Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

19th December 2020 19:17:22 Hours

ආරක්‍ෂක ලේකම්තුමන් ගේ සහභාගිත්වයෙන් පැවති පෙළපාලියක දී තවත් ශ්‍රී ලංකා යුද්ධ හමුදා විද්‍යාපීඨ කෙඩෙට් නිලධාරින් 187 දෙනෙකු ජනපති අධිකාරිය ලබති

ශ්‍රී ලංකා යුද්ධ හමුදා විද්‍යාපීඨයෙහි පුහුණුව සාර්ථකව අවසන් කළ තවත් කෙඩෙට් නිලධාරින් 187 දෙනෙකුගෙන් යුතු කණ්ඩායමක් අභිමානවත් පෙළපාලියකදී සෙනසුරාදා (19) දින විසිර යන ලදී. ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි හා යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා ගේ ආරාධනයකට අනුව මෙම පෙළපාලියෙහි ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ආරක්‍ෂක ලේකම් (විශ්‍රාමික) මේජර් ජෙනරල් කමල් ගුණරත්න සහභාගී වූ අතර මෙම පෙළපාලිය ශ්‍රී ලංකා යුද්ධ හමුදා විද්‍යාපීඨ ඉතිහාසයේ 95 වැන්න ලෙස සනිටුහන් විය.

මෙම අභිමානවත් පෙළපාලියෙහි ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සපැමිණි මේජර් ජෙනරල් (විශ්‍රාමික) කමල් ගුණරත්න, යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා සහ පුහුණු පාසලේ සේනාවිධායක බ්‍රිගේඩියර් ක්‍රිෂාන්ත ඥාණරත්න උණුසුම් ලෙස පිළිගනු ලැබූ අතර එතුමන් විද්‍යාපීඨ පරිශ්‍රයේ පිහිටි ඇති රණවිරු ස්මාරකය වෙත ගමන් කිරීමෙන් අනතුරුව පුෂ්පෝපහාර දැක්වීම ද විනාඩියක නිෂ්ශබ්දතාවක් සුරැකීමද සිදුකරන ලදී.

ශ්‍රී ලංකා යුද්ධ හමුදා විද්‍යාපීඨ සරඹ භූමිය වර්ණ ධජඝණ සමගින් ඉතා අභිමානවත් කරනු ලැබු මෙම පෙලපාලියෙහි අණදෙන නිලධාරි වශයෙන් ශ්‍රී ලංකා පාබල හමුදා මේජර් ආර් ඒ ඒ රණවක කටයුතු කළ අතර, ප්‍රධාන ආරාධිත අමුත්තා වෙතින් අවසර ලබාගැනීමෙන් අනතුරුව විසිරයාමේ පෙළපාලියෙහි කටයුතු හමුදා සම්ප්‍රදායනට අනුකූලව සිදුකෙරිණි.

ඉන් අනතුරුව, ප්‍රධාන ආරාධිත අමුත්තා විසින් අතිගරු ජනාධිපතිතුමන් නියෝජනය කරමින් විසිර යනු ලබන නව නිලධාරින් වෙත ඔවුනගේ ජනාධිපති අධිකාරියෙහි (President honour) සංකේතය වන අසිපත් ප්‍රධානය කරන ලද අතර අධිකාරි ලැබූ නව නිලධාරින් තම පළමු ආචාරය අතිගරු ජනාධිපතිතුමන් වෙත පෙළපාලිය අතරතුර පිරිනමනු ලැබූහ.

එමෙන්ම‍ මෙම පෙළපාලිය අතරතුර දී පාඨමාලාවන්හී විශිෂ්ඨ කුසලතා දැක්වූ නිලධාරින් සහ නිලධාරිනියන් වෙත සමරු තිළිණ ප්‍රදානය ද ප්‍රධාන ආරාධිත අමුත්තා සුරතින් සිදුකෙරිණි.

මෙම විසිරයනු ලැබූ කෙඩෙට් නිලධාරින් නිත්‍ය කෙඩෙට් නිලධාරි පාඨමාලා අංක 88 පාඨමාලාවෙහි කෙඩෙට් නිලධාරින් 51 දෙනෙකු ද, අංක 88 බී (කොතලාවල ආරක්‍ෂක විශ්වවිද්‍යාල පාඨමාලා අංක 32,34 සහ 35) පාඨමාලාවෙහි කෙඩෙට් නිලධාරින් 119 දෙනෙකු ද, නිත්‍ය කාන්තා පාඨමාලා අංක 18 ට අයත් කාන්තා කෙඩෙට් නිලධාරිනියන් 17 දෙනෙකු ද වශයෙන් කෙඩෙට් නිලධාරින් සහ නිලධාරිනියන් 187 දෙනෙකු වූ අතර මෙලෙස අධිකාරියට පත් ඔවුන් වෙත සුභපැතුම් එක්කිරීම සඳහා ආරක්‍ෂක ලේකම් මේජර් ජෙනරල් (විශ්‍රාමික) කමල් ගුණරත්න, ත්‍රිවිධ හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරින්, ආරාධිත අමුත්තන්, විදේශ තානාපතිවරුන්, නියෝජිතයන්, උපදේශකයින් දෙමව්පියන් සහ ඥාතීන් ඇතුලු රැසක් මෙම අවස්ථාව සඳහා එක්ව සිටියහ.

මෙලෙස අද (19) දින අධිකාරියට පත් කෙඩෙට් නිලධාරින් සහ නිලධාරිනියන් ශ්‍රී ලංකා යුද්ධ හමුදාවෙහි විවිධ රෙජිමේන්තු නියෝජනය කරමින් විවිධ සංස්ථාවන්හි දිවයින පුරා රාජකාරි සිදුකිරීම සඳහා පත්වීම් නුදුරේදී ලැබීමට නියමිතව ඇත.

සරඹ භූමියේ පැවති අභිමානවත් පෙළපාලියෙන් අනතුරුව නව නිලධාරින් සහ නිලධාරිනියන් සඳහා නිල ලාංඡන පැළඳවීමේ අවස්ථාව ශ්‍රී ලංකා යුද්ධ හමුදා විද්‍යාපීඨ සිනෝ - ලංකා මිත්‍රත්ව ශ්‍රවණාගාරයේදී යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා සහ තවත් ජ්‍යෙෂ්ඨ නිලධාරින් කිහිපදෙනෙකුගේ සහභාගිත්වයෙන් සෞඛ්‍යාරක්‍ෂිත ක්‍රමවේද අනුගමනය කරමින් සිදුකරනු ලැබිණි.

විශිෂ්ඨ කුසලතා දැක්වූ කෙඩෙට් නිලධාරින්ගේ නම් පහත සඳහන් වේ: Running Sneakers Store | 【海外近日発売予定】 サウスパーク × アディダス オリジナルス キャンパス 80S "タオリー" (GZ9177) - スニーカーウォーズ