Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

01st November 2020 17:24:08 Hours

බස්නාහිර පළාතට හා තවත් සෙසු ප්‍රදේශ කිහිපයකට තවදුරටත් ඇඳිරි නීතිය පනවයි

හෙට (02) දින උදෑසන 0500 සිට නොවැම්බර් මස 09 වන සඳුදා දින උදෑසන 0500 දක්වා බස්නාහිර පළාතට නිරෝධායන ඇඳිරි නීතිය පනවන බව කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථාන ප්‍රධානි, ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා පැවසීය. එසේම, රත්නපුර දිස්ත්‍රික්කයේ ඇහැළියගොඩ පොලිස් බලප්‍රදේශයටත්, කුරුණෑගල නගර සභා සීමාවටත්, කුලියාපිටිය පොලිස් වසමටත් එම කාල සීමාව තුල නිරෝධායන ඇඳිරි නීතිය පනවන බව ද යුද්ධ හමුදාධිපතිතුමන් පැවසීය.

ජාතික රූපවාහිණිය, අනෙකුත් නාලිකා සමඟ සමගාමී විකාශයක් ලෙස විකාශනය කල යුද්ධ හමුදාධිපතිතුමන් ගේ විශේෂ ප්‍රකාශය සහිත විඩියෝව පහතින් දැක්වේ: Adidas shoes | NIKE