Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

25th November 2020 21:39:48 Hours

පෞද්ගලික රෝහල් සහ රසායනාගාර තුල සිදුකෙරෙන PCR පරික්‍ෂණ මිළගණන් සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක්

පුද්ගලික අංශය මගින් සිදුකරනු ලබන PCR පරික්‍ෂණ සහ ඒවායේ මිළගණන් නිසි නියාමනයකට ලක් කරමින් මහජනතාවට කාර්යක්‍ෂම සේවයක් ලබාදීමේ අවශ්‍යතාව පිළිබඳ අද (25) දින කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ පැවැති සාකච්ඡාවකදී සුවිශේෂි අවධානයක් යොමු කෙරිණි.

මෙම අවස්ථාවට කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථාන ප්‍රධානි, ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි හා යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා සහ සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය අසේල ගුණවර්ධන සමගින් පෞද්ගලික රෝහල් සහ රසායනාගාරවල කළමනාකාරීත්වය සහ සෞඛ්‍ය අංශ ප්‍රවීණයින් රැසක් සහභාගි වූහ. මෙම සාකච්ඡාවේදී විශේෂ අවධානයක් යොමු කළේ, පෞද්ගලික අංශය විසින් PCR පරිකෂණ සිදු කිරීමේදී විවිධ ගාස්තු අය කිරිම සහ ඒවා එක් මට්ටමකට ගැනීමට කටයුතු කිරීම සඳහා අවශ්‍ය නියාමනයන් සකස් කිරීම පිළිබඳවයි. එහිදී, යුද්ධ හමුදාධිපතිතුමන් විශේෂයෙන්ම ප්‍රකාශ කළේ, රට යම් සෞඛ්‍ය අර්බුදයකට මුහුණපා සිටින අවස්ථාවක පෞද්ගලික ලාභ අපේක්‍ෂාවෙන් සැගවුණු වැඩපිළිවෙලවල් ක්‍රියාත්මක නොකර එක් පොදු වැඩපිළිවෙලක් වෙනුවෙන් පෞද්ගලික අංශයේ රෝහල් මෙන්ම රසායනාගාර ද එක් විය යුතු බවයි.

එසේම මෙම සාකච්ඡාවේදී, පෞද්ගලික අංශයේ රෝහල් සහ රසායනාගාර මුහුණපාන ගැටළු සම්බන්ධයෙන්ද අදාල පාර්ශවයන් විසින් අවධානය යොමු කළ අතර යුද්ධ හමුදාධිපතිතුමන් මෙන්ම සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජෙනරල්වරයා එම ගැටළු වලට එම අවස්ථාවේදීම ලබාදීය හැකි විසදුම් ලබාදීමට ද කටයුතු කළහ. එසේම, යමෙකුට මෙම පරික්‍ෂණ පෞද්ගලික මට්ටමින් ගෙවීමේ පදනමක් මත සිදුකරගැනීමේ අවශ්‍යතාව තිබේ නම් ප්‍රමුඛතාවය හඳුනාගෙන එවැනි පරික්‍ෂණ සිදුකිරීමට ඉඩ ලබාදීම සම්බන්ධයෙන් ද මෙම සාකච්ඡාවේදී සුවිශේෂි අවධානයක් යොමු කෙරිණි. Best Nike Sneakers | Nike News