Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

30th November 2020 21:49:40 Hours

රාජකාරී නිමකර ශ්‍රී ලංකාවෙන් බැහැරව යන හා රාජකාරි අරඹනු ලබන ඔස්ට්‍රේලියානු ආරක්‍ෂක උපදේශකවරුන් යුද්ධ හමුදාධිපතිතුමන් හමුවෙයි

ශ්‍රී ලංකාවේ ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස් කාර්යාලයේ ආරක්‍ෂක උපදේශක ලෙස රාජකාරී කාළසීමාව අවසන් කොට නික්මෙනු ලබන ගෘප් කපිතන් සීන් අන්වින් (Sean Unwin) සහ නව ආරක්‍ෂක උපදේශක ලෙස රාජකාරී භාරගනු ලැබු කපිතන් ඉයන් කේන් (Ian Cain) යන නිලධාරීන් පසුගිය සඳුදා (30) දින යුද්ධ හමුදා මූලස්ථානයේදී ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි, යුද්ධ හමුදාධිපති සහ කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථාන ප්‍රධානි ලුතිනන් ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා හමුවූහ.

ඕස්ට්‍රේලියානු ආරක්‍ෂක උපදේශක, ගෘප් කපිතන් සීන් අන්වින් (Sean Unwin) සිය ධූර කාලය තුල තමාට ලබාදුන් සහයෝගය වෙනුවෙන් යුද්ධ හමුදාධිපතිතුමන්ට සිය කෘතඥතාවය පුදකළ අතර, ශ්‍රී ලංකාවේ ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස් කාර්යාලයේ නව ආරක්‍ෂක උපදේශක කපිතන් ඉයන් කේන් (Ian Cain) යුද්ධ හමුදාධිපතිතුමන් වෙත හඳුන්වා දෙන ලදී.

මෙම සුහද හමුව අතරතුර, යුද්ධ හමුදාධිපතිතුමන් සහ ඕස්ට්‍රේලියානු ආරක්‍ෂක උපදේශකවරුන් දෙපළ අතර ද්වීපාර්ශ්වික සහයෝගිතාවය සහ දෙරට තුළ කොවිඩ් - 19 වෛරස් වසංගතය පැතිරීම වැළැක්වීම වෙනුවෙන් ගනු ලබන පියවරයන් පිළිබඳවද අදහස් හුවමාරු කර ගන්නා ලදී.

සුහද සාකච්ඡාව අවසානයේදී යුද්ධ හමුදාධිපති සහ ආරක්‍ෂක උපදේශකවරුන් දෙපළ අතර සමරු තිළිණ ද හුවමාරුවක් ද සිදුවිය. Running Sneakers Store | NIKE Chaussures, Sacs, Vetements, Montres, Accessoires, Accessoires-textile, Beaute, Sous-vetements - Livraison Gratuite