Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

16th September 2020 10:00:04 Hours

සියළුම ආරක්‍ෂක සේනා මූලස්ථාන සහ පුහුණු මධ්‍යස්ථානයන්හී දී උපාධිධාරී පුහුණු පාඨමාලාව දැන් ක්‍රියාත්මක වේ

රාජ්‍ය අංශය වෙතඅළුතින් බඳවා ගත් උපාධිධාරීන් 50,000 ක් වෙනුවෙන් පවත්වනු ලබන ‘නායකත්ව සහ අභිප්‍රේරණ’ පුහුණු වැඩසටහන, අදියර 5 ක් යටතේ ක්‍රියාත්මක වන අතර, එහි පළමු අදියර අද (14) දින ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වාගේ මඟපෙන්වීම යටතේ ආරක්‍ෂක සේනා මූලස්ථාන, රෙජිමේන්තු මධ්‍යස්ථාන සහ පුහුණු පාසල් ඇතුළු දිවයින පුරා පිහිටි යුද්ධ හමුදා මධ්‍යස්ථාන 51 කදී ආරම්භ විය.

අතිගරු ජනාධිපතිතුමන්ගේ ‘සෞභාග්‍යයේ දැක්ම’ (Vistas of Prosperity and Splendour) ප්‍රතිපත්ති ප්‍රකාශයට සමගාමීව අදියර පහක් යටතේ ක්‍රියාත්මක කරනු ලබන පුරා මාසයක කාල සීමාවක් පමණක්‍රියාත්මක වනු ලබන මෙම නේවාසික වැඩසටහනේ පළමු අදියර තුල උපාධිධාරින් 10,000 ක් පමණ ඒ හා සම්බන්ධ කර ගැනීමට නියමිතය. එවැනි අදියරයන් 5 ක් යටතේ මෙම වැඩසටහන ක්‍රියාත්මක කරනු ලබන අතර, මෙම වැඩසටහන වෙනුවෙන් තෝරාගනු ලැබු උපාධිධාරින් අතර ගර්භණි මාතාවන් හා ආබාධිත පුද්ගලයින්ද සීටීම මෙහි ඇති තවත් සුවිශේෂිත්වයකි. එමෙන්ම ඔවුන් වෙනුවෙන් වැඩි අවධානයක් යොමු කරමින් නිවැරදි මඟ පෙන්වීමක් යටතේ අදාළ නායකත්ව සහ අභිප්‍රේරණ පුහුණු වැඩසටහන ක්‍රියාත්මක කරවීමට යුද්ධ හමුදාව විසින් කටයුතු කරනු ලබයි.

මේ අනුව සියළුම නායකත්ව හා අභිප්‍රේරණ පුහුණු මධ්‍යස්ථානවල පැවති සමාරම්භක උත්සව අවස්ථාවන්ට සහභාගී වූ එම උපාධිධාරීන් 10,000 දෙනාගෙන් පළමු කණ්ඩායම බෞද්ධ, කතෝලික, හින්දු සහ ඉස්ලාමීය වශයෙන් ඔවුනොවුන්ගේ ආගමික වතාවත්වල නිරත වීමෙන් අනතුරුව ජාතික ගීය ගායනා කළ අතර ඉන් පසුව,එම පුහුණු වැඩමුළුවේ පාඨමාලා සමායෝජකයින් විසින් ඉදිරිපත් කරන ලද ආරම්භක දේශණයකට ද එම උපාධිධාරීන් සවන් දුන්හ.

මෙම ව්‍යාපෘතිය යටතේ, යාපනය ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරල් සෙනරත් බණ්ඩාර ගේ අධීක්‍ෂණය යටතේ යාපනය අයියකච්චි 12 වන විජයබාහු පාබල රෙජිමේන්තු කඳවුරු පරිශ්‍රයේදී උපාධිධාරීන් 166 දෙනෙකු සිය පුහුණුවීම් කටයුතු ආරම්භ කරනු ලැබීය.

වන්නි ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් ධම්මික ජයසිංහගේ උපදෙස් පරිදි කාන්තාවන් 1923 දෙනෙක් සහ එක් බෞද්ධ භික්‍ෂුවක් ඇතුළු උපාධිධාරීන් 2114 දෙනෙකු එම ප්‍රදේශයේ පුහුණු මධ්‍යස්ථාන 12 ක දී පුහුණුවීම් කටයුතු ආරම්භ කළහ. ඒ අනුව, ගජබා රෙජිමේන්තුවේ රෙජිමේන්තු මධ්‍යස්ථානය, යාන්ත්‍රික පාබල රෙජිමේන්තු පුහුණු පාසල, 10 වනශ්‍රී ලංකා කාලතුවක්කු රෙජිමේන්තු කඳවුර, 14 වනශ්‍රී ලංකා කාලතුවක්කු රෙජිමේන්තු කඳවුර, 4 වනශ්‍රී ලංකා සංඥා බලකා කඳවුර, 6 වන ශ්‍රී ලංකා පාබල හමුදා කඳවුර,වෘත්තීය පුහුණු මධ්‍යස්ථානය, කලත්තෑව සන්නාහ සන්නද්ධ බලකා පුහුණු මධ්‍යස්ථානය, ගලයායඉංජිනේරු සේවා පුහුණු පාසල, තිසාවැව 3 වන ශ්‍රී ලංකා යුද්ධ හමුදා සේවා බලකා කඳවුර සහ ආධුනිකයින් පුහුණු කිරීමේ මධ්‍යස්ථානයයන මධ්‍යස්ථානයන් වලදී උපාධිධාරින් සිය පුහුණු පාඨමාලාවන් ආරම්භ කරනු ලැබූහ.

මේ අතර, නැගෙනහිර ආරක්‍ෂක සේනා මූලස්ථානය යටතේ පුහුණු මධ්‍යස්ථාන 11 කදී කාන්තාවන් 1319 දෙනෙකු ඇතුළු උපාධිධාරින් 2317 දෙනෙකු මෙම පුහුණු පාඨමාලාව සඳහා සහභාගි වනු ඇත. එම ප්‍රදේශයේ ස්ථාපිත පුහුණු මධ්‍යස්ථාන අතර, ත්‍රිකුණාමලය 4 වන විශේෂ බලකා කඳවුර, මාදුරුඔය යුද්ධ හමුදා පුහුණු පාසල, මින්නේරිය පාබල පුහුණු මධ්‍යස්ථානය, අම්පාර සටන් පුහුණු පාසල, ත්‍රිකුණාමලය යුද්ධ හමුදා භඨකාර්ය සම්පාදන පුහුණු පාසල, කාලතුවක්කු පුහුණු පාසල, යුද්ධ හමුදා පොලිස් හේවා බලකා පුහුණු පාසල, 4 වන ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකා පුහුණු පාසල, සඳුන්පුර ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා ආධුනික පුහුණු පාසල සහ පූනානි 23 වන සේනාංක බලඇණි පුහුණු පාසල වේ. නැගෙනහිර ප්‍රදේශය ආශ්‍රිතව සිදුකරනු ලබන පුහුණු වැඩසටහන් නැගෙනහිර ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරල් චින්තක ගමගේ ගේ අධීක්‍ෂණය යටතේ ක්‍රියාත්මකවනු ඇත.

මේ අතර, කිළිනොච්චි ආරක්‍ෂක සේනා මූලස්ථානය යටතේ පුහුණු මධ්‍යස්ථාන තුනක දී උපාධිධාරින් 101 දෙනෙකු සහ උපාධිධාරිනියන් 115 දෙනෙකු ඇතුළු උපාධිධාරින් 216 දෙනෙකු පුහූණු වැඩසටහන වෙනුවෙන් එක්වනු ඇත. කිලිනොච්චි ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරල් සම්පත් කොටුවේගොඩ ගේ අධීක්‍ෂණය යටතේ 9 වන ශ්‍රී ලංකා සංඥා බලකා කඳවුර, 5 වන ශ්‍රී ලංකා පොලිස් හේවා බලකා කඳවුර සහ භාරතීපුරම් කඳවුරේදී පුහුණු වැඩසටහන් ක්‍රියාත්මක කරනු ලබයි.

එසේම, මුලතිව් ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරල් ජගත් රත්නායක ගේ අධික්‍ෂණය යටතේ එම මූලස්ථානයේ එක් පුහුණු මධ්‍යස්ථානයක් පමණක් ක්‍රියාත්මක වන අතර ඒ අනුව, මුලතිව් 59 වන සේනාංක මූලස්ථාන පරිශ්‍රයේ දී පිරිමි උපාධිධාරින් 52 දෙනෙකු සහ කාන්තා උපාධිධාරින් 30 දෙනෙකු ඇතුළු උපාධිධාරින් 82 දෙනෙකු පුහුණුවීම්වල නිරතවනු ලබයි.

මේ අතර, බටහිර ආරක්‍ෂක සේනා මූලස්ථානය යටතේ ක්‍රියාත්මක වනු ලබන පුහුණු මධ්‍යස්ථාන 16 අතර, මෝදර ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකා රෙජිමේන්තු මූලස්ථානය, පනාගොඩ ශ්‍රී ලංකා කාලතුවක්කු රෙජිමේන්තුව, පනාගොඩ ශ්‍රී ලංකා ඉංජිනේරු බලකා රෙජිමේන්තු මූලස්ථානය, පනාගොඩ ශ්‍රී ලංකා සංඥා බලකා රෙජිමේන්තු මූලස්ථානය, පනාගොඩ ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තු මූලස්ථානය, අඹේපුස්ස ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තු මූලස්ථානය, කුරුවිට ශ්‍රි ලංකා ගැමුණු හේවා බලකා රෙජිමේන්තු මූලස්ථානය, බෝයගනේ විජයබාහු පාබල රෙජිමේන්තු මූලස්ථානය, ගනේමුල්ල කමාන්ඩෝ රෙජිමේන්තු මූලස්ථානය, දොඹගොඩ ශ්‍රී ලංකා යුධෝපකරණ බලකා රෙජිමේන්තු මූලස්ථානය, පනාගොඩ ශ්‍රී ලංකා පොදුසේවා බලකා රෙජිමේන්තු මූලස්ථානය, පනාගොඩ 5 වන ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකාය, ඇඹිලිපිටිය ශ්‍රී ලංකා ඉංජිනේරු පුහුණු පාසල, කුට්ටිගල ශ්‍රි ලංකා පොදු සේවා බලකා පුහුණු පාසල, බූස්ස ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තු මූළස්ථාන බලඇණිය, දොඹගොඩ යුධෝපකරණ පුහුණු පාසල වේ. එහිදී, පිරිමි උපාධිධාරින් 307 දෙනෙකු සහ ගැහැණු උපාධිධාරින් 2514 දෙනෙකු ඇතුළු උපාධිධාරින් 2821 දෙනෙකු බටහිර ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරල් චූල අබේසිංහ ගේ අධීක්‍ෂණය යටතේ පුහූණුවීම් කටයුතු සිදුකරනු ලබති.

තවද, මධ්‍යම ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරල් කීර්ති කොස්තා ගේ අධීක්‍ෂණය යටතේ එම ආරක්‍ෂක සේනා මූලස්ථානයේ ස්ථාපිත පුහුණු මධ්‍යස්ථාන 7 ක් තුළ පිරිමි උපාධිධාරින් 163 දෙනෙකු, කාන්තා උපාධිධාරින් 688 දෙනෙකු සහ උපාධිධාරී භික්‍ෂූන් වහන්සේලා 03 නමක් ඇතුළු උපාධිධාරින් 854 දෙනෙකු පුහුණු පාඨමාලාව සඳහා සහභාගී වනු ඇත. ඔවුන්, පල්ලේකැලේ 5 වන ශ්‍රී ලංකා පාබල හමුදාව, වැල්ලවාය 5 වන ගැමුණු හේවා බලකාය, දියතලාව ස්වෙච්ඡා බලසේනා පුහුණු පාසල, දියතලාව ප්‍රගුණ හා සැඟවුණු වෙඩික්කරු පුහුණු පාසල, බූවැලිකඩ ශ්‍රී ලංකා සංඥා බලකා පුහුණු පාසල, දියතලාව 2 වන ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු බලකාය, ගන්නෝරුව ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු බලකා පුහුණු පාසල යන මධ්‍යස්ථානයන් වලදී පුහුණුවීම් සිදුකරනු ලබයි.

දේශන, සාකච්ඡා, එළිමහන් පුහුණු ක්‍රියාකාරකම්, සමූහ ක්‍රියාකාරකම්, අධ්‍යයන චාරිකා, ශක්‍යතා අධ්‍යයන සහ ක්ෂේත්‍ර අධ්‍යයන මගින් සිදුකරනු ලබන මෙම යුද්ධ හමුදා පුහුණු වැඩසටහන ස්වාධීන මෙන්ම අන්තර් සම්බන්ධීකරණ ක්‍රමෝපායන් 05 ක් යටතේ රාජ්‍ය අංශයේ ක්‍රියාශීලී දායකත්වය සහිතව දියත් කරනු ලබයි.මෙම වැඩසටහන සමඟ යුද්ධ හමුදා පුහුණු ආයතනයන්, විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව, ස්වදේශ කටයුතු අමාත්‍යාංශය, තෝරාගත් රාජ්‍ය හා පෞද්ගලික අංශයන් ඇතුළු තවත් රාජ්‍ය ආයතන කිහිපයක් සමීපව කටයුතු කරනු ලබති.මෙම පුහුණු වැඩසටහන මැනවින් පවත්වා ගැනීම වෙනුවෙන් උපායමාර්ගික මගපෙන්වීම් ලබාගැනීම සඳහා පුහුණු වැඩසටහන දියත් කරනු ලබන මාස 05 ක කාලය පුරා යුද්ධ හමුදා මූලස්ථානය, ජනාධිපති ලේකම් කාර්යාලය හා ආරක්‍ෂක අමාත්‍යාංශය සමඟ සම්බන්ධව කටයුතු කරනු ලැබේ.මෙම පුහුණු වැඩසටහන සාර්ථක කරගැනීම වෙනුවෙන් යුද්ධ හමුදා මූලස්ථානයේ පුහුණු අධ්‍යක්‍ෂ මණ්ඩලය විසින් විවිධ ක්ෂේත්‍රයන්හී ප්‍රවීණතම සම්පත් දායකයින් සමඟින් නිරන්තරයෙන් සම්බන්ධ වනු ඇත.

මෙම ප්‍රයත්නයේ කෙටිකාලීන ඉලක්කය ලෙස නායකත්ව කුසලතා සහ ගති ලක්‍ෂණ, කණ්ඩායම් හැඟීම මත පදනම්ව රටේ සියලුම පුරවැසියන්ට උසස් තත්ත්වයේ රාජ්‍ය අංශයේ සේවාවක් සැපයිය හැකි ශක්තිමත්, ඉලක්කගත, විනයගරුක හා කාර්යක්‍ෂම සහ නිපුනතාවයන් වලින් පරිපූර්ණ ශ්‍රම බලකායක් බිහි කිරීමයි. එසේම, වසර පහකට අඩු කාලයක් තුළ සපුරාගැනීමට අපේක්‍ෂිත දිගුකාලීන අරමුණු අතරට පිළිගත් රාජ්‍ය අංශයේ ශ්‍රම බලකායක් ලෙස සංවර්ධනය කිරීම, කාර්යක්‍ෂම යාන්ත්‍රණය, ආකල්ප හා ප්‍රවේශයන් පරිවර්තනය කිරීම, රාජ්‍ය අංශය, සමාජයේ ‘වැඩ කරන සංස්කෘතියක්’ ලෙස ප්‍රවර්ධනය කිරීම, පිළිගැනීමක් සහිත රාජ්‍ය අංශයේ සේවයක් බිහිකිරීම, අඛණ්ඩ සමාජ මෙහෙයුම් අංශ හඳුනා ගැනීම සහ ඇගයීම ආදි වර්ධනයන් අපේක්‍ෂා කෙරේ. jordan Sneakers | Nike Air Force 1'07 Essential blanche et or femme - Chaussures Baskets femme - Gov