Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

21st June 2020 14:49:09 Hours

වෛරසය ආසාදනය වූ කිසිදු පුද්ගලයෙකු අලුතින් වාර්තා නොවන බව කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි

අද (22) දින උදෑසන AI 281 දරණ මගී ගුවන් යානය මගින් පුද්ගලයින් 240 දෙනෙකු ඉන්දියාවේ මූම්බායි සිට පැමිණීමට නියමිතව ඇති අතර ඔවුන් සියලුදෙනා ත්‍රිවිධ හමුදාව විසින් පවත්වාගෙන යනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමු කිරීමට සියලු කටයුතු සුදානම් කර ඇති බව කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය අද (22) දින උදෑසන නිකුත් කළ මාධ්‍ය නිවේදනයක සඳහන් කර ඇත.

ඊයේ (21) දිනය තුළදී ද ත්‍රිවිධ හමුදාව විසින් පවත්වාගෙන යනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන තුළින් පුද්ගලයින් 523 දෙනෙකු නිරෝධායන ක්‍රියාවලිය අවසන් කර PCR පරික්‍ෂණ සිදුකිරීමෙන් අනතුරුව නිරෝධායන සහතිකපත් ලබා තම නිවෙස් වෙත පිටව ගොස් ඇත.

ඒ අනුව, අද (22) දිනය වනවිට ත්‍රිවිධ හමුදාව විසින් පවත්වාගෙන යනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන තුළින් පුද්ගලයින් 16,076 දෙනෙකු නිරෝධායන ක්‍රියාවලිය අවසන් කර තම නිවෙස් වෙත පිටව ගොස් ඇති අතර නිරෝධායන මධ්‍යස්ථාන 41 ක් තුළ පුද්ගලයින් 3,958 දෙනෙකු තවමත් නිරෝධායන කටයුතු වල නිරතව සිටියි.

අද (22) දින උදෑසන වනවිට කොවිඩ්-19 ආසාදිත කිසිදු පුද්ගලයෙකු වාර්ථා නොවූ අතර, පුද්ගලයන් 26 දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇත. ඉන් 22 දෙනෙකු විදේශයන්හි සිට පැමිණි පුද්ගලයන් වන අතර 04 දෙනෙකු නාවික හමුදාවේ විරෝදාර රණවිරුවන් ලෙස වාර්ථා වන බව එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් කර ඇත. latest Running | Nike Shoes, Sneakers & Accessories