Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

19th September 2020 17:13:10 Hours

යුද්ධ හමුදාධිපතිතුමන්ගේ උපදෙස් මත සෘජුකාරක හා අංගාදේශක විකලාංග කාර්මිකාගාර දෙකක් ඉදිකරයි

ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි හා යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා අනුරාධපුර ‘අභිමන්සල -1’ සහ පාන්ගොල්ල ‘අභිමන්සල - 3’ හි සේනාවිධායකවරුන් වෙත ලබාදුන් උපදෙස් මත ආබාධිත රණවිරුවන්ගේ කෘත්‍රිම අත් පා අලුත්වැඩියා කටයුතු සඳහා ස්ථාපිත කළ සෘජුකාරක හා අංගාදේශක විකලාංග කාර්මිකාගාර දෙක ඉකුත් අඟහරුවාදා (15) දින විවෘත කෙරිණි.

ආබාධිත රණවිරුවන් විශාල ප්‍රමාණයක් අනුරාධපුර සහ කුරුණගල දිස්ත්‍රික්කවල පදිංචිව සිටින අතර ඔවුන්ට කෘත්‍රිම අත් පා අලුත්වැඩියාවන් සිදුකරගැනීම සඳහා ‘රණවිරු සෙවන - රාගම’ හෝ ‘සැනසුම - ගාල්ල’ වෙත යාමට සිදුවී ඇත. එනිසා අභිනවයෙන් සෘජුකාරක හා අංගාදේශක විකලාංග කාර්මිකාගාර දෙක ස්ථාපිත කිරීම තුළින් අනුරාධපුර හා කුරුණෑගල ආබාධිත රණවිරුවන්ට එම අලුත්වැඩියා කටයුතු පහසුවෙන් සිදුකරගැනීමට අවස්ථාව සැලසෙනු ඇත.

මෙම කාර්මිකාගාර ආරම්භක දින අනුරාධපුර, කුරුණෑගල, පුත්තලම හා නුවර දිස්ත්‍රික්ක නියෝජනය කරමින් රණවිරුවන් 12 දෙනෙකු පැමිණ එහි සහය ලබාගත් අතර, මෙම කාර්මිකාගාර ද්විත්වය මේවන විට දිවයින පුරා සිටින සෙබළුන් සඳහා විවෘතය.

අනුරාධපුර සහ කුරුණගල ප්‍රදේශයන්හි කෘත්‍රිම අත් පා අලුත්වැඩියා ඒකක දෙකක් ස්ථාපිත කරන බව දැනගැනිමෙන් පසුව මෙම ඒකක දෙක විවෘත කිරීමේ සමාරම්භක දිනයේදී අනුරාධපුර, කුරුණගල, පුත්තලම්, මහනුවර සහ යාබද ප්‍රදේශවලින් ආබාධිත රණවිරුවන් 12 දෙනෙකු ඔවුන්ගේ කෘත්‍රිම අත් පා අලුත්වැඩියා කටයුතු සඳහා පැමිණ තිබුණි.

මෙම සමාරම්භක අවස්ථාවට අනුරාධපුර ‘අභිමන්සල -1’ සේනාවිධායක බ්‍රිගේඩියර් තුසිත හෙට්ටිආරච්චි සහ ‘අභිමන්සල -3’ හි සේනාවිධායක කර්නල් අරුණ විජේගුණවර්ධන හා තවත් පරිපාලන නිලධාරීන් කිහිපදෙනෙක් එක් වූහ. affiliate tracking url | Air Jordan 1 Retro High OG 'University Blue' — Ietp