Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

29th June 2020 13:48:51 Hours

කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී ‘Big Focus’ වැඩසටහනේදී ‘කොවිඩ්-19 පාලනය පිළිබඳ කතාවේ අනෙකුත් පැතිකඩයන්’ පෙන්වාදෙයි

‘දෙරණ’ රූපවාහිනි නාලිකාවේ අද (29) දින උදෑසන විකාශය වූ ‘Big Focus’ වැඩසටහනට එක්වූ ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි, යුද්ධ හමුදාධිපති හා කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ‘කොවිඩ්-19 වෛරසය පැතිරීම පාලනය කිරීම පිළිබඳ කතාවේ අනෙකුත් පැතිකඩයන්’ පිළිබඳ අදහස් දක්වමින් අතිගරු ජනාධිපතිතුමන්, ගරු අග්‍රාමාත්‍යතුමන් සහ රජය විසින් අඛණ්ඩව සිදුකරන ලද දැක්ම හා මඟපෙන්වීම මත සෞඛ්‍ය අමාත්‍යතුමිය, සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජෙනරාල්, විශේෂඥ වෛද්‍යවරුන් සහ අනෙකුත් පාර්ශවකරුවන් සමඟ එක්ව යුද්ධ හමුදාවේ උපායමාර්ගික අන්තර් ක්‍රියාකාරිත්වය, නව සොයාගැනීම් සමඟ ක්ෂණික මෙහෙයුම් අංශ, බුද්ධි අංශ භාවිතය හා සම්බන්ධීකරණය, සිවිල් සම්බන්ධීකරණ කටයුතු සඳහා ආරක්‍ෂක හමුදා සාමාජිකයින් අනුවර්තනය වීමේ හැකියාව, සන්නිවේදන උපාය මාර්ග හා ජනතාව දැනුවත් කළ ආකාරය, රාජ්‍ය අංශය හා පෞද්ගලික අංශයේ රෝහල් වැඩිදියුණු කිරීම, නිරෝධායන මධ්‍යස්ථාන ලෙස හෝටල් අනුවර්ථනය කිරීම සහ වත්මන් තත්ත්වයට රට පත්කිරීම සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කිරීමක් සිදු කළේය.

‘නොහැක්කක් නොමැත’ යන ආදර්ශ පාඨය පෙරදැරීව යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා, ශ්‍රී ලංකාව කුඩා රටක් වන අප බදු මුදලින් වැටුප් ලබන්නන් වන අතර ආරක්‍ෂක කටයුතුවලදී පමණක් නොව, රට මුහුණදෙන ඕනෑම ජාතික ව්‍යසනයකදී අප සියලුදෙනා ආරක්‍ෂා කළ යුතුය. එයට අප බැදි සිටිනවා. ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා, ‘ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ 2020 සිට 2025 වර්ෂය දක්වා ඉදිරි මාවත සකස් කිරීම’ පිළිබඳ සඳහන් කරමින්, අනාගතයේදී ඕනෑම සිදුවීමකට මුහුණදිය හැකි වෘත්තීමය වශයෙන් දක්‍ෂ හා පූර්ණ ප්‍රතිඵලදායි සංවිධායක් ලෙස යුද්ධ හමුදාව පරිවර්තනය කිරීමේ අරමුණින් අතිගරු ජනාධිපතිතුමාගේ ආශිර්වාදය ඇතිව සන්නද්ධ හමුදාව නව සංවර්ධන යුගයක් කරා ගමන් කරනු ඇතැයි යුද්ධ හමුදාධිපතිතුමන් වැඩිදුරටත් ප්‍රකාශ කළේය. Nike shoes | New Releases Nike