Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

16th December 2020 21:26:46 Hours

සාමසාධක මෙහෙයුම් පුහුණු ආයතනයේ පුහුණුවීම් මොඩියුල හා ගුණාත්මකභාවය තවදුරටත් ශක්තිමත් කෙරේ

කුකුලේඟග පිහිටි ශ්‍රී ලංකා සාමසාධක මෙහෙයුම් පුහුණු ආයතනයේ එක්සත් ජාතීන්ගේ බහුවිධ ක්‍රියාන්විත සඳහා පූර්ණ හැකියාවන්ගෙන් සමන්විත සාම සාධක භටයෙකු බිහිකිරීම වෙනුවෙන් ප්‍රතිඵලදායි ලෙස දායක විය හැකි සාමසාධක මෙහෙයුම් පුහුණු ආයතනයේ පුහුණුවීම් මොඩියුල හා ගුණාත්මකභාවය තවදුරටත් ශක්තිමත් කරමින් නව ව්‍යාපෘති කිහිපයක් පසුගිය බදදා (16) දින ආරම්භ කරනු ලැබූ අතර, එම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී, යුද්ධ හමුදාධිපති සහ කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථාන ප්‍රධානී ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා සහභාගී විය.

මෙම අවස්ථාව සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා සාදරයෙන් පිළිගැනීමෙන් අනතුරුව, යුද්ධ හමුදාධිපතිතුමන් විසින් පුහුණු ආයතනය වෙත අවතීර්ණ වන මාර්ග ‘Peace Drive’ නමින් නම් කරන ලදී. ඉන් අනතුරුව, ශ්‍රී ලංකා සාමසාධක මෙහෙයුම් පුහුණු ආයතනයේ ප්‍රධාන දොරටුව අභියස පිහිටි නාම පුවරුව නිරාවරණය කර එම ආයතනය වෙත වඩාත් අභිමානයක් එක් කරමින් නවතමයෙන් ස්ථාපිත කර ඇති සන්නද්ධ යුධ ටැංකි අනුරුව එළිදැක්වීම සිදුවිය.

ඉන් පසු, ශ්‍රී ලංකා සාමසාධක මෙහෙයුම් පුහුණු ආයතන පරිශ්‍රයට ඇතුලු වූ ලුතිනන් ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා වෙත හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුරයේ ගෞරවාචාරය පුදකරමින් එම අවස්ථාවට පිළිගනු ලැබීය. සාමසාධක මෙහෙයුම් පුහුණු පාසල් සේනාවිධායක සහ යුධ හමුදා මූලස්ථානයේ ක්‍රියාන්විත අධ්‍යක්‍ෂ බ්‍රිගේඩියර් ශාන්ත රණවීර ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරින් කිහිපදෙනෙකු විසින් යුද්ධ හමුදාධිපතිතුමන් එම අවස්ථාවට උණුසුම් ලෙස පිළිගත්හ.

තවද මෙම අවස්ථාවට, මහා සංඝරත්නයේ ‘සෙත් පිරිත්’ සජ්ඣායනා මධ්‍යයේ නව බෞද්ධ ආගමික ස්ථානය සහ එහි නව බුද්ධ ප්‍රතිමාව නිරාවරණය කිරීම මෙන්ම යටිතල පහසුකම් කිහිපයක් විවෘත කිරීම සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා වෙත ආරාධනා කරනු ලැබීය. ඉන් අනතුරුව, සාමසාධක මෙහෙයුම් පුහුණු ආයතනය වෙත අත්‍යවශ්‍ය අංගයක්ව තිබූ ක්‍රීඩා සංකීර්ණයක් මෙන්ම රණවිරු ස්මාරකය, ගෘහස්ථ බැඩ්මින්ටන් ක්‍රීඩාංගණය සහ එම පරිශ්‍රයේ ඉදිකරනු ලැබූ බළලත් නිලධාරි සහ සැරයන් නිවස්නය යුද්ධ හමුදාධිපතිතුමන් විසින් විවෘත කරනු ලැබිණි. පසුව, මෙම අවස්ථාවට මතකයන් එක් කිරීමේ අරමුණින් යුද්ධ හමුදාධිපතිතුමන් විසින් එම පරිශ්‍රයේ ‘මී’ පැළයක් ද රෝපණය කරන ලදී.

සාමසාධක පුහුණු ආයතනයේ පාලන හා උපදේශක කාර්ය මණ්ඩලය සහ ශිෂ්‍ය නිලධාරින් හා සෙසු නිලයින් අමතමින් මෙදින ප්‍රධාන අමුත්තා විසින් සිදුකළ දේශණයේදී එක්සත් ජාතීන්ගේ තානාපති ලෙස සේවය කරන කාලය පිළිබඳ මතකයන් ආවර්ජනය කරන ලදී. එක්සත් ජාතීන්ගේ සාමසාධක මෙහෙයුම් සඳහා දායක වනවිට ඔවුන් සමඟ සමීපව කටයුතු කළයුතු ආකාරය පිළිබඳව මෙන්ම ඔවුන්ට හිමිවන වැටුප් හා වරප්‍රසාද වැඩිකිරීම් සහ වෙනත් පහසුකම් සංවර්ධනය පිළිබඳව ද එතුමන් සිදුකළ කැපවීම මෙහිදී ප්‍රකාශ කළේය.

මෙහිදී අදහස් දක්වමින් යුද්ධ හමුදාධිපතිතුමන්, ත්‍රිවිධ හමුදා සාමාජිකයන් පමණක් නොව, සාමසාධක මෙහෙයුම් සඳහා දායක වන පොලිස් නිලධාරීන්ගේ ප්‍රමාණය ද වැඩිකිරීමට අපට හැකි විය. සාමසාධක මෙහෙයුම් වෙනුවෙන් දායක වීම උතුම් මෙහෙවරක් වන අතර එහි වටිනාකම අතිමහත් ය. ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු බලකා වැඩපළවල් තුළ එක්සත් ජාතීන්ගේ මෙහෙයුම් සඳහා සුදුසු වාහන නිෂ්පාදනය ආරම්භ කිරීමෙන් පසුව ඔවුන්ට අවශ්‍ය වාහන නිපදවීම තුලින් අපට අවශ්‍ය විදේශ විනිමය උපයා ගත හැකිය. එය අපේ රටේ ආර්ථිකයට මහත් රුකුලක් වන බව ප්‍රකාශ කළේය.

භටපිරිස් ආමන්ත්‍රණය කිරීමෙන් අනතුරුව සාමසාධක මෙහෙයුම් පුහුණු පාසලේ එක්සත් ජාතීන්ගේ භටකාර්ය සම්පාදන නිලධාරි පාඨමාලාව හැදෑරූ නිලධාරින් අතරින් පළමු ස්ථාන හිමිකරගත් සාමාජිකයින් 05 දෙනා වෙත යුද්ධ හමුදාධිපතිතුමන් විසින් ත්‍යාග සහ සහතිකපත් පිරිනමනු ලැබූ අතර එතුමන්ගේ සුබපැතුම් ද ඔවුන් වෙත එක් කළේය. ඉන් අනතුරුව, එතුමන් සාමයේ සංකේතයක් වශයෙන් පරෙවියෙකු ගුවනට මුදාහරින ලදී.

මෙම උත්සවයේ අවසානය සනිටුහන් කරමින් සාමසාධක පුහුණු පාසලේ සේනාවිධායක සහ ක්‍රියාන්විත අධ්‍යක්‍ෂ බ්‍රිගේඩියර් ශාන්ත රණවීර විසින් යුද්ධ හමුදාධිපතිතුමන් වෙත සමරු තිළිණයක් ද ප්‍රදානය කරනු ලැබිණි. එම පරිශ්‍රයෙන් පිටත්ව යාමට ප්‍රථම යුද්ධ හමුදාධිපතිතුමන් එම පාසලේ විශේෂ ආරාධිත අමුත්තන්ගේ සමරු සටහන් පොතේ සමරු සටහනක් ද තැබීය.

මෙම අවස්ථාව සඳහා හමුදා ලේකම්, මේජර් ජෙනරල් ජයශාන්ත ගමගේ, අධ්‍යක්‍ෂ ජෙනරල් ප්‍රධාන මාණ්ඩලික මේජර් ජෙනරල් ප්‍රදීප් ද සිල්වා, 61 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් සංජය වනසිංහ, ඉංජිනේරු සේවා අධ්‍යක්‍ෂ ජෙනරල් මේජර් ජෙනරල් රත්නසිරි ගනේගොඩ, විදේශ මෙහෙයුම් අධ්‍යක්‍ෂ බ්‍රිගේඩියර් ලසන්ත රොද්‍රිගෝ, අධ්‍යක්ෂ ජනමාධ්‍ය සහ හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් චන්දන වික්‍රමසිංහ යන ජ්‍යෙෂ්ඨ නිලධාරින් ද සහභාගී වූහ. Running sports | yeezy sole turning blue color shoes FX6794 FX6795 Release Date - nmd legion ink goat costume ideas for boys