Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

02nd June 2020 16:04:18 Hours

මේජර් ජෙනරාල් සෙනරත් බණ්ඩාර, නැගෙනහිර ආරක්‍ෂක සේනා ආඥාපති ලෙස රාජකාරී කටයුතු අරඹයි

වැලිකන්දේ පිහිටි නැගෙනහිර ආරක්‍ෂක සේනා මුලස්ථානයේ 19 වන ආඥාපති ලෙස මේජර් ජෙනරාල් සෙනරත් බණ්ඩාර ඉකුත් සඳුදා (01) දින ආගමික වතාවත් මධ්‍යයේ හමුදා සම්ප්‍රදායානුකූලව රාජකාරී කටයුතු ආරම්භ කරන ලදී.

එම ආරක්‍ෂක සේනා මුලස්ථානය වෙත සපැමිණි නව ආඥාපතිතුමන්, එම ආරක්‍ෂක සේනා මුලස්ථානයේ බ්‍රිගේඩියර් ප්‍රධාන මාණ්ඩලික නිලධාරී බ්‍රිගේඩියර් මනෝජ් ලමාහේවා විසින් ඉතා උණුසුම් අයුරින් පිළිගැනීමෙන් අනතුරුව 4 වන ගැමුණු හේවා බළඇණියේ භටපිරිස් විසින් හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු සම්මාන මුරයක් එතුමන් වෙත පිරිනමනු ලැබීය.

ඉන් අනතුරුව, මහා සංඝරත්නයේ සෙත්පිරිත් සඡ්ඣායනා මධ්‍යයේ නව ආඥාපතිතුමන් සිය කාර්යාලයේදී සංකේතාත්මක නිල ලේඛණයකට අත්සන් තබමින් නව ධූරයේ රාජකාරී කටයුතු භාරගැනීම සනිටුහන් කරන ලදී. පසුව, මෙම අවස්ථාව සංකේතවත් කරමින් නව ආඥාපතිතුමන් කඳවුරු පරිශ්‍රයේ පැළයක් ද රෝපණය කරනු ලැබීය.

ඉන් අනතුරුව, එතුමන් සියලුම භටපිරිස් අමතමින් කොවිඩ්-19 වෛරසය පැතිරීම වළක්වාගැනීම සඳහා නිසි සෞඛ්‍යාරක්‍ෂිත උපදෙස් පිළිපදින ලෙස සියලුදෙනාගෙන් ඉල්ලා සිටියේය. අභිමානවත් යුද්ධ හමුදා සොල්දාදුවන් ලෙස නිරන්තර පුහුණුව තුළින් පවරා ඇති රාජකාරි කැපවීමෙන් හා උනන්දුවෙන් ඉටු කරමින් ඔවුන්ගේ වෘත්තීය කුසලතා ප්‍රවර්ධනය කිරීමේ වැදගත්කම එතුමන් සිය දේශනයේදී පෙන්වා දුන්නේය. තවද, සෑම නිලයෙකුම විනය ඉහළ මට්ටමක පවත්වා ගැනීම තුළින් යුද්ධ හමුදාව ආරක්‍ෂා කිරීමේ අවශ්‍යතාව අවධාරණය කළ එතුමන් නැගෙනහිර ආරක්‍ෂක සේනා මූලස්ථානයේ රාජකාරි කාර්යක්‍ෂමව හා ඵලදායී ලෙස ඉටු කරන ලෙස සියලුදෙනාගෙන් ඉල්ලා සිටියේය.

මේජර් ජෙනරාල් සෙනරත් බණ්ඩාර නැගෙනහිර ආරක්‍ෂක සේනා ආඥාපති ලෙස පත්වීමට ප්‍රථම මධ්‍යම ආරක්‍ෂක සේනා මුලස්ථානය යටතේ ස්ථාපිත 11 වන සේනාංකයේ සේනාංකාධිපති ලෙස රාජකාරි කළේය. Sports News | Mens Flynit Trainers