Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

08th December 2020 22:46:39 Hours

සන්නද්ධ හමුදාවේ කාර්යභාරය සහ සමකාලීන ආරක්‍ෂක අභියෝග පිළිබඳව යුද්ධ හමුදාධිපතිතුමන් ආරක්‍ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලයේ ආරාධිත දේශනයේදී කරුණු පැහැදිලි කරයි

ත්‍රිවිධ හමුදාවේ නිලධාරීන් සඳහා උපාධි ප්‍රදානය කරනු ලබන ආරක්‍ෂක අධ්‍යන ක්ෂේත්‍රයේ අන්තර්ජාතිකව පිළිගත් මෙරට ප්‍රමුඛතම උසස් අධ්‍යන ආයතනයක් වන සපුගස්කන්ද, ආරක්‍ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලයේ ‘අණ හා මාණ්ඩලික නිලධාරි’ පාඨමාලා අංක 14 හදාරණු ලබන දේශීය සහ විදේශීය නිලධාරීන්ට යුද්ධ හමුදාධිපතිතුමන් විසින් පවත්වනු ලබන ආරාධිත දේශනය ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා විසින් අඟහරුවාදා (080 දින එම විද්‍යාලයේදී පවත්වනු ලැබීය.

‘සන්නද්ධ හමුදාවන්හී කාර්යභාරය ඇගයීම සහ ජාතික ආරක්‍ෂාව සහතික කිරීම, සමකාලීන ආරක්‍ෂක අභියෝග’ යන තේමාව යටතේ සිය දේශනය සිදුකළ ලුතිනන් ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා, ආරක්‍ෂක අභියෝගයන්, ජාතික හා ජාත්‍යන්තර ආරක්‍ෂක අවශ්‍යතා, ඩිජිටල්කරණය සහ බහුකාර්යයන් විසින් මතු කරනු ලබන අභියෝගයන්, නවීන ආයුධ, සමීප සහයෝගිතා ආරක්‍ෂක ජාල නඩත්තු කිරීම, ආරක්‍ෂාව සබැඳි තර්ජනයන්හී අන්තර් සම්බන්ධතාවය, ශ්‍රී ලංකාවට එල්ල විය හැකි විවිධ තර්ජන, ශ්‍රී ලංකාව බලාපොරොත්තු වන දෑ සහ මෙරට ප්‍රධාන භූගෝලීය කරුණු සහ අනාගත ගමන් මාර්ගය හැඩගැස්වීමේදී මෙතෙක් අවධානය යොමු නොවූ ක්ෂේත්‍රයන්හී වැදගත්කම යන අනු මාතෘකා යටතේ ආරක්‍ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලයේ උපාධිධාරී නිලධාරීන් හට කරුණු පැහැදිලි කළේය.

මෙවර ‘අණ හා මාණ්ඩලික’ පාඨමාලා අංක 14 හි ශ්‍රී ලංකා යුද්ධ හමුදා නිලධාරීන් 81 ක්, නාවික හමුදා නිලධාරීන් 23 ක් සහ ගුවන් හමුදා නිලධාරීන් 27 ක් මෙන්ම පකිස්ථානය, බංගලාදේශය, රුවන්ඩාව, මාලදිවයින, ඉන්දුනීසියාව, නේපාලය සහ සෞදි අරාබිය යන රටවල් නියෝජනය කරමින් විදේශිය ශිෂ්‍ය නිලධාරීන් 18 දෙනෙකුගෙන් සමන්විත නිලධාරීන් 149 දෙනෙක් අධ්‍යන කටයුතු සිදුකරනු ලැබේ.

මෙම අවස්ථාවට සපැමිණි ලුතිනන් ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා ආරක්‍ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලයේ සේනාවිධායක මේජර් ජෙනරල් ප්‍රභාත් දෙමටන්පිටිය ඇතුළු ආරක්‍ෂක මාණ්ඩලික විද්‍යාලයේ සාමාජිකයින් විසින් ඉතා උණුසුම් අයුරින් පිළිගනු ලැබිණි. දේශනයෙන් අනතුරුව උපාධිධාරීන් වෙනුවෙන් මෙම අවස්ථාවට පැමිණීම අගය කරමින් විශේෂ සමරුතිළිණයක් එතුමන් වෙත පිරිනමමින් කෘතඥතාවය පල කළේය. පසුව එතුමන් ආරක්‍ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලයේ ආරාධිතයින් සඳහා වූ සමරු සටහන් පොතේ විශේෂ සමරු සටහනක් තබමින් උත්සව අවස්ථාවේ අවසානය සනිටුහන් කළේය.

එහිදී, යුද්ධ හමුදාධිපතිතුමන් සිදුකළ දේශනයේ සම්පූර්ණ විඩියෝ දර්ශන පහතින් දැක්වේ: Buy Sneakers | NIKE HOMME