Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

04th July 2020 12:06:32 Hours

නව යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානී තුමන්ට ශ්‍රී ලංකා ඉංජිනේරු රෙජිමේන්තුවේ ගෞරවාචාරය පුදකරයි

ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ 55 වන මාණ්ඩලික ප්‍රධානි ලෙස පසුගියදා අභිනවයෙන් පත් කරනු ලැබූ ශ්‍රී ලංකා ඉංජිනේරු රෙජිමේන්තුවේ කර්නල් සේනාවිධායක මේජර් ජෙනරාල් ජගත් ගුණවර්ධන, ඉකුත් බදාදා (01) දින පනාගොඩ පිහිටි ශ්‍රී ලංකා ඉංජිනේරු රෙජිමේන්තු මුලස්ථානයේ සිය ප්‍රථම නිල සංචාරය සිදුකරනු ලැබීය.

රෙජිමේන්තු මුලස්ථානය වෙත සපැමිණි නව මාණ්ඩලික ප්‍රධානී තුමන්, ශ්‍රී ලංකා ඉංජිනේරු රෙජිමේන්තුවේ මධ්‍යස්ථාන සේනාවිධායක බ්‍රිගේඩියර් එම්. මායාදුන්න විසින් ඉතා උණුසුම් අයුරින් පිළිගැනීමෙන් අනතුරුව ප්‍රධාන දොරටුව අභියසදී එතුමන් වෙත හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු සම්මාන මුරයක් පිරිනමනු ලැබිණි.

රට වෙනුවෙන් දිවිපිදු ඉංජිනේරු රෙජිමේන්තුවේ විරෝදාර රණවිරු සිහිපත් කරමින් මේජර් ජෙනරාල් ජගත් ගුණවර්ධන රෙජිමේන්තු මධ්‍යස්ථානයේ පිහිටි රණවිරු ස්මාරකය අභියස මල් කළඹක් තැන්පත් කර ඊට පුෂ්පෝපහාර පුද කළේය.

ඉන් අනතුරුව, ශ්‍රී ලංකා ඉංජිනේරු රෙජිමේන්තුවේ භටපිරිස් විසින් පිරිනමනු ලැබූ වර්ණවත් සම්මාන ආචාර පෙළපාළියේ ගෞරවාචාරය ද නව මාණ්ඩලික ප්‍රධානී තුමන් වෙත පිරිනමනු ලැබිණි.

ලුතිනන් ජෙනරාල් අංගම්මන අනුස්මරණ ශාලාවේදී භටපිරිස් ඇමතූ මාණ්ඩලික ප්‍රධානී මේජර් ජෙනරාල් ජගත් ගුණවර්ධන, රෙජිමේන්තුවේ ධජය ඉහළට ඔසවා තැබීමට හැකි වන පරිදි සියලු නිලයින්ට හොඳ නායකත්වයක් සහ යහපත් ගුණාංග තිබිය යුතු බව අවධාරණය කළේය. තවද, අනාගත අභියෝගයන්ට මුහුණදීම සඳහා නිලධාරීන් සහ සෙසුනිලයින් සුදානම් කිරීමේ වැදගත්කම ද එතුමන් එහිදී වැඩිදුරටත් අවධාරණය කළේය. best Running shoes | 【発売情報】 近日発売予定のナイキストア オンライン リストックまとめ - スニーカーウォーズ