Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

17th September 2020 19:01:20 Hours

මහජන රැස්වීම්වලදි සෞඛ්‍යාරක්‍ෂක උපදෙස් පිළිපදින ලෙස කොවිඩ්-19 පැතීරිම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානි අනතුරු අඟවයි

කොවිඩ්-19 පැතිරීම වැළැක්විමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ කාර්ය සාධක බලකායේ තවත් එක් සැසියක් කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානි ලුතිනන් ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා ගේ ප්‍රධානත්වයෙන් අද (17) දින පස්වරුවේ රාජගිරියේ පිහිටි කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේදී පැවැති අතර එම අවස්ථාවට වැඩබලන වෛද්‍ය සේවා අධ්‍යක්‍ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය එස්. ශ්‍රීධරන් ඇතුළු විශේෂඥයින් සහ අනෙකුත් පර්ශවකරුවන් සහභාගි වූහ.

මෙම සාකච්ඡාවේදී, විදේශයන්හි සිටින ශ්‍රි ලාංකිකයින් ගෙන්වා ගැනීම, නව ආසාදිතයින් වාර්ථාවීම සහ රටේ පවතින වත්මන් තත්ත්වය පිළිබඳව විශ්ලේෂණය කෙරිණි. කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ කාර්ය සාධක බලකායේ සාමාජිකයින් පිළිගත් යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා විසින් ගෞරවයෙන් පිළිගනිමින් මෙම සාකච්ඡාවේ අරමුණ පිළිබඳව පැහැදිලි කළේය. මෙහිදී, විදේශිය රටවල සිටින ශ්‍රී ලාංකිකයන් නැවත දිවයිනට ගෙන්වා ගැනීමේ ක්‍රියවලිය සහ එසේ ගෙන්වා ගන්නා පුද්ගලයින් නිරෝධායනය කිරීමේ ක්‍රියාපටිපාටි පිළිබඳව ද සාකච්ඡා කරනු ලැබීණි. අපගේ ඉතිහාසයේ මෙම තීරණාත්මක අවස්ථාවේදී මගීන්ගෙන් තැරැව්කරුවන් විසින් ලබා ගන්නා අනවශ්‍ය වියදම් සහ ප්‍රතිලාභ අඩු කිරීම කෙරෙහි ද මෙම සාකච්ඡාවේදී අවධානය යොමු කෙරිණි.

මේ අතර, අද පැවති සාකච්ඡාවේදී, යෝජිත බංග්ලාදේශ එක්දින කණ්ඩායම් ශ්‍රී ලංකා සංචාරය සහ ලංකා ප්‍රිමර් ලීග් ක්‍රිකට් තරගාවලියට අදාළ කටයුතු පිළිබඳව සාකච්ඡා කරන ලදී. මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සමඟ තවත් එක් සැසියක් පැවැත්වීමටත් තරඟාවලි පැවැත්වීම සඳහා වූ ක්‍රියා පටිපාටි පිළිබඳ අවසන් තහවුරු කිරීමක් ලබා ගැනීමටත් එකඟ විය. තවදුරටත්, රුසියාවේ ශීතඝ්‍රතූව ආරම්භවීමත් සමඟ සංචාරක ප්‍රවර්ධන උපායමාර්ගයන් පිළිබඳව ද සාකච්ඡා කරන ලද අතර පැමිණෙන සංචාරකයින් PCR පරීක්‍ෂණ සිදුකර දින 14 ක් ස්වයං නිරෝධායනය වී නැවතත් PCR පරීක්‍ෂණ සඳහා යොමුකර සංචාරයකයින් සෞඛ්‍යාරක්‍ෂිත කිරීමේ වැදගත්කම ද මෙන්ම. පසුව, කොවිඩ්-19 වෛරසයේ රසායනාගාර ඇගයීම් සඳහා එන්නත් ලබාදීම පිළිබඳ ද සාකච්ඡා කළහ.

මේ අතර, මහජන රැස්වීම්වලදී අවදානම සහ සෞඛ්‍යාරක්‍ෂිත ක්‍රමවේදයන් උල්ලංඝණය කරමින් ඔවුන්ගේ හැසිරීම් හා එළඹෙන පොත් ප්‍රදර්ශනයට අදාළ කරුණු සහ අවදානම වළක්වා ගැනීම සඳහා ගත යුතු පියවරයන් පිළිබඳව ද මෙහිදි සාකච්ඡා කෙරිණි. නීතිවිරෝධී ලෙස මෙරටට සංක්‍රමණයන් වැළැක්වීම සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාව සාගරය වටා යෙදවීම සහ එලෙස පැමිණෙන පුද්ගලයින් අත්අඩංගුවට ගැනීම සඳහා නාවික හමුදා භටයින් සහ බුද්ධි අංශවල ක්‍රියාකාරීත්වය පිළිබඳව යුද්ධ හමුදාධිපතිතුමන් විස්තර කළේය.

පසුව, උත්සව පැවැත්වීමට අවසර ලබාදී තිබුණ ද දැඩි සෞඛ්‍යාරක්‍ෂඛ උපදෙස් පිළිබඳ අවධානයෙන් සිටින ලෙස කොවිඩ්-19 පැතීරිම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී මහජනතාවට අනතරු ඇඟවිය. “සමාජයේ කිසිදු වෛරසය ආසාදිත රෝගීයෙකු නොමැති බව සත්‍යයකි. නමුත් නිරෝධායනයක යෙදී සිටියදී PCR පරීක්‍ෂණ වලදී ධනාත්මක බව තහවුරු කිරීමෙන් පසුව ආසාදිත විදේශිකයන් තවමත් රෝහල්වල සිටින බව අප මතක තබා ගත යුතුය. රෝහල්වල සිටියදීත් ඔවුන්ගෙන් වෛරසය සම්ප්‍රේෂණය වීමේ අවදානමක් ඇත. එබැවින් සෞඛ්‍යාරක්‍ෂ උපදෙස් නිවැරදිව පිළිපැද වෛරසය තුරන් කිරීමට උදව් වන්න. ත්‍රිවිධ හමුදාව විසින් පවත්වාගෙන යනු ලබන නිරෝධායන මධ්‍යස්ථානවලින් පුද්ගලයින් 41,000 කට වැඩි ප්‍රමාණයක් අප මේ වනවිට නිරෝධායනය කර ඇති අතර පුද්ගලයින් 6200 ක් මේ වනවිටත් නිරෝධායන ක්‍රියාවලියේ නිරතව සිටිති” යැයි යුද්ධ හමුදාධිපතිතුමන් පෙන්වා දුන්නේය. Running Sneakers | New Releases Nike