Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

20th September 2020 12:00:43 Hours

මධ්‍යම ආරක්‍ෂක සේනා මුලස්ථානයේ භටපිරිස්හි ශ්‍රමදායකත්වයෙන් ඉදිකළ ‘සිරස නිවස’ ව්‍යාපෘතියේ තවත් නිවසක් විවෘත කෙරේ

‘සිරස’ මාධ්‍ය ජාලයේ ‘සිරස නිවස’ ව්‍යාපෘතිය යටතේ ඇතිමලේ ප්‍රදේශයේ පදිංචි අඩු ආදායම්ලාභි තවත් පවුලක් වෙනුවෙන් නව නිවසක් ඉදිකරදීම සඳහා ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි හා යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ගේ උපදෙස් මත මධ්‍යම ආරක්‍ෂක සේනා මුලස්ථානය යටතේ සේවයේ නියුතු භටපිරිස්හි තාක්‍ෂණික දැනුම හා ශ්‍රමදායකත්වය ලබාදී තිබිණි.

සිරස මාධ්‍ය ජාලයට වසර 25 ක් සපිරීම නිමිත්තෙන් විවිධ ආර්ථික දුෂ්කරතාවයන්ගෙන් පෙළෙන පවුලක්වෙනුවෙන් නව නිවසක් ඉදිකර දීමට යෝජිත වූ අතර,එම නිවස අවම පිරිවැයක් යොදා යුද්ධ හමුදා භටපිරිස්හි ශ්‍රමදායකත්වයෙන් ඉදිකරදීම සඳහා යුද්ධ හමුදාධිපතිතුමන් උපදෙස් ලබාදී තිබුණි.

යුද්ධ හමුදා භටපිරිස් විසින් ඉදිකරනු ලැබු ‘සිරස නිවස’ ඉකුත් අඟහරුවාදා (15) දින පැවති උත්සවයකදී එම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සපැමිණි මධ්‍යම ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරල් කීර්තී කොස්තා ගේ සුරතින් විවෘත කරනු ලැබීය.

අභිනවයෙන් ඉදිකළ නව නිවස විවෘත කිරීමේ උත්සවයට ‘සිරස නිවස’ ව්‍යාපෘතිය නියෝජනය කරමින් එම්.ටී.වී/එම්.බී.සී, ‘සිරස’ මාධ්‍ය අංශ ප්‍රධානි සමුහ අධ්‍යක්‍ෂිකා නිඩ්‍රා වීරසිංහ මහත්මිය, 12 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් හේමන්ත බණ්ඩාර, 121 වන බලසේනාවේ බලසේනාධිපති කර්නල් උදය සේරසිංහ, සිරස මාධ්‍ය ජාලයේ විධායක නිලධාරීන්, රාජ්‍ය නිලධාරීන් ඇතුළු ගම්වාසින් සහභාගී වූ අතර, එහිදි නිවාස ප්‍රතිලාභියා වෙත නව නිවසේ යතුර භාරදෙනු ලැබීය. Asics footwear | Nike KD 14 Colorways, Release Dates, Price , Iicf