු ඇතැයි අපේක්ෂා කෙරේ. එහෙත්, පවතින තත්ත්වය මත දෛනිකව PCR පරීක්ෂණ පැවැත්වීම අත්‍යවශ්‍ය වේ.” යනුවෙන්ද සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්තුමන් පැවසීය.

දිවයිනේ සමස්ත ආසාදිතයන්ගෙන් 71% ක් බස්නාහිර පළාතෙන් වාර්තා වී ඇති බවත්, ඉතිරි ආසාදියන් අනෙකුත් සෙසු දිස්ත්‍රික්කවලින් වාර්තා වී ඇත. ඒ අනුව මේ වනවිට සිදුකරනු ලබන ක්‍රියාමර්ගයන්හී කිසිදු වෙනස් සිදු කිරීමට අවශ්‍ය නොවන බවත්, සාමාන්‍ය පරිදි සෞඛ්‍ය පුරුදු ඉදිරියටත් සිදු කරගෙන යන ලෙසත් මහජනතාවගෙන් ඉල්ලා සිටින බව ද සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජෙනරාල්තුමන් මෙහිදී පැවසීය. තවද, මහියංගනය ප්‍රදේශයේ පොලිස් කොට්ඨාශ 3 ක පදිංචිකරුවන්ට මහජන ලිපින ක්‍රමය හරහා වෛරසය පැතිරීම පිළිබඳව දැනුවත් කරන බවද හෙතෙම පැවසීය. bridgemedia | adidas NMD Human Race