Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

23rd September 2020 15:00:02 Hours

මධ්‍යම භටපිරිස් බණ්ඩාරවෙල නගරයේ අවන්හලක හදිසියේ ඇති වූ ගින්නක් මැඩපවත්වති

බණ්ඩාරවෙල නගරයේ අවන්හලක උඩුමහලේ බදාදා (23) දින පස්වරුවේ හදිසියේ හටගත් ගින්නක් පිළිබඳ සැලවූ වහාම මධ්‍යම ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරල් කීර්ති කොස්තා ලබාදුන් උපදෙස් මත යුහුසුළුව ක්‍රියාත්මක වූ එම ආරක්‍ෂක සේනා මූලස්ථානය යටතේ සේවයෙන් නියුතු භටපිරිස් බණ්ඩාරවෙල ගිනි නිවිමේ ඒකකයේ නිලධාරීන් සමඟ එක්ව ගින්න මැඩපැවැත්වීමට සමත්වී ඇත.

ඇති වූ ගින්න යුද්ධ හමුදා භටපිරිස් මහත් පරිශ්‍රමයක් යොදා පාලනය කර ඇති අතර, නමුත් අවන්හලේ තිබු ගෘහ භාණ්ඩ හා අනෙකුත් උපාංග ගින්නෙන් විනාශ වී අවන්හලට දැඩි හානි සිදුවී ඇත. Running sport media | Nike Shoes