Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

17th September 2020 21:00:00 Hours

බටහිර ආරක්‍ෂක සේනා මුලස්ථානයේ භටපිරිස්හි ශ්‍රමදායකත්වයෙන් ඉදිකළ ‘සිරස නිවාස’ ව්‍යාපෘතියේ තවත් නිවසක් විවෘත කෙරේ

එම්.ටී.වී/එම්.බී.සී, ‘සිරස’ මාධ්‍ය ජාලයේ ‘සිරස නිවාස’ ව්‍යාපෘතිය යටතේ හොරණ, ගෝනපොල ප්‍රදේශයේ පදිංචි අඩු ආදායම්ලාභි තවත් පවුලක් වෙනුවෙන් නව නිවසක් ඉදිකරදීම සඳහා ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි හා යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ගේ උපදෙස් මත බටහිර ආරක්‍ෂක සේනා මුලස්ථානය යටතේ ස්ථාපිත 1 වන ඉංජිනේරු සේවා බලකායේ සහ ශ්‍රී ලංකා යුද්ධ හමුදා පූරෝගාමී බලකායේ භටපිරිස්හි තාක්‍ෂණික දැනුම හා ශ්‍රමදායකත්වය ලබාදී තිබිණි.

බටහිර ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරල් චුල අබේනායක ගේ අධීක්‍ෂණය භටපිරිස්හි තාක්‍ෂණික දැනුම හා ශ්‍රමදායකත්වය යොදාගනිමින් ‘සිරස නිවස’ ව්‍යාපෘතිය විසින් ලබාදුන් මුල්‍යමය අනුග්‍රාහකත්වය මත මෙම නිවසේ ඉදිකිරීම් කටයුතු සාර්ථකව අවසන් කර තිබුණි.

ඉකුත් සිකුරාදා (18) දින පැවැති අභිනවයෙන් ඉදිකළ නිවස විවෘත කිරීමේ උත්සවයට බටහිර ආරක්‍ෂක සේනා ආඥාපති නියෝජනය කරමින් ව්‍යාපෘති භාර නිලධාරී කර්නල් තුෂාන් ගනේපොල සහභාගි වූ අතර ‘සිරස නිවාස’ ව්‍යාපෘතිය නියෝජනය කරමින් එම්.ටී.වී/එම්.බී.සී, ‘සිරස’ මාධ්‍ය අංශ ප්‍රධානි සමුහ අධ්‍යක්‍ෂිකා නිඩ්‍රා වීරසිංහ මහත්මිය ද සහභාගි වූවාය.

ආර්ථික දුෂ්කරතාවයන්ගෙන් පෙළෙන කේ. රුවන් ප්‍රසන්නජිත් මහතාගේ ජීවන තත්ත්වය අවධානයට ලක්වීමෙන් පසුව,සිරස මාධ්‍යජාලයේ අනුග්‍රහය ඇතිව අවම පිරිවැයක් යොදා යුද්ධ හමුදා භටපිරිස්හි ශ්‍රමදායකත්වයෙන් අභිනවයෙන් නිවසක් ඉදිකරදීම සඳහා යුද්ධ හමුදාධිපතිතුමන් උපදෙස් ලබාදී තිබුණි.

ප්‍රධාන ආරාධිත අමුත්තා ඇතුළු අනුග්‍රාහකයින් විසින් සුබ මොහොතින් නව නිවසේ නාමපුවරුව නිරාවරණය කිරීමෙන් අනතුරුව පූරාණ සම්ප්‍රදායානුකූලව පොල්තෙල් පහන දල්වා කිරි ඉතිරවීම සිදුකර නිවාසලාභියා වෙත නව නිවසේ යතුර ප්‍රදානය කෙරිණි. Nike Sneakers Store | Air Jordan