Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

19th November 2020 19:06:59 Hours

යුද්ධ හමුදා ක්‍රීඩක / ක්‍රීඩිකාවන් වෙනුවෙන් නවතමයෙන් ඉදිකළ භෝජනාගාරය විවෘත කෙරේ

පනාගොඩ යුද්ධ හමුදා ක්‍රීඩා ගම්මානයේ අභිනවයෙන් ඉදිකළ කොමිෂන් නොලත් නිලධාරී සමාජ ශාලාව (Non-Commissioned Officers’ Club කෝප්‍රල්වරුන්ගේ භෝජනාගාරය) සහ සෙසුනිල භෝජනාගාරය (Other Ranks’ Mess සාමාන්‍ය සෙබලුන්ගේ භෝජනාගාරය) යුද්ධ හමුදා ක්‍රීඩා අධ්‍යක්‍ෂ බ්‍රිගේඩියර් මොහාන් රත්නායක ගේ ආරාධනයකට අනුව ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා ගේ සුරතින් අද (19) දින පස්වරුවේ විවෘත කෙරෙනි.

උණුසුම් පිළිගැනීමකින් අනතුරුව යුද්ධ හමුදාධිපතිතුමන් සමරු ඵලකය නිරාවරණය කර ක්‍රීඩා ගම්මානයේ අභිනවයෙන් ඉදිකළ රූපවාහිනි නැරඹුම් මැදිරියක් සහිත අංග සම්පුර්ණ කොමිෂන් නොලත් නිලධාරී සමාජ ශාලාව විවෘත කළේය.

ඉන් අනතුරුව, යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා දෙමහල් ගොඩනැගිලේ පළමු මහලයේ ස්ථාපිත සියලු පහසුකම් සහිත සෙසුනිල භෝජනාගාරය විවෘත කළේය.

යුද්ධ හමුදාධිපතිතුමන්ගේ උපදෙස් අනුව හිටපු ක්‍රීඩා අධ්‍යක්ෂ බ්‍රිගේඩියර් ලාල් චන්ද්‍රසිරි ගේ නායකත්වයෙන් ක්‍රියාත්මක කරනු ලැබු මෙම ව්‍යාපෘතිය වත්මන් ක්‍රීඩා අධ්‍යක්ෂ බ්‍රිගේඩියර් මොහාන් රත්නායක මගපෙන්වීම මත ක්‍රීඩා ගම්මානයේ සේනාවිධායක කර්නල් ප්‍රියන්ත නවරත්ත ගේ සහ ලුතිනන් කර්නල් ඩී. ධර්මසේන ගේ අධීක්‍ෂණය යටතේ 1 වන ඉංජිනේරු සේවා බලකායේ සහ ක්‍රීඩා ගම්මානයේ භටයින්ගේ තාක්‍ෂණික සහාය ඇතිව ඉදිකිරිම් කටයුතු සිදු කරන ලදී.

පනාගොඩ ක්‍රීඩා ගම්මානයේ ශ්‍රි ලංකා යුද්ධ හමුදාවේ ක්‍රීඩා කමිටු 40 න් ක්‍රීඩා කමිටු 19 ක් ස්ථාපිතව ඇති අතර, එහි පුහුණුවීම් කටයුතු වල නිරතවන ක්‍රීඩක ක්‍රීඩිකාවන් 1000 කට වැඩි ප්‍රමාණයක් රැදි සිටීයි. යුද්ධ හමුදා ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට නවීන පහසුකම් ලබාදීම තුළින් ඔවුන්ගේ මානසික මට්ටම ඉහළ නැංවීම හරහා පුහුණු කටයුතු සහ ක්‍රීඩා කෞෂ්‍යල්‍යන් ඉහළ නැංවීමේ අරමුණින් සියලු කටයුතු සැලසුම් කොට තිබිණි.

විවෘත කිරිමේ උත්සව අවස්ථාව සඳහා යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානී මේජර් ජෙනරල් ජගත් ගුණවර්ධන, නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානි මේජර් ජෙනරල් දුමින්ද සිරිනාග, බටහිර ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරල් චූල අබේනායක ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් සහභාගී වූහ. affiliate tracking url | Nike Shoes, Sneakers & Accessories