Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

04th July 2020 15:13:13 Hours

රේගුව විසින් නිදහස් කරන ලද ආනයනික ඇපල් තොගය වැඩිහිටි නිවාස, ළමා නිවාස හා විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයින් සිටින නිවාස අතර බෙදාදෙති

ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී, යුද්ධ හමුදාධිපති හා කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ගේ උපදෙස් මත යුද්ධ හමුදාවේ උපකරණ මාස්ටර් ජෙනරාල් ශාඛාව සහ සැපයුම් හා ප්‍රවාහන අධ්‍යක්‍ෂ මණ්ඩලය එක්ව, ශ්‍රී ලංකා රේගුව විසින් බෙදා හැරීම සඳහා නිදහස් කරන ලද ඉල්ලුම් නොකළ (unclaimed) ඇපල් කිලෝග්‍රෑම් 20,000 ක් සෙනසුරාදා (4) දින වැඩිහිටි නිවාස, ළමා නිවාස හා විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයින් සිටින නිවාස, රෝහල් සහ භටපිරිස් අතර බෙදාහරිනු ලැබීය.

යුද්ධ හමුදාව සමඟ සම්බන්ධ වී ආනයනික ඇපල් තොගය නරක්වීමට පෙර ත්‍රිවිධ හමුදාවේ සාමාජිකයන් අතර බෙදාදිමට ශ්‍රී ලංකා රේගුවට අවශ්‍ය විය. ඒ අනුව, ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ සැපයුම් හා ප්‍රවාහන අධ්‍යක්‍ෂ බ්‍රිගේඩියර් හිරෝෂ වනිගසේකර විසින් ප්‍රවාහන කටයුතු සිදුකර රට පුරා සේවය කරන භටපිරිස් අතර බෙදා හැරීම සඳහා මෙම ඇපල් තොගය ප්‍රථමයෙන් යුද්ධ හමුදා මූලස්ථානය වෙත ගෙන එන ලදී.

ඉන් අනතුරුව, මෙලෙස ලබාදුන් ඇපල් තොගයෙන් වැඩි ප්‍රමාණයක් රාජගිරිය වික්ටෝරියා නිවාසය, බෞද්ධාලෝක මාවතේ සධ්‍යා වැඩහිටි නිවාසය, බම්බලපිටිය මල්ලිකා වැඩිහිටි නිවාසය, රිජ්වේ ආර්යා ළමා රෝහල ඇතුළු තවත් ස්ථාන කිහිපයකට ලබාදීමට යුද්ධ හමුදා උපකරණ මාස්ටර් ජෙනරාල් මේජර් ජෙනරාල් දුමින්ද සිරිනාග විසින් කටයුතු සම්පාදනය කරන ලදී.

අද දිනයේ සිදුකළ බෙදාදීම අතරතුර, බටහිර ආරක්‍ෂක සේනා මුලස්ථානය යටතේ ස්ථාපිත 14 වන සේනාංකයේ භටපිරිස් සඳහා වූ ඇපල් තොගය උපකරණ මාස්ටර් ජෙනරාල් මේජර් ජෙනරාල් දුමින්ද සිරිනාග ගේ සුරතින් සංකේතාත්මකව ලබාගත්හ. මෙම ඇපල් තොගයෙන් වැඩි ප්‍රමාණයක් දිනක් හෝ දෙදිනක් ඇතුළත බෙදාහැරීම සඳහා දිවයින පුරා පිහිටි සියලුම ආරක්‍ෂක සේනා මුලස්ථාන සහ පුහුණු පාසල් වෙත යවනු ලැබේ.

මෙම අවස්ථාවට 14 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් එච්.එම්.පී.බී. හැන්ගිලිපොල ද සහභාගි විය. Authentic Nike Sneakers | Sneakers