Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

02nd February 2021 22:16:50 Hours

රාජ්‍ය ආරක්‍ෂක අමාත්‍යතුමන් සහ ලේකම්තුමන් නිදහස් දින පෙළපාලියෙහි පෙරහුරුව නිරීක්‍ෂණය කරයි

එළඹෙන 73 වන නිදහස් දින උත්සවයේ පෙරහුරු කටයුතු වාරිමාර්ග අමාත්‍ය හා අභ්‍යන්තර ආරක්‍ෂක, ස්වදේශ කටයුතු හා ආපදා කළමණාකරන රාජ්‍ය අමාත්‍ය ගරු චමල් රාජපක්‍ෂ සහ අභ්‍යන්තර ආරක්‍ෂක, ස්වදේශ කටයුතු හා ආපදා කළමණාකරන රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ජෙනරල් (විශ්‍රාමික) කමල් ගුණරත්න අඟහරුවාදා (02) දින උදෑසන නිදහස් චතුරශ්‍රයේදී නිරීක්‍ෂණය කරන ලදී. එම අවස්‍ථාවට සපැමිණි ගරු අමාත්‍යතුමන් සහ ආරක්‍ෂක ලේකම්තුමන්, ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා, නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න, ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් සුදර්ශණ පතිරණ, පොලිස්පති සී ඩී වික්‍රමරත්න ඇතුළු රාජ්‍ය ආයතන සාමාජිකයන් රැසක් විසින් පිළිගන්නා ලදි.

මෙම අවස්ථාවේදී, පෙළපාලිය සහ අනෙකුත් සම්බන්ධීකරණ කටයුතු වල සූදානම පිළිබඳ පිරීක්සූ ආරක්‍ෂක අමාත්‍යතුමන් සහ ආරක්‍ෂක ලේකම්තුමන් පෙළපාලිය සඳහා මේ වනවිට ඇති ආරක්‍ෂක සූදානම කෙබඳුද යන්න, රථවාහන සැලැස්ම හා ආරාධිතයන්ගේ පැමිණීම සිදුවන ආකාරය, සෞඛ්‍ය ආරක්‍ෂිත ක්‍රමවේදයන්හී භාවිතය මෙන්ම අසුන් පැනවීමේ ක්‍රමවේදය ආදී ප්‍රධාන කරුණූ තවදුරටත් නිසි ලෙස පවත්වාගැනීම සඳහා උපදෙස් ලබාදෙන ලදී.

73 වන නිදහස් දින සැමරුම අතිගරු ජනාධිපතිතුමන්, අග්‍රාමාත්‍යතුමන්, උපදේශකවරුන්, ලේකම්වරුන්, රාජ්‍ය නිලධාරින්, අමාත්‍යවරුන්, රාජ්‍ය තාන්ත්‍රිකයන්, ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි, ත්‍රිවිධ හමුදාධිපතිවරුන්, පොලිස්පති සහ පාසල් සිසුන් හා ආරාධිතයින් ගේ සහභාගිත්වයෙන් බ්‍රහස්පතින්දා (04) දින නිදහස් චතුරස්‍රෙය්දී පැවැත්වීමට නියමිතව ඇත. Running sports | Men Nike Footwear