Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

09th December 2020 08:16:29 Hours

ශ්‍රී ලංකා යුද්ධ හමුදා විද්‍යාපීඨ කෙඩෙට් නිලධාරීන් යතුරු පැදි සහ රිය ධාවන ප්‍රවීනත්වය ලබයි

යුද්ධ හමුදාධිපතිතුමන්ගේ උපදෙස් අනුව ශ්‍රී ලංකා යුද්ධ හමුදා විද්‍යාපීඨයේ පුහුණුවෙහි නියුතු කෙඩෙට් නිලධාරින් සඳහා යුද්ධ හමුදා ධාවන පැදි හා සැහැල්ලු වාහන බලපත් ලබාගැනීමේ පාඨමාලාවක් යුද්ධ හමුදා සැපයුම් හා ප්‍රවාහන අධ්‍යක්‍ෂ මණ්ඩලයේ සම්බන්ධීකරණයෙන් පසුගිය දා පැවැත්වූ අතර, එම පාඨමාලාව සාර්ථකව නිමකළ කෙඩෙට් නිලධාරීන් 107 දෙනෙකු සඳහා ප්‍රවීණතා සහතික ප්‍රදානය පසුගිය (04) දින සිදුකෙරිණි.

වසර 66 ක ඉතිහාසයක් සහිත යුද්ධ හමුදා රියදුරු පුහුණු පාසල මගින් වසර 32 ක කාලයක් මෙබදු පාඨමාලාවක් නොකොට තිබු අතර, බ්‍රිගේඩියර් හිරෝෂ වනිගසේකර ගේ මැදිහත්වීම මත මෙම පාඨමාලාවන් අරඹන ලදී. එහි පළමු පාඨමාලාව 2019 වසරේ දෙසැම්බර් මස අවසන් විය.

දියතලාව ශ්‍රී ලංකා යුද්ධ හමුදා විද්‍යාපීඨයේ පැවති මෙම වැඩසටහන සඳහා ශ්‍රී ලංකා යුද්ධ හමුදා විද්‍යාපීඨයේ සේනාවිධායක බ්‍රිගේඩියර් ක්‍රිෂාන්ත ඥාණරත්න ගේ ආරාධනයකට අනුව සැපයුම් හා ප්‍රවාහන අධ්‍යක්‍ෂ බ්‍රිගේඩියර් හිරෝෂ වනිගසේකර ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගී වූ අතර, එහිදි එතුමන්ගේ සුරතින් කෙඩෙට් නිලධාරීන් වෙත නිපුණතා සහතික ප්‍රදානය කෙරිණි. මෙම උත්සව අවස්ථාව ඉකුත් සිකුරාදා (4) දින පුර්ණ සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට අනුකූලව පැවැත්විණි.

මෙම යතුරු පැදි සහ රිය ධාවන පාඨමාලාව 9 වන ශ්‍රී ලංකා යුද්ධ හමුදා සේවා බලකා ඒකකයේ අණදෙන නිලධාරීගේ මඟපෙන්වීම යටතේ එම ඒකකයේ පුහුණු උපදේශකයන් කණ්ඩායමක් විසින් මෙහෙයවනු ලැබීය. සම්මාන ප්‍රදානෝත්සවය අමතමින් සැපයුම් හා ප්‍රවාහන අධ්‍යක්ෂ බ්‍රිගේඩියර් හිරෝෂ වනිගසේකර සඳහන් කර සිටියේ සැපයුම් හා ප්‍රවාහන අධ්‍යක්‍ෂ මණ්ඩලය 1987 සිට 1988 දක්වා වූ කාල පරිච්ඡේදය තුළ නිසි ආකාරයෙන් පුහුණු කටයුතු සිදුකරමින් යුධ පිටියේ මෙහෙයුම් සාර්ථක කරගැනීමට ලබාදුන් දායකත්වය පිළිබඳව සහ වලංගු රියදුරු බලපත්‍රයක් තිබීම තුළින් විශ්වාසයෙන් යුතුව රිය පැදවීමේ අවස්ථාවක් කෙඩෙට් නිලධාරීන්ට උදාවනු ඇති බවද එතුමන් සඳහන් කළේය. තවදුරටත් කෙඩෙට් නිලධාරීන් ඇමතු එතුමන් සඳහන් කර සිටියේ හදිසි අවස්ථාවන්හීදි මෙන්ම යුධ පිටියේද දස්කම් දැක්වීමට මෙම පාඨමාලාව අතිරේක සුදුසුකමක් වනු ඇති බවය.

මෙම සම්මාන ප්‍රදානෝත්සවය සඳහා ශ්‍රී ලංකා යුද්ධ හමුදා විද්‍යාපීඨයේ සේනාවිධායක ඇතුලු එම විද්‍යාපීඨයේ කාර්ය මණ්ඩලය සහ සැපයුම් හා ප්‍රවාහන අධ්‍යක්‍ෂ මණ්ඩලයේ නිලධාරීන් පිරිසක් ද සහභාගී වූහ. jordan Sneakers | NIKE