Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

12th July 2020 08:11:46 Hours

කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ කොවිඩ්-19 වෛරසය ආසාදිත පොකුර 490 ක් දක්වා වැඩිවී ඇති බව කොවිඩ්-19 පැතිරීම වැළැක්විමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී පවසයි

කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය අද (12) දින සන්ධ්‍යාවේ නිකුත් කළ මාධ්‍ය නිවේදනය පහතින් දැක්වේ;

අද (12) දින පස්වරු 0400 වනවිට මත්ද්‍රව්‍ය, ප්‍රතිකාර හා පුනරුත්ථාපන මධ්‍යස්ථානයට අදාලව කොවිඩ් - 19 වෛරසය ආසාදිත පුද්ගලයින් අනූ හතර දෙනෙකු (94) වාර්තාවී ඇත. ඒ අනුව අද (12) දිනය වනවිට, එම පුනරුත්ථාපන මධ්‍යස්ථාන තුළ සිටින රැඳවියන් 829 දෙනෙකු අතරින් 429 දෙනෙකුට කොවිඩ් - 19 වෛරසය ආසාදනය වී ඇත. එම මධ්‍යස්ථානයේ කාර්යමණ්ඩල සාමාජිකයින් 312 දෙනෙකු අතරින් පුද්ගලයින් 47 දෙනෙකුට කොවිඩ් - 19 වෛරසය ආසාදනය වී ඇත.

එසේම, ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින් සහ ඔවුන් ඇසුරු කළ පුද්ගලයින් 14 දෙනෙකුට ද කොවිඩ් - 19 වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී ඇත. ඒ අනුව අද (12) දිනය වනවිට එම පුනරුත්ථාපන මධ්‍යස්ථානයට අදාලව කොඩිඩ් - 19 වෛරසය ආසාදිත පුද්ගලයින් සංඛ්‍යාව 490 ක් බවට තහවුරු වී ඇත.

එසේම, අද (12) දින උදෑසන 0600 වනවිට, ත්‍රිවිධ හමුදාව විසින් පවත්වාගෙන යනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන තුළ සිටි විදේශයන් ගෙන් මෙරටට පැමිණි ශ්‍රී ලාංකිකයන් 05 දෙනෙකුට කොවිඩ් - 19 වෛරසය ආසාදිත පුද්ගලයින් ලෙස වාර්තා වන අතර ඉන් 4 දෙනෙකු එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිට ද, අනෙක් පුද්ගලයා කුවේට් හි සිටද පැමිණි පුද්ගලයින් ලෙස වාර්තා වේ. අද (12) දින උදෑසන QR 668 දරණ මගී ගුවන් යානය මගින් දෝහා සිට පුද්ගලයින් 12 දෙනෙකු, UL 102 දරණ මගී ගුවන් යානය මගින් මාලදිවයිනේ සිට පුද්ගලයින් 87 දෙනෙකු සහ ඉන්දියාවේ සිට පුද්ගලික ගුවන් යානයක් මගින් පුද්ගලයින් 06 දෙනෙකු මෙරටට පැමිණ ඇති අතර එසේ පැමිණි ඔවුන් සියලුදෙනා ත්‍රිවිධ හමුදාව විසින් පවත්වාගෙන යනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමු කිරීමට සියලු කටයුතු සිදුකර ඇත.

අද (12) දිනය තුළ ත්‍රිවිධ හමුදාව විසින් පවත්වාගෙන යනු ලබන කුලියාපිටිය රුවල රිසෝට් නිරෝධායන මධ්‍යස්ථානයෙන් පුද්ගලයින් 02 ක්, නොරොච්චෝලේ නිරෝධායන මධ්‍යස්ථානයෙන් පුද්ගලයින් 243 දෙනෙකු, CTS අම්පාර නිරෝධායන මධ්‍යස්ථානයෙන් පුද්ගලයින් 47 දෙනෙකු, පම්පේමඩු නිරෝධායන මධ්‍යස්ථානයෙන් පුද්ගලයින් 29 දෙනෙකු සහ නිපුන බූස්ස නිරෝධායන මධ්‍යස්ථානය තුළින් පුද්ගලයින් 03 දෙනෙකු ඇතුළු පුද්ගලයින් 324 දෙනෙකු නිරෝධායන ක්‍රියාවලිය අවසන් වී PCR පරික්‍ෂණ සිදුකිරීමෙන් අනතුරුව තම නිවෙස් වෙත පිටව ගොස් ඇත. ඒ අනුව, අද (12) දින උදෑසන වනවිට පුද්ගලයින් 21,655 දෙනෙකු නිරෝධායන ක්‍රියාවලිය අවසන් කර තම නිවෙස් වෙත පිටව ගොස් ඇත. එසේම, අද (12) දින උදෑසන වනවිට ත්‍රිවිධ හමුදාව මගින් පාලනය කරනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන 50 ක් තුළ පුද්ගලයින් 6,483 දෙනෙකු නිරෝධායනය වෙමින් සිටියි.

මේ වනවිට නාවික හමුදාවේ වීරෝදාර රණවිරුවන් 906 දෙනෙකු කොවිඩ් - 19 වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබූ අතර, ඉන් 895 දෙනෙකු පූර්ණ සුවය ලබා නැවත රාජකාරි සඳහා යොමුකර ඇත. තවදුරටත් නාවික හමුදාවේ වීරෝදාර රණවිරුවන් 11 දෙනෙකු රෝහල් ගතව ප්‍රතිකාර ලබමින් සිටියි. (නිමාව) Adidas footwear | nike fashion