Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

23rd November 2020 06:47:13 Hours

අපවත්වී වදාළ මහානායක හිමිපාණන්ගේ ආදහන පූජෝත්සවයට යුද්ධ හමුදාධිපතිතුමන් එක්වෙයි

අපවත් වී වදාළ රාමඤ්ඤ මහා නිකායේ අතිපූජ්‍ය නාපාන පේමසිරි හිමිපාණන්ගේ ආදහන පූජෝත්සවය අතිගරු ජනාධිපති ගෝඨාභය රාපක්‍ෂ මැතිතුමන්, විපක්‍ෂ නායක ගරු සජිත් ප්‍රේමදාස මැතිතුමන්, මධ්‍යම පාළාත් ආණ්ඩුකාරතුමන්, අමාත්‍යවරුන්, රාජ්‍ය අමාත්‍යවරුන්, ආරක්‍ෂක ලේකම්, ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා, නාවික හා ගුවන් හමුදාධිපතිවරුන්, වැඩබලන පොලිස්පති, විදේශීය නියෝජිතයින් සහ ගරුතර මහාසංඝරත්නය ඇතුළු දහස් සංඛ්‍යාත ජනතාවගේ සෝ සුසුම් මධ්‍යයේ කුණ්ඩසාලේ බණ්ඩාරනායක ජාතික පාසැල් ක්‍රීඩාංගනයේ දී ඉරිදා (22) දින සන්ධ්‍යාවේ පැවැත්විණි.

සියලුදෙනාගේ ගෞරවයට පාත්‍ර වී 98 වසක් ආයු වළදා අපවත්වී වදාළ නායක හිමිපාණන් බුද්ධ ශාසනයේ චිරස්තිථිය උදෙසා මහත් සේවයක් ඉටුකර අපවත් වී වදාළ නායක මාහිමිපාණන්ගේ දේහය තෙදිනක් පුරා හුරිකඩුව විද්‍යාසාගර පිරිවෙනෙහි මහජන ගෞරවය සඳහා තැන්පත් කර තිබූ අතර ඉරිදා (22) දින පුර්ණ රාජ්‍ය ගෞරව සහිතව ආචාර වෙඩිමුර පිරිනමා අපවත් වී වදාළ නායක හිමිපාණන්ගේ ශ්‍රී දේහය පිළිබද අවසන් කටයුතු සෞඛ්‍යාරක්‍ෂිත මාර්ගෝපදේශයන්ට මුල්තැනක් දෙමින් සිදු කෙරුණි.

ශ්‍රී දේහය ආදාහන පූජෝත්සවය සඳහා කුණ්ඩසාලේ බණ්ඩාරනායක ජාතික පාසැල් ක්‍රීඩාංගනය වෙත වැඩමවීමට ප්‍රථම එම ස්ථානයට ආරක්‍ෂක ලේකම්තුමන් සමඟින් සපැමිණි යුද්ධ හමුදාධිපතිතුමන් ආදාහන පූජෝත්සවයේ කටයුතු පිළිබඳ සොයා බැලීය. Running sports | Nike Air Max 270