Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

06th November 2020 23:31:20 Hours

කොවිඩ් - 19 වෛරසය ව්‍යාප්තිය වැළැක්වීමේ යුද්ධ හමුදා කාර්යභාරය අගයමින් ෆොන්ටෙරා ආයතනය ඇසුරුම් කළ කිරි පරිත්‍යාග කරයි

ප්‍රමුඛ පෙළේ කිරි ආශ්‍රිත නිෂ්පාදකයෙකු වන ‘ෆොන්ටෙරා බ්‍රෑන්ඩ්ස් ලංකා පුද්ගලික සමාගම’ කොවිඩ් - 19 වෛරසය පැතිරීම වැළැක්වීමේ කටයුතු වල නිරතව සිටින හමුදා සාමාජිකයින් අතර බෙදාහැරීමේ අරමුණින් කිරි පැකට් 10,000 ක තොගයක් අද (06) දහවල් පරිත්‍යාග කරන ලදී.

එහිදී, ෆොන්ටෙරා සමාගමේ ශ්‍රී ලංකාවේ සහ ඉන්දියානු උප මහද්වීපයේ කළමණාකරන අධ්‍යක්‍ෂිකා විද්‍යා සිවරාජා මහත්මිය සමඟ ඇන්කර් කාණ්ඩයේ කළමණාකරු දිනිත් පතිරණ මහතා, සහකාර සමූහ සම්බන්ධීකරණ අධ්‍යක්‍ෂිකා තමරි සේනානායක මහත්මිය, ශ්‍රී ලංකා පාරිභෝගික අලෙවි කිරීම්, ආහාර සේවා සහ වෙළඳපොල සාමාන්‍යාධිකාරි රොෂාන් ද සිල්වා මහතා ඇතුළු සමාගමේ නියෝජිතයින් කිහිපදෙනෙකු ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා යුද්ධ හමුදා මූලස්ථානයේ දී හමු වී කොවිඩ් - 19 වෛරසය පැතිරීම වැළැක්වීම සඳහා ත්‍රිවිධ හමුදා භටපිරිස් විසින් ඉටුකරනු ලබන කාර්යභාරය සහ නිරෝධායන මධ්‍යස්ථාන පවත්වාගෙන යාම ඇතුළු කරුණු රැසක් ඇගයීමට ලක්කරමින් එම කිරි ටින් තොගය පිරිනැමූහ.

ඔවුන්ගේ ත්‍යාගශීලීභාවය වෙනුවෙන් සිය ස්තූතිය පුදකළ යුද්ධ හමුදාධිපතිතුමන් කඩිනමින් හමුදා සාමාජිකයින් අතර එම තොගය බෙදා හැරීමට කටයුතු කරන බව ද පැවසීය. Authentic Nike Sneakers | NIKE AIR HUARACHE