Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

16th December 2020 13:35:13 Hours

විපතට පත් නගර: කොවිඩ් - 19 වෛරසය නිසාවෙන් නගරයන්ට සිදු වූ බලපෑම යන මැයෙන් පැවති අන්තර්ජාල දේශනයෙහි ප්‍රධාන කථිකයෙකු ලෙස කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථාන ප්‍රධානි සහභාගී වෙයි

ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී, යුද්ධ හමුදාධිපති සහ කොවිඩ්- 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථාන ප්‍රධානි ලුතිනන් ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා පසුගිය (12) දින 8 වන ජාත්‍යන්තර නගර හා මිනිසුන් යන්න පදනම් කොටගනිමින් ‘විපතට පත් නගර: කොවිඩ් - 19 වෛරසය නිසාවෙන් නගරයන්ට සිදු වූ බලපෑම’ යන තේමාව යටතේ සිදුකරනු ලැබූ සාකච්ඡාවෙහි ප්‍රධාන කථිකයෙකු ලෙස සහභාගී විය.

මෙහිදී, ලුතිනන් ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා ජනගහනය, පොදු මාර්ග, නිවාස හා කර්මාන්ත, පහසුකම් සහ සේවාවන්, ප්‍රවාහනය හා මං මාවත්, රාජකාරි නියුතු ජනගහනය සහ මිනිසුන්ගේ විනය පිළිබඳ වෙන් වෙන් වශයෙන් කොවිඩ් - 19 වෛරසය පැතිරීම හා ජන ජීවිතයෙහි බලපෑම මෙන්ම ඉන් වැළැක්වීමේ මාවත් කවරේද යන්න විග්‍රහ කරන ලදී.

මෙම සාකච්ඡාවේ සම්පූර්ණ වීඩියෝව පහතින් දැක්වේ: Asics footwear | Autres