Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

24th December 2020 23:12:11 Hours

කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීමේ කටයුතු වල නිරත සන්නද්ධ හමුදා සාමාජිකයින්ට යුද්ධ හමුදා මූලස්ථානයේදී නත්තල් ආශීර්වාද

ලෝවැසි දන හට ප්‍රීතිය හා සාමය රැගෙන උපන් ජේසුස් බිළිඳුන්ගේ උපත සිහි කරමින් ශ්‍රී ලංකා යුද්ධ හමුදා ක්‍රිස්තියානි සංගමය විසින් මෙම වසරේ නත්තල් සැමරුම් ඉතා චාම් අන්දමින් යුද්ධ හමුදා මූලස්ථානයේදී පවත්වනු ලැබීය. මෙම අවස්ථාව සඳහා ඉතා වැදගත්කමක් එක්කරමින් ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා ගේ ආරාධනාවකට අනුව කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් සහභාගී විය.

එහිදී, එතුමන් විසින් කොවිඩ් - 19 වෛරසය පැතිරීම වැළැක්වීමේ කටයුතුවල නිරතව සිටින සියලුම යුද්ධ හමුදා භටපිරිස්, යුද්ධයෙන් මියගිය වීරෝධාර රණවිරුවන්, ජාතිය ගොඩනැගීමේ කටයුතු සහ මහජනතාව වෙනුවෙන් කැපවී සිටින වීරෝධාර රණවිරුවන්ට මෙන්ම මෙම අවස්ථාව සඳහා සහභාගී වූ ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා සහ යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනි සුජීවා නෙල්සන් මහත්මිය, නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න, ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණ සහ ඔවුන්ගේ භාර්යාවන්, යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානි මේජර් ජෙනරල් ප්‍රභාත් දෙමටන්පිටිය, නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී මේජර් ජෙනරල් දුමින්ද සිරිනාග, යුද්ධ හමුදා ස්වෙච්ඡා බලසේනාවේ සේනාවිධායක මේජර් ජෙනරල් ධම්මික ජයසිංහ, යුද්ධ හමුදා මූලස්ථානයේ ඡ්‍යෙෂ්ඨ නිලධාරින්, යුද්ධ හමුදා ක්‍රිස්තියානි සංගමයේ සාමාජිකයින් සහ සෙසු නිලයින් වෙත කිතු සමිඳුන්ගේ ආශිර්වාද එක්කරනු ලැබීය.

යුද්ධ හමුදා මූලස්ථානය වෙත සපැමිණි එතුමන් ලුතිනන් ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා සමඟින් සුජීවා නෙල්සන් මහත්මිය, ශ්‍රී ලංකා යුද්ධ හමුදා ක්‍රිස්තියානි සංගමයේ සභාපති මේජර් ජෙනරල් ජයශාන්ත ගමගේ ඇතුළු එම සංගමයේ නිලධාරින් විසින් උණුසුම් අයුරින් පිළිගනු ලැබීය.

මෙම අවස්ථාවේදී පිළිගැනීමේ කථාව පවත්වමින් ශ්‍රී ලංකා යුද්ධ හමුදා ක්‍රිස්තියානි සංගමයේ ලේකම් බ්‍රිගේඩියර් මංජුල කරුණාරත්න විසින් එම අවස්ථාවට එක් වූ සියලු සාමාජිකයින් වෙත නත්තල වෙනුවෙන් සුබපැතුම් එක්කළ අතර, ජේසුස් වහන්සේ විසින් පෙන්වා දී ඇති ප්‍රේමය, සෙනෙහස සහ ආශිර්වාදයන්ගෙන් පිරි මෙම විශේෂ දේව මෙහෙයෙහි ඇති වැදගත්කම පිළිබඳ දැනුවත් කිරීමක් ද සිදුකළේය. ඉන් අනතුරුව, එතුමන් මෙම විශේෂ දේව මෙහෙය පැවැත්වීම සඳහා කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වෙත ආරාධනා කරන ලදී.

පසුව, එතුමන් විසින් යුද්ධ හමුදාධිපතිතුමන්, කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීමේ කටයුතුවල නිරත යුද්ධ හමුදා භටපිරිස්, සියලුම ත්‍රිවිධ හමුදා සාමාජිකයින්, මියගිය වීරෝධාර රණවිරුවන් සහ සියලුම ශ්‍රී ලාංකිකයින් වෙත ආශිර්වාද කිරීමෙන් අනතුරුව කිතු සමිඳුන්ගේ උත්පත්තිය පිළිබඳ ශුද්ධ වූ සුවිශේෂයේ කොටසක් ගෙනහැර දක්වමින් වත්මනෙහි පවතින තත්ත්වය සමඟ එහි ඇති කාලීන වැදගත්කම පෙන්වා දුන්නේය.

ඉන් අනතුරුව, සාමයේ කුමරා වන ජේසුස් ක්‍රිස්තූන් වහන්සේගේ උපත සමරමින් ගීතිකා ගායනා කරමින් කොවිඩ් - 19 වෛරසය තුරන් කරන ලෙස ද යාඥා කරන ලදී.

යුද්ධ හමුදා මූලස්ථානයේ පැවති ප්‍රධාන දේව මෙහෙය පැවැත්වීමට ප්‍රථම ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා සහ සුජීවා නෙල්සන් මහත්මිය විසින් යුද්ධ හමුදාධිපතිතුමන්ගේ ‘තුරු මිතුරු - නව රටක්’ ව්‍යාපෘතියට සමගාමීව මධ්‍යම පරිසර අධිකාරිය අසල සිට යුද්ධ හමුදා මූලස්ථානය දක්වා දිවෙන මාර්ගය දෙපස යුද්ධ හමුදා භටපිරිස් විසින් අලංකාරවත් විදුලි බුබුළු සහ නත්තල් සැරසිලි වලින් ආලෝකමත් කරනු ලැබීය. සෞඛ්‍ය අංශ වෙතින් නිකුත් කර ඇති සෞඛ්‍යාරක්‍ෂිත උපදෙස් වලට අනුකූල වෙමින් මෙම උත්සව සැරසිලි දැක බලාගැනීම සඳහා එක් වන ලෙස මහජනතාවට උපදෙස් ලබාදී ඇත. short url link | SUPREME , Fullress , スニーカー発売日 抽選情報 ニュースを掲載!ナイキ ジョーダン ダンク シュプリーム SUPREME 等のファッション情報を配信! - パート 5