Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

10th October 2020 11:53:25 Hours

MINUSMA මෙහෙයුමේ ශ්‍රී ලංකා භටපිරිස් ප්‍රමාණය වැඩිකිරීමට යෝජනාවක්

මාලි රාජ්‍යයේ සේවය කරන ශ්‍රී ලංකා සංග්‍රාමික රථ ආරක්‍ෂක කණ්ඩායමේ අණදෙන නිලධාරි ලුතිනන් කර්නල් ශ්‍රිනාත් ගාල්ලගේ විසින් කරන ලද ආරාධනයකට අනුව නැගෙනහිර මුලස්ථානයේ සංචාරයක නිරතවූ මාලි රාජ්‍යයේ බහුවිධ ඒකාබද්ධ ස්ථායිතාවය ඇති කිරීමේ මෙහෙයුම් මූලස්ථානයේ (MINUSMA) මෙහෙයුම් සහයක අධ්‍යක්‍ෂ ලුතිනන් ජෙනරල් (විශ්‍රාමික) ඇන්ටන් ඇන්ට්හෙව් (Lieutenant General (Retd) Anton Antvhev) මාලි රාජ්‍යයේ සේවයේ යොදවා සිටින ශ්‍රී ලංකා සංග්‍රාමික රථ ආරක්‍ෂක භටපිරිස්හි කාර්යභාර්ය ප්‍රශංසාවට ලක් කළේය.

“සාමසාධක හමුදාවක මෙහෙයුම්හි සාර්ථකත්වය රඳා පවතින්නේ පවතින සම්පත් මනා කලමණාකාරිත්වයෙන් පවත්වාගෙන යාම හා භටපිරිස්හි හැකියාව විධිමත් ලෙස පවත්වා ගෙන යාම තුළින් වන අතරම ගැටුම්කාරී අවස්ථාවන්හිදී සිවිල් වැසියන් ආරක්‍ෂා කිරීමේ මෙහෙවර අපට පැවරී ඇත. සිවිල් වැසියන්ට මෙන්ම සාම සාධක ක්‍ෂේත්‍රයේ ක්‍රියාත්මක වන විවිධ එක්සත් ජාතීන්ගේ නියෝජිතයන්ට ආරක්‍ෂාව සැපයීම, රාජ්‍ය නොවන සංවිධානවලට ආරක්‍ෂාව හා ගමන් කිරීමේ නිදහස ලබාදීම සංග්‍රාමික රථ ආරක්‍ෂක භට කණ්ඩායම්වලින් සිදුකල මෙහෙයුම් මගින් පමණක් ඵලදායී ලෙස සිදුකළ හැක” යැයි අධ්‍යක්‍ෂතුමන් ශ්‍රී ලංකා සංග්‍රාමික රථ ආරක්‍ෂක කණ්ඩායමේ අණදෙන නිලධාරි වෙත පැවසීය.

මාලි රාජ්‍යයේ බහුවිධ ඒකාබද්ධ ස්ථායිතාවය ඇති කිරීමේ මෙහෙයුම් මූලස්ථානය (MINUSMA) මාර්ගයන්හි සිදුකරනු ලබන මෙහෙයුම් කටයුතු පුළුල් කර ඇති බවත් මෙහෙයුම් මුලස්ථානය යටතේ පැවරී ඇති ක්ෂේත්‍ර රාජකාරී අනාරක්‍ෂිත ප්‍රදේශ රාශියක් ඇති බවත් සතුරා මෙම අනාරක්ෂිත ප්‍රදේශ රථ වාහන පැහැරගැනීමට හා ප්‍රහාර එල්ල කිරීමට උපයෝගී කරගන්නා බවත් එතුමන් තවදුරටත් පැහැදිලි කළේය. සංග්‍රාමික රථ ආරක්‍ෂක කණ්ඩායමේ මෙහෙයුම් සඳහා වඩාත් තර්ජනයක් වී ඇති සංවිධාන සමහර අවස්ථාවන්හිදී සැගවී සන්නද්ධ ප්‍රහාර එල්ල කරන බවත් ප්‍රධාන සැපයුම් මාර්ගවල හෝ ඒ අවට පුපුරණ ද්‍රව්‍ය ස්ථානගත කිරීමට අපේක්‍ෂා කරන බවත් එතුමන් අවධාරණය කළේය. “මෙම පසුබිම තුළ, සංග්‍රාමික රථ ආරක්‍ෂක මෙහෙයුම්වලදී ශ්‍රී ලංකා භටපිරිස් සෑම අංශයකින්ම ඉහළ මට්ටමේ වෘත්තීය නිපුණතාවයක් සහ විනයක් සහිත විශිෂ්ඨ භටපිරිසක් ලෙස සිය කාර්යභාර්යන් ඉටු කළහ. මාලි රාජ්‍යයේ බහුවිධ ඒකාබද්ධ ස්ථායිතාවය ඇති කිරීමේ මෙහෙයුම් මූලස්ථානයේ (MINUSMA) මෙහෙයුම් සඳහා යොදවා සිටින ශ්‍රී ලංකා සංග්‍රාමික රථ ආරක්‍ෂක කණ්ඩායම බලඇණි මට්ටමකට ව්‍යාප්ත කිරිමට හැකියාවක් ඇත්තේ නම් එතුලින් මාලි රාජ්‍යයේ බහුවිධ ඒකාබද්ධ ස්ථායිතාවය ඇති කිරීමේ මෙහෙයුම් මූලස්ථානය (MINUSMA) හි අරමුණු හා ඉලක්ක කරා ගමන් කිරීමට බොහෝ පහසුවනු ඇතැයි” යනුවෙන් පැවසීය.

මෙම අවස්ථාවට ශ්‍රී ලංකා සංග්‍රාමික රථ ආරක්‍ෂක කණ්ඩායමේ භඨකාර්ය සම්පාදන නිලධාරි මේජර් ජයන්ත සූරියසේන මහතා ද සහභාගී විය. Best Authentic Sneakers | Nike Shoes