Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

15th September 2020 18:15:00 Hours

දැනට ක්‍රියාත්මක වන උපාධිධාරි පුහුණු පාඨමාලාව යුද්ධ හමුදාධිපතිතුමන්ගේ ඇගයීමට ලක්වෙයි

අතිගරු ජනාධිපතිතුමන්ගේ ‘සෞභාග්‍යයේ දැක්ම’ (Vistas of Prosperity and Splendour) සංකල්පයට අනුව යුද්ධ හමුදා පුහුණු මධ්‍යස්ථාන 51 කදී පවත්වනු ලබන උපාධිධාරි පුහුණු පාඨමාලාවට සමගාමීව පනාගොඩ යුද්ධ හමුදා ජනපදයේ පවත්වනු ලබන උපාධිධාරි පුහුණු පාඨමාලාවට අදාළ පුහුණුවීම් ඇතුළු පරිපාලනමය කටයුතු පිළිබඳව නිරීක්‍ෂණය කිරීම වෙනුවෙන් ඉකුත් 15 දින ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි හා යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා පනාගොඩ පිහිටි ශ්‍රී ලංකා පාබල හමුදා සහ ශ්‍රී ලංකා කාලතුවක්කු රෙජිමේන්තු මධ්‍යස්ථානයන් හී සංචාරයක නිරත විය.

අදියර පහකින් සමන්විත මෙම නායකත්ව පුහුණු වැඩසටනේ එක් අදියරයක් සඳහා උපාධිධාරීන් 10,000 ක් පුහුණු කිරිමට නියමිතය. එහි අදියර 5 ක් අවසානයේ රාජ්‍ය සේවය සඳහා බඳවාගත් උපාධිධාරීන් 50,000 ක් පුහුණු කිරිම මෙම වැඩසටහනේ අපේක්‍ෂාව වන අතර, ඉකුත් සඳුදා (14) දින දිවයින පුරා ස්ථාපිත ආරක්‍ෂක සේනා මූලස්ථාන, රෙජිමේන්තු මධ්‍යස්ථාන සහ පුහුණු පාසල්හිදී මෙහි ආරම්භය සනිටුහන් කරනු ලැබිණි. තවද, මෙම පුහුණු වැඩසටහන වෙනුවෙන් මහා සංඝරත්නය, ආබාධිත පුද්ගලයින් සහ ගර්භනී කාන්තාවන් ද සහභාගී වන අතර ඔවුන් වෙනුවෙන් විශේෂ අවධානයක් සහ සැලකිල්ලක් දක්වමින් පුහුණු වැඩසටහන ඉදිරියට කරගෙන යාමට අපේක්‍ෂා කෙරේ.

මෙම නිරීක්‍ෂණ සංචාරය සඳහා සපැමිණි යුද්ධ හමුදාධිපතිතුමන් ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තු පුහුණු මධ්‍යස්ථානයේදී බටහිර ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරල් චූල අබේනායක සහ ශ්‍රී ලංකා පාබල හමුදා මධ්‍යස්ථානයේ සේනාවිධායක බ්‍රිගේඩියර් අනුර දිසානායක විසින් උණුසුම් ලෙස පිළිගනු ලැබූ අතර, මෙම පුහුණු මධ්‍යස්ථානය භාරව කටයුතු කරනු ලබන නිලධාරින් සමඟින් උපාධිධාරින් පුහුණුවීම් සිදුකරනු ලබන ස්ථානයන්, නේවාසිකාගාර, භෝජනාගාර ආදී සියළු ස්ථානයන් යුද්ධ හමුදාධිපතිතුමන් විසින් සමීපව නිරීක්‍ෂණය කළ අතර, එතුමන් මෙලෙස පුහුණුව ලබන උපාධිධාරින් කිහිපදෙනෙකු සමඟින් සුහද පිළිසඳරක ද නිරත විය.

ඉන් අනතුරුව, ලුතිනන් ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා ශ්‍රී ලංකා කාලතුවක්කු රෙජිමේන්තුව මගින් පවත්වාගෙන යනු ලබන පුහුණු මධ්‍යස්ථානය නිරීක්‍ෂණය කිරීම සඳහා සපැමිණි අතර, එහිදී එතුමන් ශ්‍රී ලංකා ස්වෙච්ඡා බලසේනා සේනාවිධායක හා ශ්‍රී ලංකා කාලතුවක්කු රෙජිමේන්තුවේ කර්නල් සේනාවිධායක මේජර් ජෙනරල් රුවන් වනිගසූරිය විසින් පිළිගනු ලැබීය. අනතුරුව, එම මධ්‍යස්ථානය නිරීක්‍ෂණය කළ යුද්ධ හමුදාධිපතිතුමන් එහි කාර්ය මණ්ඩලය සමඟ සුහද පිළිසඳරක ද නිරත වීමට කටයුතු කළේය.

මෙම උපාධිධාරි පුහුණු වැඩසටහන යුද්ධ හමුදා පුහුණු අධ්‍යක්‍ෂ මණ්ඩලයේ පූර්ණ අධීක්‍ෂණය මත ක්‍රියාත්මක වන අතර, එතුළින් රාජ්‍ය සේවයට බඳවාගැනීමට නියමිත අදාළ උපාධිධාරීන්ගේ දැනුම කුසලතා සහ ආකල්ප ප්‍රවර්ධනය කිරිමේ මූලික අරමුණින් මෙන්ම ජාතිය ගොඩනැගීම සහ ඔවුන් ලබාදෙන දායකත්වය තීවෘර කිරිමේ අරමුණින් අදාළ වැඩසටහන ක්‍රියාත්මක කිරීමට නියමිතව ඇත. තවද, මෙම පුහුණු වැඩමුළුව හා සබැදි සියළු කටයුතු රාජ්‍ය ආරක්‍ෂක අමාත්‍යංශයේ මූලිකත්වයෙන් සිදුකිරිමට ද කටයුතු සැලසුම් කර ඇත.

මෙම ක්‍රමවේදය හරහා අදියරකදී උපාධිධාරීන් 10,000 ක් පුහුණු කිරීම සඳහා රාජ්‍ය අංශය සැලසුම් කර ඇති අතර ‘නායකත්වය හා සමූහ ක්‍රියාකාරකම් ප්‍රවර්ධනය කිරීම’, ‘කළමනාකරණ පුහුණුව’, ‘පුද්ගලික හා රාජ්‍ය අංශයේ ආයතන පුහුණුව’, ‘ව්‍යාපෘති කටයුතු සහ ක්ෂේත්‍ර අධ්‍යයනය’, ‘සහජීවනය සහ අවස්ථානුකූලව කටයුතු කිරීමේ හැකියාව’ වැනි විවිධ විෂයයන් ඔස්සේ රාජ්‍ය ඵලදායිතාවයට බලපෑ හැකි දුබලතා අවම කරමින් කාර්යක්‍ෂම රාජ්‍ය අංශයේ සේවකයෙකු බිහිකිරීමට අපේක්‍ෂා කෙරේ. මෙම වැඩසටහන සාර්ථකව නිම කරනු ලබන පුහුණු උපාධිධාරියෙකු පුහුණු කළමනාකරණ කුසලතා, රාජ්‍ය අංශයේ අරමුණ පිළිබඳ පැහැදිලි අවබෝධය, උනන්දුව සහ කැපවීම, ආත්ම විශ්වාසය, නවෝත්පාදන බිහිකිරීමේ හැකියාව, නම්‍යශීලීභාවය, මනාදැක්ම වැනි ගුණාංග ප්‍රගුණ කර සමාජයේ ගෞරවයට හා පිළිගැනීමට භාජනය වන කාර්යක්‍ෂම රාජ්‍ය අංශයේ නිලධාරියෙකු වශයෙන් සමාජගත වීම අපේක්‍ෂා කෙරේ.

තවද, මෙම වැඩසටහන සාර්ථකව නිම කරනු ලබන පුහුණු උපාධිධාරියෙකු පුහුණු කළමනාකරණ කුසලතා, රාජ්‍ය අංශයේ අරමුණ පිළිබඳ පැහැදිලි අවබෝධය, උනන්දුව සහ කැපවීම, ආත්ම විශ්වාසය, නවෝත්පාදන බිහිකිරීමේ හැකියාව, නම්‍යශීලීභාවය, මනාදැක්ම වැනි ගුණාංග ප්‍රගුණ කර සමාජයේ ගෞරවයට හා පිළිගැනීමට ලක්වන කාර්යක්‍ෂම රාජ්‍ය නිලධාරියෙකු වශයෙන් සමාජගත වීම මෙමගින් වැඩිදුරටත් අපේක්‍ෂා කෙරේ.

දේශන, සාකච්ඡා, එළිමහන් පුහුණු ක්‍රියාකාරකම්, සමූහ ක්‍රියාකාරකම්, අධ්‍යයන චාරිකා, ශක්‍යතා අධ්‍යයන සහ ක්ෂේත්‍ර අධ්‍යයන මගින් සිදුකරනු ලබන මෙම යුද්ධ හමුදා පුහුණු වැඩසටහන ස්වාධීන මෙන්ම අන්තර් සම්බන්ධීකරණ ක්‍රමෝපායන් 05 ක් යටතේ රාජ්‍ය අංශයේ ක්‍රියාශීලී දායකත්වය සහිතව දියත් කරනු ලබයි. මෙම වැඩසටහන සමඟ යුද්ධ හමුදා පුහුණු ආයතනයන්, විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව, ස්වදේශ කටයුතු අමාත්‍යාංශය, තෝරාගත් රාජ්‍ය හා පෞද්ගලික අංශයන් ඇතුළු තවත් රාජ්‍ය ආයතන කිහිපයක් සමගින් සමීපව කටයුතු කරනු ලබයි.

මෙම පුහුණු වැඩසටහන මැනවින් පවත්වා ගැනීම වෙනුවෙන් උපායමාර්ගික මගපෙන්වීම් ලබාගැනීම සඳහා පුහුණු වැඩසටහන දියත් කරනු ලබන මාස 05 ක කාලය පුරා යුද්ධ හමුදා මූලස්ථානය, ජනාධිපති ලේකම් කාර්යාලය හා ආරක්‍ෂක අමාත්‍යාංශය සමඟ සම්බන්ධව කටයුතු කරනු ලැබේ. මෙම පුහුණු වැඩසටහන සාර්ථක කරගැනීම වෙනුවෙන් යුද්ධ හමුදා මූලස්ථානයේ පුහුණු අධ්‍යක්‍ෂ මණ්ඩලය විසින් විවිධ ක්ෂේත්‍රයන්හී ප්‍රවීණතම සම්පත් දායකයින් සමඟින් නිරන්තරයෙන් සම්බන්ධ වනු ඇත.

ශ්‍රී ලංකා කාලතුවක්කු රෙජිමේන්තු මූලස්ථාන පරිශ්‍රයේ පිහිටි පුහුණු මධ්‍යස්ථානය තුලින් නික්ම යාමට ප්‍රථම යුද්ධ හමුදාධිපතිතුමන් විසින් මාධ්‍ය වෙත සිය අදහස් දක්වන ලදී. Authentic Nike Sneakers | UK Trainer News & Releases