Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

06th February 2021 04:52:40 Hours

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවෙන් යුද්ධ හමුදාවට නව ඉන්ධන පොම්ප පරිත්‍යාග කෙරේ

ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ කාර්යභාරය අගය කරමින් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් ඉන්ධන බෙදාහැරීමේ ඒකක 10 ක් (ද්විත්ව පොම්ප ඉන්දන ඒකක 05 ක් සහ තනි පොම්ප ඉන්ධන ඒකක 5 ක්) ඉකුත් සිකුරාදා (05) දින යුද්ධ හමුදාව වෙත පරිත්‍යාග කරන ලදී. දිවයින පුරා ඇති යුද්ධ හමුදා ඉන්ධන පිරවුම්හල් තුළ දැනට පවතින පැරණි ඉන්ධන බෙදාහැරීමේ ඒකක වෙනුවට මෙලෙස පරිත්‍යාග කරන ලද නව ඉන්ධන බෙදාහැරීමේ ඒකක ස්ථාපිත කිරීමට නියමිතය.

ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා ලබාදුන් උපදෙස් මත යුද්ධ හමුදා මූලස්ථානයේ සැපයුම් හා ප්‍රවාහන අධ්‍යක්‍ෂ බ්‍රිගේඩියර් හිරෝෂ වනිගසේකර විසින් කරන ලද ඉල්ලීමකට අනුව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ ප්‍රධාන ගැණුම්කරුවෙකු වන ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ ප්‍රායෝගික අවශ්‍යතාවයන්ට වඩාත් ප්‍රමුඛත්වයක් ලබාදෙමින් දිවයින පුරා යුද්ධ හමුදා ඉන්ධන පිරවුම්හල් තුල ස්ථාපිත කිරීමට නව ඉන්ධන බෙදාහැරීමේ ඒකකය 10 ක් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ලබා දුන්නේය.

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති සුමිත් විජේසිංහ මහතා, කළමණාකාර අධ්‍යක්‍ෂ බුද්ධික මැදිහේවා මහතා, නියෝජ්‍ය කළමණාකාර (අලෙවි) ක්‍රිෂාන්ත වික්‍රමසිංහ මහතා සහ ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ අලෙවිකරණ කළමණාකරු ලක්‍ෂාන් අබේගුණවර්ධන මහතා බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ පිහිටි ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි කාර්යාලය වෙත පැමිණ සංකේතාත්මකව එක් ඉන්ධන පොම්පයක් ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා වෙත පරිත්‍යාග කෙරිණි.

ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි කාර්යාල පරිශ්‍රයේ පැවති මෙම හමුවේදී ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ පරිත්‍යාගය පිළිගත් යුද්ධ හමුදාධිපතිතුමන් ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාවේ කෘතවේදීත්වය වෙනුවෙන් සිය ස්තූතිය පුද කළේය.

මෙම අවස්ථාවට යුද්ධ හමුදා මුලස්ථානයේ උපකරණ මාස්ටර් ජෙනරල් මේජර් ජෙනරල් ජගත් කොඩිතුවක්කු සහ සැපයුම් හා ප්‍රවාහන අධ්‍යක්‍ෂ බ්‍රිගේඩියර් හිරෝෂ වනිගසූරිය සහභාගී වූහ. jordan release date | Nike Air Max 97 GS Easter Egg 921826-016 , Fitforhealth