Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

11th January 2021 12:29:51 Hours

විශ්‍රාම දිවයට පා තබන යුද සේවා ලේකම්ට යුද්ධ හමුදාධිපතිතුමන්ගේ සුබපැතුම්

දශක තුනකට අධික කාලයක් යුද්ධ හමුදාව වෙනුවෙන් අනගි සේවයක් ඉටුකර නුඳුරේදී යුද්ධ හමුදා දිවියෙන් විශ්‍රාම ලබන යුද සේවා ලේකම් මෙන්ම ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බළමුළුවේ රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරල් ජයශාන්ත ගමගේ අද (11) දින උදෑසන යුද්ධ හමුදාධිපති කාර්යාලයේදී ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා හමුවිය.

ගජබා රෙජිමේන්තුවේ තවත් කීර්තිමත් ජ්‍යෙෂ්ඨ නිලධාරීයෙකු වන මේජර් ජෙනරල් ජයශාන්ත ගමගේ යුද්ධ හමුදාව වෙනුවෙන් සිදුකළ විශිෂ්ඨ සේවය පැසසුමට ලක්කළ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා, යුද්ධ හමුදා දිවියේ අමතක නොවන මතකයන් ආවර්ජණය කරමින් නික්ම යන ජ්‍යෙෂ්ඨ නිලධාරී සමගින් මෙහිදි සුහදව අදහස් හුවමාරු කරගත්හ. මේජර් ජෙනරල් ජයශාන්ත ගමගේ යුද්ධ හමුදාවේ සහ ගජබා රෙජිමේන්තුවේ උසස් තනතුරු රැසක් කැපවීමෙන් හෙබවු ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු වේ. යුද සේවා ලේකම් ලෙස මේජර් ජෙනරල් ජයශාන්ත ගමගේ, ජාතිය ගොඩනැගිමේ කාර්යභාරය පෙරදැරීව දිවයිනපුර විසිරි සිටින ශ්‍රී ලංකා යුද්ධ හමුදා නිලධාරීන්ගේ පරිපාලන කටයුතු සිදුකිරීමේදී දැක්වූ විශිෂ්ඨ සේවය යුද්ධ හමුදාධිපතුමන් මෙහිදී පැසසුමට ලක් කළේය.

නික්ම යන ජ්‍යෙෂ්ඨ නිලධාරීතුමන්, යුද්ධ හමුදාධිපතිතුමන්ගේ ප්‍රශංසාව වෙනුවෙන් සිය කෘතඥතාවය පළ කළ අතර සිය රාජකාරී ඉටු කිරීමේදී යුද්ධ හමුදාධිපතිතුමන් තමාට ලබාදුන් දිරීගැන්වීම් පිළිබඳව ද විශේෂයෙන් මෙහිදී සඳහන් කළේය. මෙම සුහද හමුව අවසානයේ යුද්ධ හමුදාධිපතිතුමන් සහ නික්මයන ජ්‍යෙෂ්ඨ නිලධාරී තුමන් අතර සමරුතිළිණ හුවමාරුවක් ද සිදු කෙරිණි. Best Authentic Sneakers | Mens Flynit Trainers