Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

03rd November 2020 12:00:31 Hours

යුද්ධ හමුදා සේවා වනිතා ඒකකය මඟින් යුද්ධ හමුදා සාමාජිකයින්ට සහන මිලට එළවළු

නිරෝධායන ඇඳිරි නීතිය පැනවීම හේතුවෙන් නිවාසවලට සීමා වී සිටින යුද්ධ හමුදා පවුල්වල සාමාජිකයින්ට සහනයක් ලෙස ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා ගේ උපදෙස් මත යුද්ධ හමුදා සේවා වනිතා ඒකකය මඟින් එළවළු වර්ග සහනදායි මිලට බෙදා හැරීමේ වැඩසටහනක් පැවැත්විණි.

මෙම ව්‍යාපෘතිය යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනි සුජීවා නෙල්සන් මහත්මිය ගේ නායකත්වයෙන් හා මඟපෙන්වීමෙන් නාරාහෙන්පිට, මැනිං ටවුන් යුද්ධ හමුදා නිල නිවාස සංකීර්ණයේදී ආරම්භ කළේය.

මෙම සමාරම්භක අවස්ථාව සඳහා යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනි සුජිවා නෙල්සන් මහත්මිය ඇතුළු සේවා වනිතා ඒකකයේ ජ්‍යෙෂ්ට සාමාජිකාවන් කිහිපදෙනෙක්, යුද්ධ හමුදා නිලධාරින් සහ සෙසු නිලයින් සහභාගී වූහ. jordan Sneakers | Nike for Men