Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

20th September 2020 13:30:48 Hours

බූවැලිකඩ ප්‍රදේශයේ නායයෑමට ලක්වූ ගොඩනැගිල්ලේ සුන්බුන් අතර සිරවූවන් මුදාගැනීමේ මෙහෙයුම් මේ තවමත් සිදුකෙරේ

මහනුවර, බූවැලිකඩ ප්‍රදේශයේ ගොඩනැගිල්ලක් නායයෑමකට ලක්ව තවත් නිවසක් මතට කඩා වැටීමෙන් පුද්ගලයින් කිහිපදෙනෙකු සුන්බුන් අතර සිරවී සිටින බැවින් ඔවුන් මුදාගැනිමේ දැවැන්ත මෙහෙයුමක මේ වනවිටත් මධ්‍යම ආරක්‍ෂක සේනා මුලස්ථානය යටතේ ස්ථාපිත 11 වන සේනාංකයට අයත් 2 වන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තු, 10 වන ගජබා රෙජිමේන්තු සහ ශ්‍රී ලංකා රයිෆල් බලකා භටපිරිස් නිරතව සිටිති.

අද (20) දින උදෑසන වාර්තා වූ පරිදි, සුන්බුන් අතර සිරවී සිටි පුද්ගලයින් අතරින් තුවාල ලැබු තිදෙනෙකු යුද්ධ හමුදාව හා අනෙකුත් ගලවා ගැනීමේ භටපිරිස් විසින් බේරාගෙන ඇත.

මහනුවර ප්‍රදේශයේ පසුගිය දින කිහිපය තුළ ඇඳහැලුණු ධාරානිපාත වර්ෂාපතනය සහ අයහපත් කාලගුණික තත්තවය මත කඳුකර ප්‍රදේශ හා අවට පාංශු ඛාදනයවී නායයෑම් අවධානමකට ලක්ව ඇති බව වාර්තා සඳහන් කරයි.

මෙම බූවැලිකඩ නායයෑමෙන් තවත් පුද්ගලයින් කිහිපදෙනෙකු සුන්බුන් අතර සිරවි සිටින බවට තොරතුරු අනාවරණය වී තිබෙන අතර සුන්බුන් අතර සිරවී සිට මුදාගත් කුඩා දරුවෙකු මහනුවර මහ රෝහලට ඇතුලත් කිරීමෙන් පසු මියගිය ගොස් ඇත.  

ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි හා යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා ලබාදුන් උපදෙස් මත මධ්‍යම ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරල් කීර්ති කොස්තා, 11 වන සේනාංකයේ සේනාංකාධිපති බ්‍රිගේඩියර් සාරද සමරකොන්, 111 වන බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් නලින් බණ්ඩාර, 2 වන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ, 10 වන ගජබා රෙජිමේන්තුවේ හා ශ්‍රී ලංකා රයිෆල් බලකායේ අණදෙන නිලධාරීන්ගේ අධීක්‍ෂණය යටතේ භටපිරිස් විසින් මේ වනවිටත් මුදාගැනීමේ සහ සෝදිසි මෙහෙයුම් සිදුකරමින් පවතී. Buy Kicks | Buy online Sneaker for Men