Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

05th February 2021 19:56:59 Hours

‘Aero-India’ වෙරළ ආරක්‍ෂක සම්මේලනයේ මෙරට සමාරම්භක උත්සවයට ආරක්‍ෂක ලේකම් සහ යුද්ධ හමුදාධිපතිතුමන් එක්වෙයි

පෙබරවාරි මස 3 සිට 5 දින දක්වා බැංගලෝර්හිදී පැවති ඉන්දියානු සාගර කලාපයේ ආරක්‍ෂක අමාත්‍යවරුන්ගේ කතිකාවත, ගුවන් සමුළුව සහ ඉන්දියානු සාගර කලාපයේ නාවික සම්මන්ත්‍රණයට සමගාමීව ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලය විසින් ශ්‍රී ලංකාවේ සංවිධානය කරන ලද ඉන්දියානු සාගර කලාපයේ වෙරළාරක්‍ෂක සම්මන්ත්‍රණය පසුගිය (5) දින උදෑසන කොළඹදී ටජ් සමුද්‍රා හෝටලයේදී පැවැත්විණි.

13 වන 'Aero-India' සම්මන්ත්‍රණයේ කොටසක් ලෙස ඉන්දියන් සාගර කලාපීය වෙරළාරක්‍ෂක සම්මන්ත්‍රණය ශ්‍රී ලංකාවේ ආරම්භ කිරීමෙන් ශ්‍රී ලංකා ආරක්‍ෂක හමුදාවන්ට අති නවීන ආරක්‍ෂක උපකරණ ලෝකයාට පළමු වරට ප්‍රදර්ශණය කිරීම සඳහා අවස්ථාවක් උදාවේ. සම්මන්ත්‍රණයේ සමාරම්භක උළෙලේ ප්‍රධාන ආරාධිතයින් ලෙස ශ්‍රී ලංකාවේ ඉන්දීය මහා කොමසාරිස් ගෝපාල් බග්ලේ (Gopal Baglay) ගේ ආරාධනය මත ආරක්‍ෂක ලේකම් ජෙනරල් (විශ්‍රාමික) කමල් ගුණරත්න සහ ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා සහභාගී වූහ.

ස්වර්ණමය අවස්ථා රැසකට මංමාවත්' තේමාව යටතේ වීඩියෝ විකාශන සැසියක් ලෙස පැවැති මෙම අවස්ථාව ශ්‍රී ලංකා ආරක්‍ෂක අංශ සාමාජිකයින්ට සහ දේශීය කර්මාන්තයට ඉන්දීය ආරක්‍ෂක කර්මාන්ත නියෝජිතයන් සමඟ අන්තර් සබඳතා පැවැත්වීමත්, ඉන්දියාවේ වේගයෙන් වර්ධනය වන ආරක්ෂක කර්මාන්තය සහ එහි නව සොයාගැනීම් පිළිබඳ තොරතුරු ලබා ගැනීමටත් මෙය මහඟු අවස්ථාවක් විය. බැංගලෝර් සැසිවාරය පැවැත්වීමට පෙර සමාරම්භක උත්සවයේ පිළිගැනීමේ දේශනය ඉන්දියානු මහ කොමසාරිස් ගෝපාල් බග්ලේ (Gopal Baglay) විසින් සිදුකරන ලදී. ඉන්දියන් සාගර කලාපයේ සියලුම රටවල ආරක්‍ෂාව සහ සංවර්ධනය පිළිබඳ දැක්ම තවදුරටත් ශක්තිමත් කරන ඉන්දු - ශ්‍රී ලංකා මිත්‍රත්වය සහ සහයෝගීතාවය විදහා දැක්වීම මෙහි අරමුණයි.

ආරක්‍ෂක ලේකම් (විශ්‍රාමික) ජෙනරල් කමල් ගුණරත්න මෙම සැසිවාරය අමතමින් ශ්‍රී ලංකාවට දකුණින් දිවෙන වෙළඳාමේ මුහුදු මාර්ග ඇතුළු වැදගත් සන්නිවේදන මුහුදු මාර්ග ගණනාවක් තිබීම හේතුවෙන් ශ්‍රී ලංකාව ඉන්දියානු සාගර කලාපයේ භූගෝලීය වැදගත්කම සියලු කටයුතුවලට කැපී පෙනෙන බව පෙන්වා දුන්නේය. සුවිශේෂී ආර්ථික කලාපයේ භූමි ප්‍රමාණයට වඩා 27 ගුණයක් සහ නාවික සැතපුම් 200 ක භූමි ප්‍රමාණයක ගලවාගැනීමේ සහ මුදාගැනීමේ මෙහෙයුම් සිදුකිරීමේ වගකීම ශ්‍රී ලංකාවට පැවරී ඇත. වර්තමානයේ සමුද්‍රීය පරිසරය, ශ්‍රී ලංකා වෙරළාරක්‍ෂක දෙපාර්තමේන්තුවේ විශාල දායකත්වයක් ඉල්ලා සිටින අතර, වගකීම් දරණ පාර්ශව ඒ පිළිබඳ අවධානය යොමුකළ යුතු බව හෙතෙම අවධාරණය කළේය. ඉන්දියානු සාගර කලාපයේ ආරක්‍ෂාව, ආරක්‍ෂිත සහ පිරිසිදු සාගරයක් සඳහා සහයෝගිතා ප්‍රවේශය යන තේමාව යටතේ කොළඹ වෙරළාරක්‍ෂක සමුළුව පැවැත්විණි.

මෙහිදී, ඉන්දියානු මහ කොමසාරිස් ගෝපාල් බග්ලේ (Gopal Baglay ) විසින් සැසිවාරය අමතමින් මෙම අවස්ථාවට සහභාගී වීම සබැඳිව ආරක්‍ෂක ලේකම් ජෙනරල් (විශ්‍රාමික) කමල් ගුණරත්න සහ ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද්ධ හමුදාධිපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා වෙත සිය කෘතඥතාවය පුදකළ අතර ඔවුන් වෙත සමරු තිළිණ ද ප්‍රදානය කරනු ලැබිණි.

මෙම අවස්ථාව සඳහා ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයේ තානාපති, ආරක්‍ෂක උපදේශකයින් සහ ඉහළ පෙළ රාජ්‍ය නිලධාරීන්, ආරක්‍ෂක කර්මාන්ත නියෝජිතයින්, ත්‍රිවිධ හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරින් සහ ආරාධිතයින් රැසකගේ සහභාගිත්වයෙන් පැවැති මෙම සමුළුව සෞඛ්‍ය මාර්ගෝපදේශවලට අනුකූලව පැවැත්විණි. Sports brands | Patike – Nike Air Jordan, Premium, Retro Klasici, Sneakers , Iicf