Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

24th November 2020 21:31:47 Hours

වත්මන් තත්වය තුළ සිදුකිරීමට නියමිත ක්‍රියාවලීන් පිළිබඳ කොවිඩ් - 19 පැතිරීම පිළිබඳ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථාන කාර්ය සාධක බළකාය සාකච්ඡා කරයි

සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි, කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථාන ප්‍රධානී, ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද්ධ හමුදාධිපති ලුතිතන් ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා සහ සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය අසේල ගුණවර්ධනගේ ප්‍රධානත්වයෙන් අද (24) දින කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ පැවැති තවත් එක් සාකච්ඡාවකට කාර්යසාධක බලකා සාමාජිකයින් ඇතුළු විවිධ පාර්ශවකරුවන් රැසක් සහභාගී වූහ.

මේ වනවිට වෛරසය ආසදනය වු පුද්ගලයින් වැඩි වශයෙන් හඳුනාගැනීමත් සමඟ පවතින් තත්ත්වය හමුවේ ගනු ලබන හදිසි පියවරයන් පිළිබඳ මෙහිදි කාර්ය සාධක බලකාය විසින් සමාලෝචනය කරන ලදී.

හුදකලා ප්‍රදේශ හා ස්ථාන කළමනාකරණය, වෛරසය නව ප්‍රදේශවලට ආසාදනයවීම වලක්වාගැනීම, මහජනතාවගේ සංචරණයන් සීමා කිරීම, හුදෙකලා ප්‍රදේශවලට අත්‍යවශ්‍ය සේවා සැපයීම මෙන්ම මහජනතාවට අපහසුතාවයක් ඇතිවීම වළක්වා ගැනීම සඳහා ඇතිගරු ජනාධිපතිතුමාගේ උපදෙස් පරිදි හුදකලා ප්‍රදේශ සංඛ්‍යාව අවම කිරීමට සෑම උත්සාහයක්ම ගන්නා බවට මෙම සාකච්ඡාව අතරතුරදී යුද්ධ හමුදාධිපතිතුමන් රැස්ව සිටි පිරිස අමතමින් පැවසීය.

හුදෙකලා ප්‍රදේශයන් කුඩා පරිමාවන් යටතේ මාර්ග, කුඩා ගම්මාන, ග්‍රාම නිලධාරී කොට්ඨාස යනාදි ප්‍රදේශවල බලපෑම තක්සේරු ගත කළ හැක්කේ එවැනි ප්‍රදේශවල මිනිසුන්ගේ හැසිරිම මත පමණක් බැවින්, නව ආසාදිතයින් හුදෙකලා කල ප්‍රදේශවලින් නොව වෙනත් ප්‍රදේශවලින් හමුවූ බව වැඩිදුරටත් යුද්ධ හමුදාධිපතිතුමන් පැවසීය.

මහනුවර, මහයියාව, නුවරඑලිය, මස්කෙලිය යන ප්‍රදේශවලින් හඳුනාගත් නව ආසාදිතයින් පිළිබඳ කාර්ය සාධක බලකාය විසින් ගතයුතු පසු විපරම් ක්‍රියාමාර්ග පිළිබඳව හා අටළුවගම, බණ්ඩාරගම ප්‍රදේශවලින් නව ආසාදිතයින් වාර්තා වූ අතර එම ප්‍රදේශවල PCR පරීක්ෂණ හා ඇන්ටිජන් පරික්‍ෂණ සිදුකරන බව මෙහිදි පැවසීය. අද (24) දිනය තුළ පමණක් අටලුගම ප්‍රදේශයේ PCR පරීක්ෂණ 500 ක් සිදුකළ බවද එහිදී අවධාරණය කෙරිණි.

වෛරසය ආසාදනය වු පුද්ගලයින් අතරින් මේ වනවිට සම්පූර්ණ සුවය ලැබූ පුද්ගලයින් 14,496 ක් රෝහල්වලින් පිටව ගොස් ඇති අතර ඉතිරි පුද්ගලයින් 5,921 දෙනෙකු තවමත් රෝහල්වල සහ අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානහි ප්‍රතිකාර ලබන බවද එහිදී ප්‍රකාශ විය.

රෝහල්වල ප්‍රතිකාර ලබන මෙන්ම කොළඹ මහ නගර සභාවේ වෛද්‍ය මධ්‍යස්ථානහි ප්‍රතිකාර ලබන රෝගීන් පිළිබඳව ද මෙම සාකච්ඡාවේදී සාකච්ඡා කරන ලදී. එසේම රුපියල් 5000 ක දීමනාව ලබාදීම, සහන කටයුතු සඳහා රාජ්‍ය නොවන සංවිධානවල සහභාගීත්වය මෙන්ම දරුණු ලෙස පීඩාවට පත් පවුල් වෙනුවෙන් රුපියල් 10,000 ක පමණ වටිනාකමින් යුත් අත්‍යවශ්‍ය ද්‍රව්‍ය සැපයීම පිළිබඳව ද අදහස් හුවමාරු කර ගත්හ.

එසේම පුද්ගලික අංශයට ලබාදීමට ප්‍රථම ප්‍රතිදේහජනක පරීක්ෂණ සිදුකිරීම මේ වනවිට රාජ්‍ය අංශය සතුව ඇති බවත් එහි ඵලදායිතාවය අනුව පෞද්ගලික අංශය පිළිබඳව සලකා බැලිය යුතුය. Best jordan Sneakers | Nike for Men