Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

04th February 2021 11:43:34 Hours

73 වන ජාතික නිදහස් දිනය මහත් අභිමානයෙන් යුතුව උත්සවශ්‍රියෙන් සමරයි

‘ඉසුරුමත් හෙට දිනක් - සෞභාග්‍යමත් මව්බිමක්’ යන තේමාව පෙරදැරීව ශ්‍රී ලංකාවේ ස්වෛරීභාවය, භෞමික අඛණ්ඩතාව, ආර්ථික සංවර්ධනය, සංහිඳියාව සහ සාමකාමී සහජීවනය ශක්තිමත් කිරීම සඳහා වූ කැපවීම යළිත් තහවුරු කරමින් 73 වන ජාතික නිදහස් දින සැමරුම් උත්සවය අද (4) දින කොළඹ 7 පිහිටි ඓතිහාසික නිදහස් චතුරශ්‍රය අභිමුවදී මහත් අභිමානවත් අයුරින් හා උත්සවශ්‍රියෙන් පැවැත්විණි.

මෙවර ජාතික නිදහස් දින සැමරුම් උත්සවය සර්ව ආගමික පූජකවරුන්, සන්නද්ධ හමුදා සේනාධිනායක හා අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මැතිතුමන් සහ ජනාධිපති ආර්යා අයෝමා රාජපක්ෂ මැතිණිය, ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මැතිතුමන් සහ එතුමන්ගේ භාර්යාව වන ශිරාන්ති රාජපක්‍ෂ මැතිණිය, හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමන්, කථානායකතුමන්, අගවිනිසුරුතුමන්, විපක්‍ෂ නායකතුමන්, රාජ්‍ය ආරක්‍ෂක, ස්වදේශ කටයුතු හා ආපදා කළමනාකරණ රාජ්‍ය අමාත්‍යතුමන්, අද්මිරාල් ඔෆ් ද ෆිල්ට්, මාර්ෂල් ඔෆ් ද එයාර් ෆෝස්, බස්නාහිර පළාත් ආණ්ඩුකාරතුමන්, රාජ්‍ය ඇමතිවරුන්, අතිගරු ජනාධිපතිතුමන්ගේ ලේකම්, ගරු අග්‍රාමාත්‍යතුමන්ගේ ලේකම්, ආරක්‍ෂක අමාත්‍යාංශයේ ලේකම්, ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී මෙන්ම යුද්ධ හමුදාධිපතිතුමන්, නාවික හමුදාධිපතිතුමන්, ගුවන් හමුදාධිපතිතුමන්, පොලිස්පතිතුමන්, සිවිල් ආරක්‍ෂක දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂ ජනරාල්, රාජ්‍ය අමාත්‍යාංශවල ලේකම්වරුන්, ඇතුළු සම්භාවනීය ආරාධිත අමුත්තන් රැසකගේ සහභාගිත්වයෙන් අභිමානවත් සහ වර්ණවත් අයුරින් පැවැත්විය. එමෙන්ම, කොළඹ දිස්ත්‍රික් ලේකම්, අතිරේක ලේකම්වරු, තානාපතිවරුන්, ත්‍රිවිධ හමුදා නිලධාරීන් ඇතුළු තවත් සම්භාවනීය අමුත්තන් විශාල පිරිසක් ද මෙම අභිමානවත් සැමරුම් උත්සවයට සහභාගී වුහ.

ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකා පරිවාරක ධාපැදි ඛණ්ඩය පෙරටුකර ගනිමින් යුද්ධ හමුදා තූර්ය වාදන මධ්‍යයේ අතිගරු ජනාධිපතිතුමන් ජාතික නිදහස් දින සැමරුම් උත්සවය සඳහා නිදහස් චතුරස්‍රය වෙත සම්ප්‍රාප්ත වුයේය. ජාතික නිදහස් දින සැමරුම් උත්සවය අතිගරු ජනාධිපතිතුමන් සහ ජනාධිපති ආර්යා අයෝමා රාජපක්‍ෂ මහත්මියගේ සම්ප්‍රාප්තියත් සමඟින් ආරම්භ වූ අතර රාජ්‍ය ආරක්‍ෂක, ස්වදේශ කටයුතු හා ආපදා කළමනාකරණ රාජ්‍ය අමාත්‍ය ගරු චමල් රාජපක්‍ෂ මැතිතුමන්, බස්නාහිර පළාත් අණ්ඩුකාරතුමන් සහ ආරක්‍ෂක ලේකම් තුමන් විසින් 73 වන නිදහස් දින උත්සවයට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සපැමිණි අතිගරු ජනාධිපතිතුමන් සහ එම ආර්යාව මහත් හරසරින් යුතුව පිළිගන්නා ලදී.

ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා, නාවික හා ගුවන් හමුදාධිපතිවරු සහ පොලිස්පති විසින් අතිගරු ජනාධිපතිතුමන් ධජ එසවීමේ පිඨිකාව වෙත කැටුව ගියහ. මඟුල් බෙර වාදන සහ සක් පිඹීම මධ්‍යයේ එහිදි අතිගරු ජනාධිපතිතුමන් ජාතික ධජය එසවූ පසු බස්නාහිර පළාතෙන් තෝරාගන්නා ලද පාසල් සිසුවියන් 45 දෙනෙකු ජාතික ගීය ගයනා කළහ.

ඉන් අනතුරුව, මව්බිම සහ ජාතිය ආරක්‍ෂා කිරීමේ උදාර අරමුණ පෙරදැරීව රට වෙනුවෙන් දිවිපිදූ සියලු දේශප්‍රේමීන් සහ විරෝදාර රණවීරුවන් සිහිපත් කරමින් මිනිත්තු දෙකක නිෂ්ශබ්දතාවයක් පැවැත්වීය. පසුව පාසල් සිසුවියන් කණ්ඩායමක් විසින් ‘ජයමංගල ගාථා’ සහ ‘දේවෝ වස්සතු කාලේන’ ශ්ලෝකය ගායනා කරමින් අතිගරු ජනාධිපතිතුමන් වෙත ආශිර්වාද කළහ.

ඉන් අනතුරුව ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාලතුවක්කු රෙජිමේන්තුව විසින් චාරිත්‍රානුකූලව කාලතුවක්කු වෙඩි මුර 21 ක් ගුවනට මුසුකරමින් ත්‍රිවිධ හමුදා සම්මාන ආචාර පෙළපාලියේ ගෞරවය සේනාධිනායක අතිගරු ජනාධිපතිතුමා වෙත පුද කරනු ලැබීය.

මෙහිදී, ජාතිය ඇමතූ අතිගරු ජනාධිපතිතුමන්, වර්තමානයේ අප භුක්ති විඳිනු ලබන උත්තරීතර නිදහස සාක්‍ෂාත් කරගැනීම සඳහා උතුම් කැපකිරීමක් සිදු කළ සියලුම දෙනා වෙත සිය හෘදයාංගම කෘතඥතාවය පළ කරන බව ප්‍රකාශ කළේය. එමෙන්ම, ඉදිරියේ ඇති සියලු අභියෝගයන් ජයගැනීම වෙනුවෙන් එකම ජාතියක් ලෙස එක්ව එම අභියෝග ජයගැනීමට සියලුම දෙනා ඒකාබද්ධ වී කටයුතු කරන මෙන් ද එතුමන් ජාතිය ඇමතීමේදී වැඩිදුරටත් පැවසීය.

අතිගරු ජනාධිපතිතුමන් ජාතිය ඇමතීමෙන් අනතුරුව ත්‍රිවිධ හමුදා නිලධාරින්, සෙසු නිලයන්, පොලිස් සහ සිවිල් ආරක්‍ෂක බළකායේ සාමාජිකයින්ගෙන් සැදුම්ලත් වර්ණවත් පෙළපාලිය සඳහා අතිගරු ජනාධිපතිතුමන් වෙත යුද්ධ හමුදා සම්ප්‍රදායානුකූලව වාර්ථා කිරීම සිදුකරන ලදී. මෙම පෙළපාලියේ පෙළපාලි අණදෙන නිලධාරි ලෙස අධ්‍යක්‍ෂ ජෙනරල් ප්‍රධාන මාණ්ඩලික මේජර් ජෙනරාල් ප්‍රියංක ප්‍රනාන්දු කටයුතු කළේය.

පෙළපාලියට ත්‍රිවිධ හමුදා, පොලිස්, සිවිල් ආරක්‍ෂක දෙපාර්තමේන්තුව, පොලිස් විශේෂ කාර්ය බලකාය නියෝජනය කරමින් නිලධාරින් ඇතුළු සෙසු නිලයින් 5922 ක පිරිසක් සහභාගි වූහ. ත්‍රිවිධ හමුදාවේ, පොලිසියේ හා සිවිල් ආරක්‍ෂක බලකායේ නිර්තන කණ්ඩායම් සහ දිවයිනේ විවිධ ප්‍රදේශයන් නියෝජනය කළ සංස්කෘතික නර්තන කණ්ඩායම් විසින් ඉදිරිපත් කරන ලද නර්තන අංගයන් සහිත සංස්කෘතික පෙළපාලියෙන් නිදහස් දින සැමරුම වඩාත් විචිත්‍රවත් විය.

මහත් අභිමානවත් අයුරින් නිමාවට පත්වූ 73 වන ජාතික නිදහස් දින උත්සවය දැකබලා ගැනීම සඳහා ආගමික පූජකවරුන්, සම්භාවනීය අමුත්තන් විශාල පිරිසක් සහභාගී වූහ. jordan Sneakers | Air Jordan