Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

14th July 2020 13:50:07 Hours

කොවිඩ්-19 වෛරසය පිළිබඳ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තුමේන්තුව සහ කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය විසින් නිකුත් කරනු ලබන තොරතුරු පමණක් විශ්වාස කරන්න

අද (15) දින මධ්‍යහන 1200 වනවිට කන්දකාඩු මත්ද්‍රව්‍ය, ප්‍රතිකාර හා පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ කොවිඩ් - 19 ආසාදිතයින් සංඛ්‍යාව 532 දෙනෙකු ලෙස වාර්තා වේ. ඉන් පුද්ගලයින් 442 දෙනෙකු පුනරුත්ථාපනය වන රැඳවියන් වන අතර පුද්ගලයින් 68 දෙනෙක් එම පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ කාර්ය මණ්ඩලයට අයත් සාමාජිකයින් වේ. ඉතිරි 22 දෙනා ඔවුන් ළඟින් ඇසුරු කළ පුද්ගලයින් වන බව අද (15) දින මධ්‍යහනේ කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය වෙනුවෙන් හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් චන්දන වික්‍රමසිංහ මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කරනු ලැබීය.

එසේම, අද (15) දින මේ දක්වා වාර්තා වූ කොවිඩ් - 19 ආසාදිතයින් සංඛ්‍යාව 19 දෙනෙකු වේ. ඉන් උපදේශකයෙකු ඇතුළුව 09 දෙනෙකු 09 කන්දකාඩු මත්ද්‍රව්‍ය, ප්‍රතිකාර හා පුනරුත්ථාපන මධ්‍යස්ථානය තුළින් ද, අනෙක් 04 දෙනා සිවිල් දේශකයින් ඇසුරු කළ පුද්ගලයින් ලෙසද, වාර්තා වේ. ඉතිරි 06 දෙනා විදේශයන්හි සිට මෙරටට පැමිණ ත්‍රිවිධ හමුදාව විසින් පවත්වාගෙන යනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන තුළ නිරෝධායනය වන පුද්ගලයින් ලෙස වාර්තා වන අතර, ඔවුන්ගෙන් 04 දෙනෙකු ඕමාන් සිට පැමිණි පුද්ගලයින් ද, ඉතිරි 02 දෙනා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිට පැමිණි පුද්ගලයින්ද වේ.

විශේෂයෙන්ම, මහජනතාව මෙසේ කොවිඩ් - 19 ආසාදනය වන පුද්ගලයින් ළඟින් ඇසුරු කළ සහ කිසියම් සම්බන්ධතාවයක් පවත්වාගෙන ගිය සියළුම පුද්ගලයින් බුද්ධි අංශ, සෞඛ්‍ය අංශ සහ පොලීසිය විසින් හඳුනාගෙන ඔවුන් එම ප්‍රදේශවල ස්වයං නිරෝධායනය සඳහා යොමුකරනු ලබයි. ඉන් කිසිසේත්ම ඔවුන් හට කොවිඩ් - 19 වෛරසය ආසාදනය වී ඇති බව අදහස් කළ නොහැක. මෙය හුදෙක්ම සිදුකරනු ලබන්නේ කොවිඩ් - 19 වෛරසය සමාජය තුළ පැතිරීම වළක්වා ගැනීම සඳහා ගතහැකි සාර්ථකම පියවරක් වශයෙනි.

එමෙන්ම, මේ දිනවල විශාල වශයෙන් රට තුළ විවිධ අසත්‍ය තොරතුරු සහ කටකතා සමාජ මධ්‍ය ජාලා සහ අන්තර්ජාලය ඔස්සේ පැතිරෙමින් පවතින බව වාර්තා වේ. එබැවින් කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය හා රජයේ ප්‍රවෘත්ති දෙපාර්තුමේන්තුව මගින් නිවේදනය කරනු ලබන තොරතුරු මත පමණක් කටයුතු කරන ලෙස කාරුණිකව දැනුම්දෙනු ලබන බව එම මාධ්‍ය නිවේදනයේ වැඩිදුරටත් සඳහන් කර ඇත.

එහි සම්පූර්ණ වීඩියෝපටය පහතින් දැක්වේ; Best Authentic Sneakers | Nike Shoes