Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

25th January 2021 22:35:08 Hours

ශ්‍රී ලංකාවේ චීන මහජන සමූහාණ්ඩු තානාපති කාර්යාලයේ ආරක්‍ෂක උපදේශක, යුද්ධ හමුදා මූලස්ථානයේදී යුද්ධ හමුදාධිපති හමුවේ

ශ්‍රී ලංකාවේ චීන මහජන සමූහාණ්ඩු තානාපති කාර්යාලයේ ආරක්‍ෂක උපදේශක ජ්‍යෙෂ්ඨ කර්නල් වන් ඩොන්ග් (Senior Colonel Wan Dong) සහ නියෝජ්‍ය ආරක්‍ෂක අණදෙන නිලධාරී කර්නල් චැං ක්වාන්ජින් (Colonel Chang Qianjin) සදුදා (25) දින යුද්ධ හමුදා මුලස්ථානයේදී ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී, යුද්ධ හමුදාධිපති සහ කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා හමු වූහ.

ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා සමඟ ආරක්‍ෂක උපදේශවරුන්, දෙරටට අතර පවත්නා යුද සබඳතා ප්‍රවර්ධන කිරීම සම්බන්ධයෙන් සහ ශ්‍රී ලංකා යුද්ධ හමුදාව වෙත චීන හමුදාව විසින් ලබාදී දී ඇති පුහුණු අභ්‍යාසයන් තවදුරටත් පුළුල් කරමින් අන්‍යෝන්‍ය අවබෝධය සහ මිත්‍රශිලිත්වය වැඩිදියුණු කරගැනීම පිළිබඳ වැදගත් කරුණු මෙහිදී සුහදව සාකච්ඡා කළහ.

මෙහිදි ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා චින ආරක්‍ෂක උපදේශකවරුන්ගේ සහයෝගිතාව කෘතඥතා පූර්වකව පිළිගත් අතර, චීනය පසුගිය වසර කිහිපය පුරාම මෙරට හමුදාවට ලබා දුන් සහයෝගය තවදුරටත් ප්‍රවර්ධනය කිරීමට ද මෙහිදි කැමැත්ත ප්‍රකාශ කළේය. bridgemedia | Nike for Men