Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

03rd January 2021 15:25:27 Hours

සේනා දළඹුවන් පාලනය කිරීමේ කටයුතු සොයා බැලීම සඳහා මෙරටට පැමිණි රුවන්ඩා නියෝජිතයින් යුද්ධ හමුදා මුලස්ථානයේදී ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා හමුවෙයි

උතුරු මැද පළාත ඇතුළු දිවයිනේ ප්‍රදේශ රැසක බඩ ඉරිඟු වගාව ආක්‍රමණය කර ඇති සේනා දළඹුවන් පාලනය කිරීම සඳහා විද්‍යාත්මක විශේඥ දැනුමක් ලබාගැනීමේ අරමුණින් මෙරටට ගෙන්වූ රුවන්ඩාවේ විශේෂ නියෝජිත පිරිස දෙදිනක් පුරා යුද්ධ හමුදාව සමඟ එක්ව මේ පිළිබඳ කරුණු විමර්ශනය කිරීමෙන් අනතුරුව යුද්ධ හමුදා මුලස්ථානයේදී ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා හමුවිය.

අතිගරු ජනාධිපතිතුමන් විසින් කරන ලද ඉල්ලීමකට අනුව, දෙරට අතර පවතින ද්විපාර්ශවික සහයෝගය සහ සුහදත්වය තවදුරටත් ශක්තිමත් කරමින් පැය 72 ක් ගතවීමට ප්‍රථම ගොවිජන විශේෂඥයින් සහ පළිබෝධ මර්දනය පිළිබඳ විශේෂඥයින්ගෙන් සැදුම්ලත් රුවන්ඩාවේ විශේෂ නියෝජත පිරිස බ්‍රහස්පතින්දා (31) දින විශේෂ ගුවන් යානයකින් මෙරටට පැමිණි‍යහ. ඉන් අනතුරුව කෘෂිකර්ම අමාත්‍යාංශයේ නිලධාරීන් හමුවී මේ පිළිබඳ කරුණු විමර්ශනය කිරීම සඳහා අනුරාධපුරයේ එලයාපත්තුව ප්‍රදේශයේ ක්ෂේත්‍ර සංචාරයක නිරත විය.

යුද්ධ හමුදා කෘෂිකර්ම හා පශු සම්පත් අධ්‍යක්‍ෂ මණ්ඩලයේ සම්බන්ධීකරණයෙන් මෙම නියෝජිත පිරිස කෘෂිකර්ම අමාත්‍ය මහින්දනන්ද අළුත්ගමගේ, කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම් මේජර් ජෙනරාල් (විශ්‍රාමික) සුමේධ පෙරේරා, කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය ඩබ්ලිව්.එම්.ඩබ්ලිව්. විරකෝන්, කෘෂිකාර්ම හා ගොවිජන සේවා අංශයේ ජ්‍යෙෂ්ඨ රාජ්‍ය නිලධාරීන් කිහිපදෙනෙකු, අධ්‍යක්‍ෂ ජෙනරල් ප්‍රධාන මාණ්ඩලික මේජර් ජෙනරල් ප්‍රදීප් සිල්වා සහ යුද්ධ හමුදා කෘෂිකර්ම හා පශු සම්පත් අධ්‍යක්‍ෂ ජෙනරල් මේජර් ජෙනරල් ඉන්ද්‍රජිත් කඳනඅරච්චි මෙම ව්‍යසනයේ අවදානම පිළිබඳව රුවන්ඩාවේ නියෝජිත පිරිස දැනුවත් කෙරිණි.

එසේම, රුවන්ඩාවේ සිට පිමිණි විශේෂඥයින් තම රටේ මහා පරිමාණයෙන් වගා කෙරෙන ඉරිඟු වගාවන්හි පළිබෝධ පාලනය කිරීම පිළිබඳ සිය අත්දැකීම් මෙහිදි ඉදිරිපත් කළහ.

මෙම නියෝජිත පිරිසට බ්‍රිගේඩියර් ජෙනරල් ෆ්‍රෙඩ් මුසිරගුහාරා (Brig Gen Fred Muziraguharara), ඇලෙක්සිස් රුසගරා මහතා (Mr Alexis Rusagara), කෘෂි නිෂ්පාදන කළමනාකරු ජීන් මාරි වියානි උසාමුගුර (Jean Marie Vianney Uzamugura), බෝග ආරක්‍ෂණ නිලධාරී ප්‍රිස්සිල් ඉන්ගබයර් මහත්මිය (Mrs. Priscille Ingabire) බෝග ආරක්ෂණ කාර්මික ශිල්පී ලියොන් හකිසමුන් මහතා (Mr. Leon Hakizamungu), බෝග ආරක්ෂණ පර්යේෂණ සහකාර බෙල්ලාන්සිල් උසයිසෙන්ගා මහත්මිය සහ කාර්ය මණ්ඩල සාමාජිකයින් 11 දෙනෙකු ඇතුලත් වුහ.

නියෝජිත පිරිස අනුරාධපුර එලයාපත්තව ප්‍රදේශයේ සිදුකළ ක්ෂේත්‍ර සංචාය අතරතුර අනුරාධපුර දිස්ත්‍රික්කයේ බඩ ඉරිඟු වගාව ආක්‍රමණය කර ඇති සේනා දළඹුවන් පිළිබඳ නිරීක්‍ෂණය කළහ. මිරිසවැටිය පූජනීය සිද්ධස්ථානයේ වත්මන් විහාරාධිපති පූජ්‍ය ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමිපාණන්ගේ ආරාධනයකට අනුව අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මැතිතුමන් සේනා දළඹුවන්ගේ අක්‍රමණය පිළිබඳ එම ප්‍රදේශයේ සංචාරය කර දැක බලාගැනීමෙන් අනතුරුව රුවන්ඩාවේ දුත පිරිස මෙරටට ගෙන්විය.

යුද්ධ හමුදාධිපති කාර්යාලයේදී, නියෝජිත පිරිස අනුරාධපුරයේ ඔවුන් කළ නිරීක්‍ෂණ කටයුතු පිළිබඳ සාරාංශයක් ඉදිරිපත් කළ අතර, මේ පිළිබඳ සවිස්තරාත්මක වාර්තාවක් සකස් කිරීමෙන් අනතුරුව පළිබෝධකයන්ගේ තර්ජනය තුරන් කිරීම සඳහා රුවන්ඩාවේ නියෝජිත පිරිසගේ පූර්ණ සහයෝගය ලබාදෙන බවට මෙහිදි සහතික විය. ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මෙරටට පැමිණි නියෝජිත පිරිසට සිය කෘතඥතාවය පුද කරමින් ඔවුන් ශ්‍රී ලංකාවේ සිදුකළ සංචාරය සංකේතවත් කරමින් සමරු තිළිණ ද ප්‍රදානය කළේය. affiliate tracking url | Air Max