Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

25th October 2020 15:00:58 Hours

යුද්ධ හමුදා භටපිරිස් මන්නාරම ප්‍රදේශයේ තවත් කේරළ ගංජා තොගයක් සොයාගනී

බුද්ධි අංශයෙන් ලද තොරතුරකට අනුව, වන්නි ආරක්‍ෂක සේනා මුලස්ථානය යටතේ මන්නාරම ප්‍රදේශයේ ස්ථාපිත 54 වන සේනාංකායේ භටපිරිස් පේසාලෙයි ප්‍රදේශයේ ඔලුත්තුඩුවායි වෙරළ තීරයේ සඟවා තිබු කේරළ ගංජා කිලෝග්‍රෑම් 26.9 ක් අත්අඩංගුවට ගෙන ඇත.

වන්නි ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරල් ප්‍රියන්ත පෙරේරා ලබාදුන් උපදෙස් මත 54 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් ඉන්ද්‍රජිත් බණ්ඩාර ගේ අධීක්‍ෂණය යටතේ ඉකුත් සිකුරාදා (23) දින රාත්‍රියේ සිදුකරන ලද සෝදිසි මෙහෙයුමකදී වෙරළ තීරය ආශ්‍රිත ලැහැබක් තුළ සඟවා තිබු කේරළ ගංජා තොගයක් මෙලෙස සොයාගන්නා ලදී.

එමෙන්ම, මන්නාරම, තල්ලඩි ප්‍රදේශයේ පිහිටි 54 වන සේනාංකය යටතේ ස්ථාපිත 7 වන විජයබාහු පාබල රෙජිමේන්තුවේ භටපිරිස් කමාන්ඩෝ රෙජිමේන්තුවේ කේ - 9 ඛණ්ඩයේ සුනඛයින් යොදාගෙන ඉකුත් ඉරිදා (25) දින සිදුකරන ලද තවත් සෝදිසි මෙහෙයුමකදී තලෙයි මන්නාරම සිට කොළඹ දක්වා ධාවනය කරමින් තිබු බස්රථයක තිබී කේරළ ගංජා ග්‍රෑම් 9 ක් සොයාගන්නා ලදී.

දිවයිනෙන් මත්ද්‍රව්‍ය තුරන් කිරීමේ අරමුණින් රජය විසින් සිදුකරනු ලබන වැඩපිළිවෙලට සහාය දක්වමින් යුද්ධ හමුදාධිපතිතුමන්ගේ උපදෙස් මත භටපිරිස් මත්ද්‍රව්‍ය අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුම් දියත් කරනු ලබයි.

අත්අඩංගුවට ගත් කේරළ ගංජා තොගය වැඩිදුර පරික්‍ෂණ සඳහා පොලිසිය වෙත භාරදෙන ලදී. best shoes | Nike