Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

27th January 2021 08:39:44 Hours

121 වන බලසේනාවේ භටපිරිස් ගංජා හේනක් වටලයි

121 වන බලසේනාව යටතේ පාලන වන 18 වන ගැමුණු හේවා බලඇණියේ භටපිරිස් විසින් හමුදා බුද්ධි අංශය මගින් ලබාදුන් තොරතුරකට අනුව ජනවාරි මස 26 වන දින සියඹලාණ්ඩු රක්‍ෂිත ප්‍රදේශයේ අනවසරයෙන් පවත්වාගෙන ගිය ගංජා හේනක් වැටලීමට සමත් විය.

තවද, එම භටපිරිස් විසින් රුපියල් මිලියන 10 ක පමණ වටිනා කමකින් යුතු මෙම ගංජා තොගය පොලිස් නිලධාරීන්ගේ නිරීක්‍ෂණය යටතේ එම ස්ථානයේදිම විනාශ කළ අතර ඉදිරි පරික්‍ෂණ කටයුතු සඳහා දමන පොලිසිය විසින් පරික්‍ෂණ සිදුකරනු ලබයි.

මෙම හදිසි වැටලීම 12 වන සේනාංකයේ සේනාංකාධිපති ගේ මඟපෙන්වීම යටතේ 121 වන බලසේනාවේ බලසේනාධිපති ගේ උප‍දෙස් මත භටපිරිස් සිදු කරන ලදී. Sports Shoes | nike