Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

17th September 2020 20:01:20 Hours

යුද්ධ හමුදාව විසින් දියත් කරනු ලබන ‘තුරු මිතුරු - නව රටක්’ ව්‍යාපෘතිය මගින් මහජනයා වෙත අතහිත

යුද්ධ හමුදාධිපතිතුමන්ගේ සංකල්පයකට අනුව දියත් කරනු ලබන ‘තුරු මිතුරු - නව රටක්’ ව්‍යාපෘතියට සමගාමීව යුද්ධ හමුදා සාමාජිකයින් සහ යුද්ධ හමුදා කඳවුරු ආශ්‍රිත ජිවත් වන ගොවිජනතාවට හා මහජනතාව අතර ආහාර බෝග වගාව ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් යුද්ධ හමුදා මූලස්ථානයේ කෘෂිකර්ම හා පශු සම්පත් අධ්‍යක්‍ෂ මණ්ඩලය කොමර්ෂල් බැංකුව සමඟ එක්ව මධ්‍යම පළාතේ යුද්ධ හමුදා කඳවුරු අවට වෙසෙන ගොවි ජනතාව වෙත බෙදාදීම සඳහා එළවලු බීජ, ට්‍රැක්ටර්, යන්ත්‍රෝපකරණ ඇතුළු අනෙකුත් මෙවලම් තොගයක් අද (14) දින සුදානම් කෙරිනි.

කොමර්ෂල් බැංකු කළමනාකාරීත්වයේ අනුග්‍රහය ඇතිව ඔවුන්ගේ ‘ඕබේ ජය - අපේ පැතුමයි’ යන තේමාව යටතේ පැවැති මෙම උත්සවය අතරතුරදී රුපියල් මිලියන 5 ක වටිනාකමින් යුත් භාණ්ඩ අත් ට්‍රැක්ටර් 2 ක් (Hand Tractors), මිනි කල්ටිවේටර් 3 ක් (Mini Cultivators), මිනි රොටරි ස්ලෑෂර් 2 ක් (Mini Rotary Slashers), නැප්සැක් දියර ඉසින යන්ත්‍ර 20 ක් (Napsek Spray Machines), ලීටර් 100 ජල ටැංකි 10 ක් (100 litre water tanks), විදුලි බලයෙන් ක්‍රියාත්මක අඟල් 2 ජල පොම්ප 9 ක් (water pumps), අගල් 9 X 9 උදළු තල 175 ක් (Mamotees), අත් සවල් 175 ක් (Hand shovels), අත් මුල්ලූ 175 ක් (Hand Mullu), යකඩ ඉනි 166 ක් (Iron Bars), සෙකටියර් 50 ක් (Secotiers) සහ රොටවේටර් යන්ත්‍රයක් (Rotavator) මෙලෙස ප්‍රදානය කරනු ලැබිණි. මධ්‍යම ආරක්‍ෂක සේනා මුලස්ථාන බලප්‍රදේශයේ පවුල් 165 ක් අතර බෙදාදීම සඳහා මෙම උපකරණ තොගය යුද්ධ හමුදා මුලස්ථානයේදී ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී හා යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා වෙත නිල වශයෙන් භාරදීම සිදු කෙරිණි. මෙම අවස්ථාවට කොමර්ෂල් බැංකුවේ සභාපති ධර්ම දාරසිංහ මහතා ඇතුළු බැංකු නිලධාරීන්, ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ ආරාධිතයන් කිහිපදෙනෙකු සහභාගී විය.

යුද්ධ හමුදා කෘෂිකර්ම හා පශු සම්පත් අධ්‍යක්‍ෂ බ්‍රිගේඩියර් ඉන්ද්‍රජිත් කදනආරච්චි ගේ උපදෙස් මත යුද්ධ හමුදා මූලස්ථානයේදී සංවිධානය කරන ලද මෙම උත්සවය අතරතුරදී, මධ්‍යම පළාතේ එළවළු ගොවීන් දිරීගන්වමින් රුපියල් මිලියනයක පමණ වටිනාකමක් යුත් බෝංචි බීජ කිලෝග්‍රෑම් 300 ක්, කැරට් බීජ කිලෝග්‍රෑම් 20 ක් සහ බඩ ඉරිඟු බීජ කිලෝග්‍රෑම් 3000 ක් සංකේතාත්මකව යුද්ධ හමුදාව වෙත පරිත්‍යාග කරන ලදී. කොමර්ෂල් බැංකුව සමඟ එක්වූ අයිකන් පුද්ගලික සමාගම (ICON Private Limited) බීජ තොගය පරිත්‍යාග කිරීම සඳහා විශේෂ සහයක් දක්වන ලදී.

අතිගරු ජනාධිපතිතුමාගේ ‘සෞභාග්‍යයේ දැක්ම’ ප්‍රතිපත්ති ප්‍රකාශයට සමගාමීව යුද්ධ හමුදාධිපතිතුමන්ගේ සංකල්පයකට අනුව වර්ෂ 2019 අග භාගයේදී ආරම්භ කරන ලද ‘තුරු මිතුරු - නව රටක්’ ව්‍යාපෘතිය යටතේ සියළුම කඳවුරු තුළ වගා කිරීම සහ එම කඳවුරු අවට ගොවි ප්‍රජාවන්ට බීජ, පොහොර, යන්ත්‍රෝපකරණ, මෙවලම් සැපයීම සහ වාණිජමය වටිනාකමින් යුත් බෝග වගා කිරීම සඳහා සහායවීමට දිවයින පුරා පිහිටි සියලුම යුද්ධ හමුදා කඳවුරු වෙත උපදෙස් ලබාදෙන ලදී.

ඒ අනුව, යුද්ධ හමුදා කෘෂිකර්ම හා පශු සම්පත් අධ්‍යක්‍ෂ මණ්ඩලය සිය පුරෝගාමී ව්‍යාපෘතිය බත්තරමුල්ල, ශ්‍රී ජයවර්ධනපුර යුද්ධ හමුදා මුලස්ථාන පරිශ්‍රයෙන් ආරම්භ කිරීමෙන් පසු දිවයින පුරා කෘෂිකාර්මික ව්‍යාපෘතීන් දියත් කරන ලදී. එහිදී, විශාල වශයෙන් පුරන් වූ කුඹුරු අස්වැද්දීම සිදුකරන ලබන අතර නව යුද්ධ හමුදා මූලස්ථානය වෙත පිවිසුම් මාර්ගය අලංකාර කරමින් මඟ දෙපස දුර්ලභ ශාක රෝපණය කරන ලදී. එමෙන්ම, යුද්ධ හමුදාව විසින් ඉදිකරන ලද ශාරීරික යෝග්‍යතා මංතීරු දෙපස ඉහත කී රුක් රෝපණ කටයුතු සිදුකෙරිණි.

‘තුරු මිතුරු - නව රටක්’ ව්‍යාපෘතියට සමගාමීව අද දින පැවැති මෙම උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සපැමිණි යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා යුද්ධ හමුදා කෘෂිකර්ම හා පශු සම්පත් අධ්‍යක්‍ෂ බ්‍රිගේඩියර් ඉන්ද්‍රජිත් කදනආරච්චි විසින් ඉතා උණුසුම් අයුරින් පිළිගනු ලැබීය. උත්සවය ආරම්භ කිරීමට ප්‍රථම, යුද්ධ හමුදාව විසින් පසුගිය මාස කිහිපය තුළ ජාතික වශයෙන් දියත් කර ඇති ප්‍රජා ව්‍යාපෘතින් සහ යුද්ධ හමුදා මට්ටමින් සිදුකළ සියළුම කෘෂිකාර්මික ප්‍රවර්ධන ව්‍යාපෘතින් මුලික කර සකස් කරන ලද කෙටි විඩියෝ පටයක් ප්‍රදර්ශනය කරන ලදී.

මෙලෙස උපකරණ සහ බීජ තොගය සංකේතාත්මකව භාරගැනීමෙන් පසුව යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ගොවි ප්‍රජාවන්ගේ ජීවන තත්ත්වය ඉහළ නැංවීමේ අරමුණින් අඩු ආදායම්ලාභි පවුල් අතර බෙදා හැරීම සඳහා උපකරණ හා බීජ පරිත්‍යාග කරමින් යුද්ධ හමුදාව කෙරෙහි තැබු විශ්වාසය පිළිබඳව කොමර්ෂල් බැංකු සභාපතිතුමන් ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ට ස්තූතිය පුද කළ අතර මීට පෙර අවස්ථා කිහිපයකදීම යුද්ධ හමුදාවට සහ ජාතිය ගොඩනැඟීමේ ප්‍රයත්නයන්ට මෙන්ම අනෙකුත් ව්‍යාපෘතින් සඳහා ඔවුන්ගෙන් ලද දායකත්වය අගය කළේය. “මෙය ගොවි ප්‍රජාවන්ට සහයෝගය දැක්වීමේ සහ සවිබල ගැන්වීමේ ස්වර්ණමය ව්‍යාපෘතියකි,” යනුවෙන් යුද්ධ හමුදාධිපතිතුමන් පැවසීය.

මේ වනවිට යුද්ධ හමුදා කෘෂිකර්ම හා පශු සම්පත් අධ්‍යක්‍ෂ මණ්ඩලය අක්කර 1000 ක පොල් වගා කිරීම ආරම්භ කර ඇති අතර අක්කර 500 ක අල්පෝන්සු අඹ (Alponso (TJ) mangoes), අක්කර 2500 ක කජු, අක්කර 200 ක මිරිස් සහ කිරි නිෂ්පාදනය, තක්කාලි සෝස්, කාබනික පොහොර, බිත්තර හා කුකුල් මස් මෙන්ම කැලෑ පුහුණුවීම් සඳහා සහභාගීවන සෙබලුන්ට අවශ්‍ය ආහාර මලු සකස් කිරීම යනාදී ව්‍යාපෘතින් රැසක් දියත් කර ඇති අතර ඒ සඳහා අදාළ අමාත්‍යාංශවල සහ රාජ්‍ය දෙපාර්තමේන්තුවල තාක්‍ෂණික සහාය ලබාගෙන ඇත. මෙම අවස්ථාවට කොමර්ෂල් බැංකුවේ කළමණාකාර අධ්‍යක්‍ෂ මෙන්ම ප්‍රධාන විධායක නිලධාරී රෙන්ගනාදන් මහතා, ප්‍රධාන මූල්‍ය නිලධාරි නන්දික බුද්ධිපාල මහතා, ඩී.ජී.එම්. අලෙවිකරණ ලසන්ත හර්ෂනාත් මුණසිංහ මහතා, කොමර්ෂල් බැංකුවේ ආයතනික සමාජ වගකීම් පදනමේ (CSR Trust) ප්‍රධාන කළමනාකරු / සම්බන්ධීකාරක නජිත් නිරෝෂන් මීවනගේ මහතා, ජ්‍යෙෂ්ඨ කළමනාකරු-අලෙවිකරණ ඉරෝෂා කුමුදු කුමාරි මහත්මිය, එම පදනමේ ව්‍යාපෘති සම්බන්ධිකාරක මහේෂ් රත්නායක මහතා, විධායක නිලධාරී අලෙවිකරණ විකුම් වරුන්දන් නන්දසේන මහතා, එම පදනමේ කණිෂ්ඨ විධායක නිලධාරී ගයාන් වික්‍රමරත්න මහතා, අයිකන් පුද්ගලික සමාගම (ICON Private Limited) නියෝජනය කරමින් කණිෂ්ඨ විධායක නිලධාරී - අලෙවිකරණ මීගහවත්තගේ ශාන් හේමාල් මහතා සහ යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානි මේජර් ජෙනරාල් ජගත් ගුණවර්ධන ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් රැසක් සහභාගි වූහ.

පසුව, මාධ්‍ය වෙත අදහස් දැක්වු ‘තුරු මිතුරු - නව රටක්’ ව්‍යාපෘතියේ පුරෝගාමීයා වන ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි හා යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා රටක් වශයෙන් මුහුණ දීමට සිදු වූ සෑම අභියෝගාත්මක අවස්ථාවක මහජනතාවගේ යහපත උදෙසා යුද්ධ හමුදාව විසින් ගෙන ඇති ක්‍රියාමාර්ග පිළිබඳ පැහැදිලි කළේය. “අතිගරු ජනාධිපතිතුමාගේ දූරදර්ශී ප්‍රතිපත්ති ප්‍රකාශයට අනුව අපගේ පරිභෝජනය සඳහා අවශ්‍ය ආහාර, එළවළු හා ධාන්‍ය වර්ග නිෂ්පාදනය කිරීම සඳහා සියලු ශ්‍රී ලාංකිකයන් නිරන්තරයෙන් කටයුතු කළ යුතුවන අතර රජයට එම අරමුණ සාක්‍ෂාත් කර ගැනීම සඳහා ජාතියේ ආරක්‍ෂකයින් වශයෙන් උපරිම සහය ලබාදීමට යුද්ධ හමුදාව කැපවී සිටිනවා. ආහාර තුලින් ස්වයංපෝෂිත වීමට වෑයම් දරන මෙවන් මොහොතක කොමර්ෂල් බැංකුව ඔවුන්ගේ ආයතනික සමාජ වගකීම් ව්‍යාපෘතියක් වශයෙන් යුද්ධ හමුදාවට දක්වන දායකත්වය අපට ඉමහත් ශක්තියක් වෙනවා. එසේම, හමුදා කඳවුරු ආශ්‍රීතව ජීවත්වන ගොවි ප්‍රජාවට වටිනාකමක් ලබාදීමේ අරමුණින් මෙම ව්‍යාපෘතිය දියත් කෙරුණා.” යනුවෙන් එතුමන් වැඩිදුරටත් ප්‍රකාශ කරනු ලැබුවා.

“යුද්ධ හමුදාව අක්කර 5000 කට වැඩි ප්‍රමාණයක කජු, මිරිස්, කෙසෙල්, පළතුරු ආදිය වගා කරමින් බිත්තර, කිරි සහ ආහාර වර්ග වලින් ස්වයංපෝෂිතව කැලෑබඳ පුහුණුවීම් සඳහා සහභාගී වන සෙබළුන්ට අවශ්‍ය සලාක මලු නිෂ්පාදනය කරනු ලබයි. ‘නොහැක්කක් නොමැත’ යන ආදර්ශ පාඨය පෙරදැරීව යුද්ධ හමුදාව නැවත නැවතත් එය ඔප්පු කර ඇත්තෙමු. යුද්ධ හමුදා මූලස්ථානයට පිවිසෙන ප්‍රදේශය සරුසාර පෙනුමක් ඇති ප්‍රදේශයක් ලෙස සංවර්ධනය කර ඇති අතර, පුරන් වු කුඹුරු අස්වැද්දිම ආරම්භ කර ඇති අතර කෘෂිකාර්මික අවශ්‍යතා සඳහා දිගු කාලීනව මහජනතාවට ලබා දිය හැකි කෘෂිකාර්මික මෙවලම්, යන්ත්‍රෝපකරණ ආදිය නිෂ්පාදනය කිරීම ද යුද්ධ හමුදාව විසින් ආරම්භ කර ඇති බව යුද්ධ හමුදාධිපතිතුමන් පැවසීය.

ඇතැම් රටවල සිටින ශ්‍රී ලාංකිකයන්ගේ අසරණ තත්ත්වය සැලකිල්ලට ගෙන විදේශිය රටවල අතරමංව සිටින ශ්‍රී ලාංකිකයන් නැවත දිවයිනට ගෙන්වා ගැනීමට රජය කටයුතු කරමින් සිටින බැවින් සියළුදෙනාගේ ආරක්‍ෂාව සඳහා සෞඛ්‍ය පුරුදු අඛණ්ඩව සිදුකරගෙන යන ලෙස යුද්ධ හමුදාධිපතිතුමන් මහජනතාවගෙන් ඉල්ලා සිටියේය. Sports Shoes | Women's Nike Air Max 270 trainers - Latest Releases