Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

10th October 2020 17:57:01 Hours

නව මේජර් ජෙනරාල්වරු 09 දෙනෙකුට යුද්ධ හමුදාධිපති නිල ලාංඡන පළඳවයි

71වන යුද්ධ හමුදා සංවත්සරය සහ යුද්ධ හමුදා දිනය වෙනුවෙන් මේජර් ජෙනරල් නිලයට උසස්වීම් ලැබු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් නව දෙනෙකුට ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි හා යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා ගේ සුරතින් අද දින (10) නිල ලාංඡන පැළදවීය.

64 වන සේනාංකයේ සේනාංකාධිපති ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ මේජර් ජෙනරල් අජිත් පල්ලාවල, 68 වන සේනාංකයේ සේනාංකාධිපති කමාන්ඩෝ රෙජිමේන්තුවේ මේජර් ජෙනරල් උපාලි රාජපක්‍ෂ, තොරතුරු තාක්‍ෂණ අධ්‍යක්‍ෂ ජෙනරල් ශ්‍රී ලංකා සංඥා බළකායේ මේජර් ජෙනරල් අශෝක පීරිස්, මානව හිමිකම් හා ජාත්‍යන්තර මානුෂීයවාදි නීති අධ්‍යක්‍ෂ ජෙනරල් ශ්‍රී ලංකා පාබල හමුදාවේ මේජර් ජෙනරල් ප්‍රියන්ත ගමගේ, පාබල පුහුණු මධ්‍යස්ථානයේ සේනාවිධායක ගජබා රෙජිමේන්තුවේ මේජර් ජෙනරල් චම්පික රණසිංහ, 11 වන සේනාංකයේ සේනාංකාධිපති ගජබා රෙජිමේන්තුවේ මේජර් ජෙනරල් සාරද සමරකෝන්, 53 වන සේනාංකයයේ සේනාංකාධිපති විජයබාහු පාබල රෙජිමේන්තුවේ මේජර් ජෙනරල් නිශාන්ත මානගේ, 65 වන සේනාංකයේ සේනාංකාධිපති ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ මේජර් ජෙනරල් ටිකිරි දිසානායක සහ ඉංජිනේරු සේවා අධ්‍යක්‍ෂ ජෙනරල් ඉංජිනේරු සේවා බලකායේ මේජර් ජෙනරල් රොහාන් ගනේගොඩ මෙලෙස යුද්ධ හමුදාධිපති සුරතින් නිල ලාංඡන පැළඳවීය.

එමෙන්ම, මේජර් ජෙනරල් නිලයට උසස්වීම් ලැබූ 51 වන සේනාංකයේ සේනාංකාධිපති ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ බ්‍රිගේඩියර් සුමිත් ප්‍රේමලාල්, 55 වන සේනාංකයේ සේනාංකාධිපති විජයබාහු පාබල රෙජිමේන්තුවේ බ්‍රිගේඩියර් සිසිර පිලපිටිය, 62 වන සේනාංකයේ සේනාංකාධිපති ශ්‍රි ලංකා සන්නාහ සන්නද්ධ බලකායේ බ්‍රිගේඩියර් සමන්ත සිල්වා සහ විනිසුරු අධි නිතිඥ ජෙනරල් ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොදු සේවා බලකායේ බ්‍රිගේඩියර් එඩ්වඩ් ජයසිංහ හට යුද්ධ හමුදාධිපති කාර්යාලයේදී සෙනසුරාදා (10) දින යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා ගේ සුරතින් නිල ලාංඡන පැළඳවීමේ අවස්ථාවට රාජකාරී හේතුන් මත සහභාගි නොවීය.

මේජර් ජෙනරල්වරුන්ට නිල ලාංඡන පැළඳවීමෙන් අනතුරුව ඔවුන් යුද්ධ හමුදාව වෙනුවෙන් කළ සේවය අගයමින් යුද්ධ හමුදාපතිතුමා විසින් සමරු තිළිණ ප්‍රදානය කරමින් ඔවුන්ගේ අනාගතයට සුබ පැතුම් එක් කළේය.

එම අවස්ථාවේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් යුද්ධ හමුදාධිපතිතුමා කළ ප්‍රකාශය පහතින් දැක්වේ. Running sneakers | Nike, adidas, Converse & More