Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

22nd December 2020 16:58:51 Hours

ශ්‍රී ලංකා යුද්ධ හමුදා ඉදිරි උපාය මාර්ගික සැලැස්ම 2020 – 2025’ යුද්ධ හමුදා මූලස්ථානයේදී එළි දක්වයි

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව අනාගතය කරා පියනගන මාවතේ විවිධ තර්ජන, අවස්ථා සහ අවිනිශ්චිතතාවන් හඳුනාගැනීම සහ නිරන්තරයෙන් ඒවාට අනුවර්තනය වීමේ අවශ්‍යතාවය මත දියත් කරනු ලබන ‘ශ්‍රී ලංකා යුද්ධ හමුදා ඉදිරි උපාය මාර්ගික සැලැස්ම 2020 – 2025’ ප්‍රතිපත්ති ප්‍රකාශණය ඉදිරිපත් කිරීම අද (22) දින යුද්ධ හමුදා මූලස්ථානයේදී සිදුකෙරුණු අතර, එම අවස්ථාව සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තන් ලෙස ජනාධිපති ප්‍රධාන උපදේශක ලලිත් වීරතුංග මහතා, ආරක්‍ෂක ලේකම් මේජර් ජෙනරල් (විශ්‍රාමික) කමල් ගුණරත්න සහ ‘ශ්‍රී ලංකා යුද්ධ හමුදා ඉදිරි උපාය මාර්ගික සැලැස්ම 2020 – 2025’ හි නිර්මාතෘ ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා සහභාගී වූහ.

ක්ෂේත්‍රයේ සිවිල් සහ යුද්ධ හමුදා විද්වතුන්ගේ සාමූහික හා තිරසාර ප්‍රයත්නයන්ගේ ප්‍රථිපලයක් වශයෙන් ඉදිරි වසර පහ සඳහා යුද්ධ හමුදාවේ හමුදා උපායමාර්ගයන් ගවේෂණය කිරීමේ අරමුණින් ‘ශ්‍රී ලංකා යුද්ධ හමුදා ඉදිරි උපාය මාර්ගික සැලැස්ම 2020 – 2025’ සකස් කරන ලදී. සීඝ්‍රයෙන් වෙනස්වන හා විවිධ ගෝලීය තත්ත්වයන්ට අනුගත වෙමින් විවිධ හා සංකීර්ණ ගෝලීය තර්ජන මධ්‍යයේ ලොවපුරා ආරක්‍ෂක ක්ෂේත්‍රයේ සිදුවන නවීකරණයන් කෙරෙහි විශේෂ අවධානයක් මෙමගින් යොමුකරනු ලබයි.       

මෙම අද දින එළිදක්වනු ලැබූ ‘ශ්‍රී ලංකා යුද්ධ හමුදා ඉදිරි උපාය මාර්ගික සැලැස්ම 2020 – 2025’ පිළිබඳ පූර්විකාවක් එක් කරමින් ශ්‍රී ලංකා යුද්ධ හමුදා පුහුණු අධ්‍යක්‍ෂ බ්‍රිගේඩියර් කපිල දොලගේ විසින් මෙම උපායමාර්ගික සැලැස්ම මාස කිහිපයක් තිස්සේ නොකඩවා විවිධාකාර සාකච්ඡාවන්, බුද්ධි කලම්බනයන්, වෘත්තීයවේදීන් සමගින් සිදුකරමින් ආරක්‍ෂක විශ්ලේෂකයින් සහ උපායමාර්ග විශ්ලේෂකයින්, හිටපු යුද්ධ හමුදාධිපතිවරුන්, බුද්ධිමතුන්, දේශියව හා ජාත්‍යන්තරව මෙම ක්ෂේත්‍රයට අදාළ කටයුතු කර ඇති සිවිල් විශේෂඥයින්, ආරක්‍ෂක සේනා මූලස්ථාන නියෝජනය කරමින් ජ්‍යෙෂ්ඨ නිලධාරින් සහ වෘත්තීය උපදේශකයින් විශාල පිරිසකගේ සහභාගිත්වයෙන් යුතුව සිදුකරන ලද පූර්ණ කාලීන ක්‍රියාකාරකමක අවසන් ප්‍රතිඵලය ලෙස හඳුන්වන ලදී.

ඉන් අනතුරුව, මෙම ව්‍යාපෘතියේ නිර්මාතෘ හා නියමුවා වන ලුතිනන් ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මෙම අවස්ථාව අමතමින් නිරන්තරයෙන් වෙනස් වන ගෝලිය යුධමය පරිසරය සහ ශ්‍රී ලංකාවේ භුගෝලීය වැදගත්කම තුළ යුධ උපායමාර්ග නවීකරණය කිරීමත්, එතුලින් ශ්‍රී ලංකාව තුළ වඩාත් ප්‍රතිඵලදායි බුද්ධි තොරතුරු නිසි ලෙස කළමණාකරනය කරගනිමින් සංකීර්ණ, ගෝලීය අවශ්‍යතාවයන් හඳුනාගනිමින් බහුවිධ ජාතීන් අතර නිසි යහපැවැත්ම පවත්වාගනිමින් මෙන්ම දිනෙන් දින වෙනස් වන ගෝලීය අනතුරු පූර්ව හඳුනාගැනීම් සිදුකිරීම හා ඒවාට මුහුණදීමට ඇති සූදානම පිළිබඳ මෙතුලින් සාකච්ඡාවට බඳුන් වන බවත් මෙම වකවානුව ඒ සබැඳිව නිවැරදි චින්තනය යොමුකිරීමත් සැලසුම් කිරීමත් ඉතා අවශ්‍ය බැව් යුද්ධ හමුදාධිපතිතුමන් ප්‍රකාශ කරන ලදී.

මූලික වටයේ සාකච්ඡා කිහිපයකින් අනතුරුව පුහුණු අධ්‍යක්‍ෂ මණ්ඩලය, ආරක්‍ෂක අධ්‍යාපනික මණ්ඩපයන් විසින් සකස් කරන ලද උපායමාර්ගික සැලැස්මෙහි මුල් පිටපත සහ ඒ පිළිබඳ කතිකාවත 2020 වර්ෂයේ මැයි මස 06 වන දින මෙහි පළමු අදියර වශයෙන් ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා ගේ ප්‍රධානත්වයෙන් යුද්ධ හමුදා මූලස්ථානයේදී පවත්වන ලදී.

යුද්ධ හමුදාධිපතිතුමන් විසින් පවත්වනු ලැබූ කෙටි දේශනයෙන් අනතුරුව ශ්‍රී ලංකා යුද්ධ හමුදා ඉතිහාසයෙහි නව පරිචයක් සනිටුහන් කරමින් එතුමන්ගේ සංකල්පයක් අනුවම බිහි වූ ‘ශ්‍රී ලංකා යුද්ධ හමුදා ඉදිරි උපාය මාර්ගික සැලැස්ම 2020 – 2025’ හී මුල් පිටපත් මෙම අභිමානවත් අවස්ථාවට සහභාගී වූ ප්‍රධාන ආරාධිත අමුත්තා වන ජනාධිපති ප්‍රධාන උපදේශක ලලිත් වීරතුංග මහතාට සහ ආරක්‍ෂක ලේකම් මේජර් ජෙනරල් (විශ්‍රාමික) කමල් ගුණරත්න වෙත ප්‍රදානය කළේය.

ඉන් අනතුරුව, මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගි වූ ජනාධිපති ප්‍රධාන උපදේශක ලලිත් වීරතුංග මහතා සහභාගී වූවන් අමතමින් මව්බිම වෙනුවෙන් අපරිමිත මෙහෙවරක් සිදුකරන හමුදාවන් සඳහා මෙබඳු උපායමාර්ගික සැලැස්මක ඇති වටිනාකම හා හරය පිළිබඳ ප්‍රකාශ කළ අතරම ඉලක්ක අරමුණු කරගනිමින් නිසි ක්‍රමවේදයන් තුළ තම ශක්තීන් කවරේද තම දුබලතා කවරේද, තමන් සඳහා ඇති අවස්ථාවන් කවරේද සහ එහිදී මුහුණපෑමට වන අනතුරු, විවිධ වූ ස්වරූපයන් සහිත අවි ආයුධ මෙන්ම විවිධ ස්වරූපයන්ගෙන් පැමිණෙන සතුරු උවදුරු කවරේද යන්න හඳුනාගැනීමට හා ඒ සඳහා මුහුණදීමට මෙබඳු උපායමාර්ගික සැලසුම්හී ඇති හැකියාව ප්‍රකාශ කරන ලදී. එමෙන්ම, අතිගරු ජනාධිපතිතුමන්ගේ ‘සෞභාග්‍යයේ දැක්ම’ ප්‍රතිපත්ති ප්‍රකාශණයේ ‘සූදානම්ව, අවධානයෙන් සිටීම’ යන දැක්ම තුළ උක්ත උපායමාර්ගික සැලසුම්හී අන්තර්ගතය ගැබ්ව ඇති බව ද වැඩිදුරටත් ප්‍රකාශ කරන ලදී.

මෙම අවස්ථාවට යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානි මේජර් ජෙනරල් ප්‍රභාත් දෙමටන්පිටිය, නියොජ්‍ය මාණ්ඩලික ප්‍රධානි මේජර් ජෙනරල් දුමින්ද සිරිනාග, ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වෙච්ඡා බලසේනාවේ සේනාවිධායක ධම්මික ජයසිංහ ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරින් රැසක් මෙම අවස්ථාව සඳහා සහභාගී වූහ. Best Authentic Sneakers | Nike Air Force 1'07 Essential blanche et or femme - Chaussures Baskets femme - Gov