Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

10th October 2020 15:53:25 Hours

උසස්වීම් ලැබු විනිසුරු අධි නිතිඥ ජෙනරල් වෙත යුද්ධ හමුදාධිපති නිල ලාංඡන පළඳවයි

71වන යුද්ධ හමුදා සංවත්සරය සහ යුද්ධ හමුදා දිනය වෙනුවෙන් මේජර් ජෙනරල් නිලයට උසස්වීම් ලැබු විනිසුරු අධි නිතිඥ ජෙනරල් ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොදු සේවා බලකායේ බ්‍රිගේඩියර් එඩ්වඩ් ජයසිංහ වෙත ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි හා යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා ගේ සුරතින් අද දින (11) පස්වරුවේ යුද්ධ හමුදා මුලස්ථානයේ පිහිටි සිය කාර්යාලයේදී නිල ලාංඡන පැළදවීය. එමෙන්ම, යුද්ධ හමුදා දිනයට සමගාමීව යුද්ධ හමුදාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් 13 දෙනෙකු මේජර් ජෙනරල් නිලයට උසස් කරන ලදී.

නිල ලාංඡන පැළදවීමෙන් අනතුරුව යුද්ධ හමුදාධිපතිතුමන් නව මේජර් ජෙනරාල් ජයසිංහ ගේ හමුදා වෘත්තියමය ජිවිතය හා පුද්ගලික ජිවිතය සාර්ථක කරගැනීම සඳහා ද සුබපැතුම් පිරිනැමීය. Buy Sneakers | AIR MAX PLUS