Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

01st November 2020 15:29:18 Hours

යුද්ධ හමුදාවේ ජ්‍යෙෂ්ඨ බ්‍රිගේඩියර්වරුන් සිව්දෙ‍නෙකුට උසස්වීම්

ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වාගේ සහ ආරක්‍ෂක අමාත්‍යාංශයේ නිර්දේශය මත සන්නද්ධ හමුදා සේනාධිනායක අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මැතිතුමන් විසින් යුද්ධ හමුදාවේ බ්‍රිගේඩියර්වරුන් සිව්දෙනෙකු මේජර් ජෙනරාල් නිලයට උසස් කර ඇත.

ඒ අනුව, කෘෂිකර්ම හා පශු සම්පත් අධ්‍යක්‍ෂ බ්‍රිගේඩියර් ඉන්ද්‍රජිත් කඳනආරච්චි, ඉංජිනේරු සේනාංකයේ සේනාංකාධිපති බ්‍රිගේඩියර් චන්දන විජේසුන්දර, 52 වන සේනාංකයේ සේනාංකාධිපති බ්‍රිගේඩියර් කිත්සිරි ලියනගේ සහ ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වෙච්ඡා බලසේනාවේ නියෝජ්‍ය සේනාවිධායක බ්‍රිගේඩියර් ක්‍රිස්ටි ජයසිංහ මේජර් ජෙනරල් නිලයට උසස්වීම් ලද බව අද (02) දින පෙරවරුවේ යුද සේවා ලේකම් කාර්යාලය මගින් ප්‍රකාශයට පත්කොට ඇත. Best Nike Sneakers | Nike Air Force 1'07 Essential blanche et or femme - Chaussures Baskets femme - Gov