Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

10th August 2020 13:19:53 Hours

‘මාවිල් ආරු’ සොරොව්ව යළි විවෘත කොට වසර 14 ක් සපිරේ

දශක තුනකට අධික කාලයක් පැවැති කුරිරු එල්.ටී.ටී.ඊ ත්‍රස්තවාදී ග්‍රහණයෙන් මාතෘභූමිය මුදාගැනීමේ සටනේ නොමැකෙන හා තීරණාත්මක අවස්ථාවන් අතර වර්ෂ 2006 අගෝස්තු මස 10 වන දින සුවිශේෂි දිනයක් ලෙස සනිටුහන් විය.

සාම සාකච්ඡා හා සටන් විරාම මුවාවෙන් අහිංසක සිවිල් වැසියන් ඝාතනය කොට ආරක්‍ෂක හමුදා සාමාජිකයින් සමග ගැටුම් ඇති කරගනිමින් පොදු දේපළ විනාශ කර දැමු කුරිරු එල්.ටී.ටී.ඊ ත්‍රස්තවාදීන් වර්ෂ 2006 ජූලි මස 20 වන දින මාවිල් ආරු සොරොව්ව වසාදමා අක්කර 30,000 කට අධික භූමි ප්‍රමාණයක වී වගාවට හා සියලු ජනවර්ගවලට අයත් පවුල් 35,000 කට අධික ප්‍රමාණයකට ජල අවශ්‍යතා අහිමි කරමින් ත්‍රස්තවාදීන් විසින් සිදුකළ මෙම අමානුෂික ක්‍රියාව සිවිල් වැසියන්ගේ ජිවිතය පවත්වා ගැනිම සඳහා දැඩි තර්ජණයක් විය.

ඒ අනුව, ‘මාවිල් ආරු’ (Water Shed) මෙහෙයුම දියත් කළ යුද්ධ හමුදා භටපිරිස් විසින් වර්ෂ 2006 අගෝස්තු මස 10 දින පස්වරු 08.00 වාරිමාර්ග ඉංජිනේරුවන්ගේ සහාය ඇතිව මාවිල් ආරු සොරොව්ව නැවත විවෘත කරන ලදී. එල්.ටී.ටී.ඊ ත්‍රස්තවාදීන් විසින් එල්ල කළ මෝටාර් ප්‍රහාර ඇතුළු වෙඩි ප්‍රහාරයන් හමුවේ නිර්භයව ඉදිරියට යමින් එම සොරොව්ව නැවත විවෘත කිරීම ජාතියට මෙන්ම යුද්ධ හමුදා භටපිරිස්ට ද මාතෘභූමිය බෙදාවෙන් කිරීමට උත්සහ කළ ත්‍රස්තවාදය මුලිනුපුටා දැමීමට මහඟු ධෛර්යක් විය.

ආරක්‍ෂක හමුදාවන් එල්ල කළ ප්‍රහාරයන් හමුවේ දුබල වූ එල්.ටී.ටී.ඊ ත්‍රස්තවාදීන්, මාවිල් ආරු සොරොව්වේ පාලන බලය නැවත ලබා ගැනීම වෙනුවෙන් යළිත් වරක් සොරොව්ව විවෘත කිරීම සම්බන්ධයෙන් අසත්‍ය ප්‍රචාරයන් පතුරවා හැරියහ.

‘මාවිල් ආරු’ මෙහෙයුම සාර්ථකත්ව දියත් කිරීමෙන් පසුව එම ප්‍රදේශයේ සිංහල, දෙමළ හා මුස්ලිම් ගොවීන් යුද්ධ හමුදාව විසින් සිදුකළ උදාර මානුෂීය මෙහෙවරට කෘතඥතාවය පළ කරමින් ඔවුන්ගේ කෙත්වතු නැවත වගා කටයුතු ආරම්භ කරමින් සාමකාමී ජන ජීවිතයක් ගත කිරීම සඳහා අවශ්‍ය ජලය මාවිල් ආරු සොරොව්වෙන් සපුරා ගත්හ.

එම මෙහෙයුම අසාර්ථකවීමත් සමඟ නව ප්‍රවේශයක් ලබාගත් එල්.ටී.ටී.ඊ ත්‍රස්තවාදීන්, ජීවිතාරක්‍ෂාව වෙනුවෙන් සිවිල් වැසියන්ට ගම්බිම් අතහැර පලා යාමට බල කරමින් ඔවුන් ඝාතනය කර දේපළ විනාශ කරමින් මූතූර් නගරය යටත් කරගැනීමට ප්‍රයත්නයක් දැරූවද යුද්ධ හමුදාව විසින් ත්‍රස්තයන් වෙත පහර පිට පහරදී පැය කිහිපයක් ඇතුළත මූතූර් නගරය සම්පූර්ණයෙන්ම අත්පත් කරගැනීමට හැකිවිය. ත්‍රස්තවාදය මුලිනුපුටා දමා සොරොව්ව යළි විවෘත කිරීමට මහත් කැපකිරීම් සිදුකළ වීරෝදාර සොල්දාදුවන්, නාවිකයින්, ගුවන් භටයින් සහ පොලිස් නිලධාරීන් මෙන්ම යුදබීමේ දී තුවාල ලැබූවන්ට ජාතියේ ප්‍රණාමය හිමිවිය යුතුය. jordan Sneakers | Women's Designer Sneakers - Luxury Shopping